
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා තලතා අතුකෝරළ මහත්මිය පත් කරනු ලැබ තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පාලිත රංගෙ බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු එජාප මහ ලේකම් ධුරය පුරප්පාඩුව පැවැතිණි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තලතා එජාප මහලේකම් ධුරයට
අරවින්ද මොනරවිල Friday, 03 January 2025 12:43 PM
සමහර විට නුවරඑළියේ තැපැල් කන්තෝරුවට වැඩිය ගානක් හොයා ගන්න පුළුවන් වෙයි.
NimalFriday, 03 January 2025 06:38 PM
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා පත්ව ඇති තලතා අතුකෝරළ මහත්මිය පක්ෂය ශක්තිමත් කිරීමට ඉදිරිපත් කරන්නා වූ විසඳුම් සහ පක්ෂය ශක්තිමත් කරන්නේ කෙසේද? පක්ෂයට නව මුහුණුවරක් ලබාදෙන්නේ කෙසේද? පක්ෂය තුළ සිදුවියයුතු වන්නේ මොනවාද? ඇමැතිවරුන් වශයෙන් සිටියදී දුෂණය අක්‍රමිකතාවයන් කළ මේ වනවිට චෝදනා ලද පිරිස් සහ සමාජ වලට ගොස් ගැටුම් ඇතිකර ගන්න පිරිස් පිළිබඳ ගන්නා වූ තීරණ මොනවාද යන්නත් පාක්ෂිකයින් බලාසිටියි...
රුවන් Friday, 03 January 2025 12:51 PM
වාසි පැත්තට හෝයියා, දැන් තලතා තලපත් වෙලාද?
Kapila Friday, 03 January 2025 01:52 PM
දැන් ඉතින් ගීතාට සජබේ මහා ලේකම් තනතුර දෙන්න වෙනවා. එසේ නොකළොත් භාණ්ඩ හුවමාරු ගිවිසුම කැඩෙනවා.
Banda Friday, 03 January 2025 02:15 PM
දැන් ඉතින් රංගේ මාමාට, රනිල්ගේ පැත්තට හැරිලා හොක්කි හොක්කි හූ කියලා දෙපාරක් කියලා සජිත් පැත්තට හැරිලා බක බක කියන්න පුළුවන්...!
රංගේ Friday, 03 January 2025 02:37 PM
මැරුණාමත් පක්ෂේ පාලනය කරයි වගේ... අයින් වුණා නම් පැත්තකට වෙලා ඉන්න බැරි හැටි... සාගල අකිල වජිරට බූදලේ හදන්න පුදුම ගේමක් දෙන්නේ...
Buddika Friday, 03 January 2025 03:04 PM
වැඩක් නෑ. unl එක ෆුල් ටයිම් දොයි. නැගිටින්නේ නැහැ. නැගිටින්නත් බෑ. වජිර, සාගල, අකිල, රවී වගේ අපත සෙට් එක මේ පක්ෂය විනාශ කළා..
ඇක්මන් පෙරේරාFriday, 03 January 2025 05:43 PM
ඔය කියන්නේ වර්තමානයේදී පක්ෂය විනාශ කිරීම් කටයුතු කළ අයනේ... 1977 එජාපය හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුව පිහිට වූ අවස්ථාවේ එයට පෙර බලයේ හිටපු අය පරම්පරාවෙන්ම එජාපයට දරදිය ඇද්ද අයට විරුද්ධව උගුල් ඇටවීම කළා... උදාහරණයකට ගතහොත් එජාප පාක්ෂිකයින් නමින් ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික කාඩ්පත් සකසා එජාප මන්ත්‍රීලාට ඉදිරිපත්කර ජවිපෙ පිට තියා එජාප මන්ත්‍රීගේ පිහිටෙන් එජාප සාමාජිකයින් විනාශ කළා... 1990-91 අතර කාලයේ නිකුත්වූ සඟරාවක (මනහර විය හැකිය) භීෂණ සමයේ මිනීමැරුම් කළ දේශපාලුවෙක් ගැන සඳහන්ව තිබුණා කියලා මතකයක් තියෙනවා. ලේඛණාගාරයෙන් එම සඟරා බලන්න පුළුවන් වේවි...!
ගුණරත්න Friday, 03 January 2025 03:28 PM
හොඳ දෙයක්, ඉස්සර ගාමිණී අතුකෝරළ මහත්තයා වගේ සේවය කරන්න ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා.