
(නිමල කොඩිතුවක්කු)
මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා තරඟ සහ පාසල් ක්‍රිකට් තරඟ හේතුවෙන් දරුවන් අධික දූවිලි මට්ටම්වලට නිරාවරණය විය හැකි බැවින් ඔවුන්ගේ ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
වාතයේ පවතින අධික දූවිලි මට්ටම හේතුවෙන් ඇදුම රෝගයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවේ කැපීපෙනෙන වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
රෝහල් තුළ ඇදුම රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින්, විශේෂයෙන් රාත්‍රියේදී තම දරුවාට දිගින් දිගටම කැස්සක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මව්පියන් කටයුතු කළ යුතු බවත් ඔහු කීය.
පවතින අධික උණුසුම් තත්වය හේතුවෙන් පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරග පැවිත්වීම මෙන්ම ළමයින් අධික හිරු රශ්මියට නිරාවරණය වීම සම්බන්ධව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
ළමයින් දහවල් කාලයේදී වැඩි වේලාවක් අධික හිරු රශ්මියට නිරාවරණය වුවහොත් ඔවුන් තාප කම්පන තත්ත්වයන්ට මෙන්ම විජලන තත්ත්වයට පත්වන බවද ඔහු සඳහන් කළේය.
අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයට මෙන්ම සමටද ඉතා හානිදායක තත්ත්වයන් මතුවිය හැකි බවත් දීපාල් පෙරේරා මහතා කීය. දහඩිය බිබිලි, දද, කුෂ්ඨ වැනි සමේ රෝග මෙන්ම පාචනය වැනි රෝගී තත්වයන්ගේ වැඩි වීමක්ද ඇති විය හැකි බවත් ඔහු පැවසීය.
කුඩා දරුවන්ට තැඹිලි, කුරුම්බා, ජීවනී, දෙහි, දෙළුම්, වැනි පාන ඉතා සුදුසු බවත් දිනකට දෙපාර්ක් ස්නානය කිරීම හෝ විනාඩි 20ක් පමණ ජලයේ රැඳී සිටීමට ඉඩ හැරිය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාසල් දරුවන්ට ශ්වසන අබාධ ඇතිවීමේ අවදානමක්