ගින්නකින් අකුරැස්සේ විහාරස්ථානයක ඝංඝාවාසයක් විනාශවෙයි අකුරැස්ස ඓතිහාසික පොල්පිටිය බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම සංඝාවාසය ගිණිගෙන විනාශ වී ඇතැයි පොලීසිය කියයි. 23 July 2024
පඩි වැඩි කරන පනත පාර්ලිමේන්තුවට 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම චේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 July 2024
බඹරු පාසලක් වහයි බඹර කූඩුවකට උකුස්සන් කෙටීමෙන් පසු බඹරු ඇවිස්සී පාසල් දරුවකු හා දෙමාපියන් කිහිප දෙනෙකුට දෂ්ට කිරීමෙන් මඩිතිියවල ප්‍රාථමික විද්‍යාලය අද( 23) වසා පාසල් දරුවන් නිවෙස් වලට යැවීමට පියවර ගත්තේය. 23 July 2024
කොලඑළිය කණිෂ්ඨයට අලි ප්‍රහාරයක් පල්ලමඉහල කොලඑළිය කණීෂ්ඨ විද්‍යාලය අද( 23) අලුයම කඩා වැදුණු වල් අලි රංචුවක් එහි ආරක්ෂිත වැට කඩා වනසා තිබේ. 23 July 2024
වෝඩ් පෙදෙසේ ත්‍රිරෝද රියක කපා කොටා දැමු සිරුරක් තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් වෝඩ් පෙදෙස දන්ත රෝහල ඉදිරිපිට තිබියදී සොයා ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. 23 July 2024
කේ. සුජිවා රෝහලෙන් පිටව යයි අතුරුගිරිය ටැටූ ආයතනයේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේදී වෙඩි වැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 23 July 2024
කොටි සමයේ රන් හොයන්න ගිය ලුතිනන් එස් ටී එෆ් දැලේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේ වලදමා ඇති බවට සැකකරන අවි ආයුධ සහ රත්ත්රං සොයමින් සිටි බවට සැක කරන යුද හමුදා ලුතිනන්වරයකු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු තල්පාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 23 July 2024
බස්නාහිරට සබරගමුවට අදත් වැස්ස බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 July 2024
ඡන්දෙට බඩු ගන්න කොමිසම ලංසු කැඳවයි මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. 22 July 2024
ලෝක නායකයෝ විලාසිතා දැක්මක.... ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ දැවැන්තයන්ගේ රුව යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද විලාසිතා දැක්මක වීඩියෝවක් ටෙස්ලා සමාගමේ නිර්මාතෘවරයකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වන ඊලෝන් මසක් ඔහුගේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ලෝකයා සමග බෙදා හදා ගත්තේය. 22 July 2024
ළමයින්ට එන්නත් දෙන්න ජපානයෙන් තෑග්ගක් ශ්‍රී ලංකාව පුරා සිටින ළමයින්ට එන්නත් ලබාදීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා ජපාන රජයේ ආධාර මත සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ 9 ක් ප්රදානය කෙරිණ. 22 July 2024
ජනපතිවරණය ගැන ජනපතිගෙන් යළි සහතිකයක් අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතිකවී තිබේ. 22 July 2024
විසි දෙක 26 මැතිසබයට? විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 22 July 2024
අනුර කුමාර - ජපාන විදේශ අමාත්‍ය අතර හමුවක් මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුගේ යශැහීමී (TSUGE Yoshifumi )මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22) දින පස්වරුවේ සිදු විය. 22 July 2024
ටැටු දුලාන්ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජය ඇතුළු සැකකරුවන් හත් දෙනා සහ එම ඝාතනයට අනුබල දුන් බවට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකාරියක සමගින් අට දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (22) නි 22 July 2024
විසි දෙක ජනපතිවරණයට බලපෑමක් විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් නොකරන්නේ යැයි ඇතමුන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම සංශෝධනය හරහා ජනාධිපතිවරණයට දැඩි බලපෑමක් වන නිසා එම උත්සාහය අනිවාර්යෙන් පරාජය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 22 July 2024
ඉන්දීය සාගර කලාප රැකවරණයට ඕස්ට්‍රේලියා සහය ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය. 22 July 2024
කෘෂි පොලී රහිත ණය දෙන ගිවිසුමට අත්සන් කරයි කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාවලියට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී අද (22)සිදු විය. 22 July 2024
ඇමැති ජිවන්ට අධිකරණයෙන් නියෝගයක් කැලණි වැලි සමාගමේ පීඩෘ කර්මාන්ත ශාලාවට පසුගිය මැයි මස 30 වැනිදා බලහත්කාරයෙන් ඇතුළුවන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත මහතා අද නියෝග කළේය. 22 July 2024
බස් දෙකක නින්දගිය ලීසිං ලොක්කාගේ ලක්ෂ පහේ මාලය කඩාගෙන රථවාහන ලීසිං සමාගමක අනුරාධපුර ශාඛාවේ විධායක නිලධාරියකු සිය නිවෙස බලා ගමන් කරද්දී බස් රථ දෙකකදීම නින්ද ගොස් යළි තවත් බස් රථයක් බලාපොරොත්තුවෙන් පාළු පෙදෙසක බස් නැවතුමක සිටියදී කොල්ලකරුවන් දෙදෙනකු පැමිණ ඔහුගේ ලක්ෂ 5ක් පමණ වටිනා රන් දම්වැල පැහැර ගෙන යාමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවේ. 22 July 2024
ධර්මාචාර්ය ගුරු සංගමය විරෝධතාවක ආගමික ගුරුවරු බදවාගැනිමෙදී වසර 5ක් කාලයක සිට සිදුවු අයුක්තියට වහා සදාරණය ඉටුකරදෙන ලෙස බලකරමින් ධර්මාචාර්ය ගුරු සංගමය බත්තරමුල්ල අධ්‍යාපන අමත්‍යංශය ඉදිරිපිට අද (22) නිහඩ විරෝධතාවයක් පැවැත්විය. 22 July 2024
කසල අංගනයට විරෝධයක් කුණ්ඩසාල ප්‍රාදේශිය සභාව මඟින් මහනුවර, දිගන අලුත්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය හේතුවෙන් හුස්ම ගැනීමේ හා ජීවත්වීමේ අයිතියද අහිමිකර ඇතැයි පවසමින් අලුත්වත්ත ප්‍රදේශයේ ජනතාව එම කසළ අංගනය ඉඳිරිපිටදී අද 22 දා උදෑසන විරෝධතාවයක නිරතවූහ. 22 July 2024
පොලිස් කොස්තාපල්ට මරණය ගෙනා ව්‍යාපාරිකයා පෝරකයට හබරන පොලිස් ස්ථානය ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක සිටි පොලිස් කොස්තපල්වරයකු වෑන් රථයක හප්පා මරා දැමූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර ව්‍යාපාරිකයකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා චූදිතයාට මරණීය දණ්ඩනය නියම කළේය. 22 July 2024
ජනපතිවරණයට තැපෑල සූදානම් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. 22 July 2024
පොහොර සමාගම්වලට පොලු තබා තිබූ මිලියන 29000ක් ගෙවයි වසර ගණනාවක් පොහොර මිල දී ගැනීම වෙනුවෙන් පෞද්ගලික පොහොර සමාගම් වලට නොගෙවා තිබු රුපියල් මිලියන 29000ක හිඟ ණය මුදල් සියල්ල රජය විසින් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 July 2024
සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් පොලිස් නිලධාරීන් හා පොලිසියේ සම්පත් මැතිවරණ ප්රචාරක ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කළේය. 22 July 2024
තේ කොප්පවලට දමා කසිප්පු අලෙවි කළ හෝටල් හිමියා මාට්ටු මහනුවර මධ්‍යම වෙළඳ පොළ තුළ පවත්වාගෙන යන හෝටලයක තේ සහ සිසිල් බීම අලෙවි කරන මුවාවෙන් කසිප්පු අලෙවි කරමින් සිටියදී එම හෝටලයේ හිමිකරු සමඟ සේවකයෙකු කසිප්පු බෝතල් 08ක් සමග මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 22 July 2024
ජනපතිගෙන් විදෙස් රැකියා ආයතනවලට පොරොන්දුවක් මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් සංචාරක අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 July 2024
රේගු පරිපාලන නිලධාරියාට පොලිස් ප්‍රහාරයක් කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව රෝහල් ගතව ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය . 22 July 2024
සීගිරිය වනසන දේශපාලන කෙරුමෝ කවුද? සීගිරිය වන රක්ෂිතයේ ඇතැම් දේශපාලනඥයන් වරින් වර පුද්ගලයන් පදිංචි කරවීමෙන් එම රක්ෂිතයට හානි සිදුවෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවී ඇත. 22 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025