අයිස් සමග මාට්ටු වූ සැකකරුට ඒඩ්ස් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 41 හැවිරිගේ පුද්ගකුට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශමගින් කළ පරීක්ෂණයකදී අනාවරණය වූ බව පොලිසිය කියයි. 21 July 2024
බලංගලාදේශයේ සිටින ලාංකික සිසුන් ආරක්ෂිතයි බංගලාදේශයේ ඉගෙනුම ලබන සිසුන් ඔවුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල නේවාසිකාගාරයන්හි ආරක්ෂිතව සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නිලූක කදුරුගමුව මහතා ප්‍රකාශ කළේය. 21 July 2024
මහනුවර කතරගම දේවාලයේ කපු මහතාගේ නිවසේ ගින්නක් මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම මහල සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි . 21 July 2024
බංකොලොත් ව්‍යාපාර ගැන බලන්න නව පනතක් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 July 2024
වී ගෙට ගත් පසු මුං ඉපනැල්ලට යල කන්නයේ කුඹුරු වල වී අස්වනු නෙලීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයක් වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා ඇත. 21 July 2024
හවුති සටන් කාමීන්ට ඊශ්‍රායලයෙන් උත්තරයක් ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදා යේමන වරයාට එල්ල කළ ප්‍රහාරයෙන් තිදෙනකු මියගොස් තවත් 87 දෙනකු තුවාල ලබා ඇතැයි හවුති සටන්කාමීන් ප්‍රකාශ කළේය. 21 July 2024
දෙව්න්දර පෙරහරේ අලියෙක් කුලප්පුවෙයි දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික රන්දෝලි මහ පෙරහර වීඨී සංචාරය කරන අවස්ථාවේ දී අලියකු කුලප්පු වීමෙන් නරඹන්නන් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 21 July 2024
කතරගම පා සෝදනය විවෘත කරයි කතරගම මැණික් ගගේ ඉදිකළ ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 21 July 2024
හම්බන්තොට අක්කර 2000ක කීරි සම්බා වවනවා ලබන මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 2000ක කීරි සම්බා වගාව ව්‍යාප්ත කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 July 2024
සමිත්පුර කුඩු රොෂාන් ඝාතන සැලැස්ම වරදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමිත්පුර කුඩු රොෂාන් නැමැත්තා ඝාතනය කිරිම සදහා සූදානම් කළ බව කියන යතුරුපැදියක් සමඟ සැකකරුවන් දෙදෙනකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 21 July 2024
අතුරුගිරියේ වෙඩ්තැබිමට අනුබල දුන්නැයි කතක් අත්අඩංගුවට අතුරුගිරිය ටැටු මධ්‍යස්ථානය තුළදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් 21 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 21 July 2024
ගල්කිස්ස දුම්රිය පාරේ බෝම්බ දෙකක් ගල්කිස්ස දුම්රිය මාර්ගය අසල තිබී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ 2 ක් සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. 21 July 2024
ජාතික ආරක්ෂක අමාත්‍යංශ හිටපු අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පනවා තිබූ නඩු කටයුත්තකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් යටතේ ශ්‍රී ලංකාවට අද(21 ) පැමිණෙමින් සිටි අසංක අබේගුණසේකර මහතා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ . 21 July 2024
අනතුරු තුනකින් තිදෙනෙක් මිය යති අනුරාධපුර, කැකිරාව සහ වහමල්ගොල්ලෑව යන ප්‍රදේශවලදී සිදුවූ මාරක රිය අනතුරු තුනකින් කුඩා දැරියක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි. 21 July 2024
මැණික් සොයා මාඑළිය වනසලා කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි 11 දෙනකු නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර අත්අඩංගුවට ගෙන ඇත. 21 July 2024
හක්කපටස් පුපුරා කතක් රෝහලේ කුඹුරුපිටිය රක්ෂිතයේ දර කැඩීමට ගොස් හක්ක පටසක් යැයි නොදැන මවක් විසින් අහුලාගෙන ආ කුඩා පාර්සලයක් ලිහා බැලීමට යෑමේදී එය පුපුරා තුවාල ලැබූ කාන්තාවක් ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් වි ප්‍රතිකාර ලබන බව කොච්චවේලි පොලිසිය කියයි . 21 July 2024
පළාත් පාලන ඡන්දෙට සල්ලි දුන්න නම් රට වැටෙනවා ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අද වන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැලැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 July 2024
කංජිපානිගේ ගෝලයෝ තුනක් මාට්ටු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන කාන්තාවක් හා පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 21 July 2024
තැන් කීපයකට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 July 2024
මොලපු ඔයේ දරුවෙක් අතුරුදන් හික්කඩුව , තොටගුමව මොලපු ඔයේ දිය නෑමට ගිය දරුවන් තිදෙනකු දියවැලකට අසුව ඇති අතර ඉන් දරුවක් අතුරුදන්ව ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි. 21 July 2024
ගැමියන්ගේ දුක දැක වැවක් හදන යතිවරයාණෝ තම ගමේ දායකයන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා වැවක් හදන්නට පෙරමුණ ගත් නූතනයේ යතිවරයාන වහන්සේ නමක ගලෙන්බිදුණුවැව අලියාවැටුණුවැව පලුගොල්ලාගම ප්‍රදේශයෙන් අපට හමු විය. 20 July 2024
විදුලි රැහැනේ පැටලී කොහු ලොරියක් ගිනි ගනී කොහු තොගයක් රැගෙන එමින් තිබු විශාල ලොරියක් විදුලි රැහැනක පැටලීමේන් ගිනි ගැනිමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 20 July 2024
සජබ සන්ධානය ලබන සතියේ එළියට සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 20 July 2024
අතුරුදන් ධීවරයන් 6 ක් සොයා සෝදිසි මෙහෙයුම් හම්බන්තොට හා යාපනය ප්‍රදේශවලින් මසුන් මැරීම සඳහා මුහුදට ගොස් ඇති ධීවර යාත්‍රා දෙකක ධීවරයින් හය දෙනෙකු පිළිබඳව දින ගණනාවක් තිස්සේ කිසිදු තොරතුරක් හෝ පණිවුඩ හුවමාරුවක් නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි. 20 July 2024
නැතිවූූ දුරකථනය ස්විස් කතට යළිත් ලැබෙයි ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට පැමිණ රංගිරි දඹුලු රජමහා විහාරය නැරඹීමට පැමිණ ගලක් මත අමතක වී ගිය ජංගම දුරකථනය බස් රථ රියදුරෙකු විසින් ඇයට ලබාදීමේ සිද්දියක් අද (20) දින පස්වරුවේ වාර්තා විය. 20 July 2024
22 ජනපති ඡන්දයට බාධාවක් නෑ විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 20 July 2024
ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනි ගනියි පානදුර සිට නුවරඑලිය දක්වා ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි අද (20) දින උදැසන හදිසියේ ගිනි ගෙන ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. 20 July 2024
පොහොට්ටු අපෙක්ෂකයා ණය ගෙවිය හැකි කෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 20 July 2024
ජනපති අපේක්ෂකයන්ට තර්ජන ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත. 20 July 2024
අලි සබ්රි ඇප මත මුදා හරියි විවෘත වරෙන්තුවක් ලබා සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා අද දින පුත්තලම අධීකරණයට ඉදිරිපත් කිරිමේන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්දික තෙන්නකොන් මහතා නියෝග කළේය. 20 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025