
(සුමිත් පොතුපිටිය )
කලුතර නගර මධ්‍යයේ පිහිටී පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන් බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දරුවන් ඊයේ (03) ආහාරය ලබාගැනීමට සූදානම් වීමේදී එක් දරුවෙකු පනුවන් දැක ආහාර බෙදාදීම සදහා නම්කර සිටී මවකට දැනුම් දීමෙන් පසු පංති භාර ගුරුතුමිය දැනුවත් කර විදුහල්පති වරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව දෙමාපියන් පවසති.
දරුවන් ඒ අනුව මාළු කෑලි බත් පාර්සල් වලින් ඉවත්කර අනෙක් එළවලු සමග බත් ආහාරයට ගෙන ඇති බවද වාර්තාවේ. මේ අනුව ආහාර සැපයුම් කරුගේ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයිද සදහන් වේ. අද සෞඛ්‍ය අංශ පාසලට ගොස් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවද පාසලේ ප්‍රකාශකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
478
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලුතර පාසලක දරුවන්ට දුන් උදේ ආහාර වෙිලේ පණුවන් ඉදලා
Perera Tuesday, 04 March 2025 11:54 AM
අද මස් මාලු වල ගණන් වල හැටියට ප්‍රෝටීන වලට පණුවෝ දෙතුන් දෙනෙක් දාන්න හිතෙන්න ඇති
B A A IddamalgodaTuesday, 04 March 2025 02:09 PM
දරුවො මාලු අයින්කර කාල ඉවරයි අපූරු ඉස්කෝලයක් කියන්න පුලුවන් මහජන පරීක්ෂකවරු මහත්වරු ඉස්කෝලෙ යනකොට මාලුකෑලි වල කොහොමත් පනුවො ඇතිවේවි ශාක්ෂියක් හරියට ඔප්පු කරන්න බැරුව සැපයුම්කරු නිදොස්කොට නිදහස් වේවි කවුද දන්නෙ නැහැ විදුහල්පති.
ගුණරත්න Wednesday, 05 March 2025 08:16 AM
කලින් ආණ්ඩුව කාලේ ඔහොම දෙයක් වුණා නම් දැන් ඉන්න ඇමැත්තෝ පොළවේ හැපී කැට උල්කරගෙන ඇමැතියන්ට බනීවී ඇමැතියෝ කොන්ත්‍රාත් වලින් අච්චර කොමිස් ගන්නවා අච්චර පාගා ගන්නවා ආදී වශයෙන්.