
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලු අමාත්‍යාංශවල කටයුතු සොයා බැලීමට දසවැනි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම කාරක සභාව හතෙන් තුනක සභාපති ධුර විපක්ෂයටත් හතරක සභාපති ධුර ආණ්ඩු පක්ෂයටත් ලබාදීමට එහිදී එකඟත්වය පළවී ඇත.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත.
ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාලෝචනය කිරීමට පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත මෙම ආංශික අධීක්ෂණ කාරක සභා 7 පිහිටවනු ලැබේ
තවද ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්වරුන් කර ඇති ඉල්ලීමටද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් ඇතුලත්මුලි වරක් පැවසුවේ තමාට නිල නාමයක් පමණක් ඇති නමුත් අමාත්‍යවරයෙකු ලෙස අධිකාරියක් නොමැති බවයි. ඒ හා සමානව, මෙම පාර්ලිමේන්තු කමිටුවට දත් නොමැති නම්, එය බුරනවා පමණක් කළ හැකි නමුත් හපන්නේ නැත. එබැවින් කිසිවෙකු ගණන් ගන්නේ නැත. CORP හි අපි කුමන ආකාරයේ ටෙලිනාට්‍යයක් කරනවාදැයි බලන්න...