කරවල මුදලාලි කට පුංචාගෙන් බේරෙයි දෙවිනුවර තල්පාවිල ප්‍රදේශයේ නිවසකින් කරවල මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනොකු එම නිවස හිමි ව්‍යාපාරිකයාට ඊයේ රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වී ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 13 January 2025
කථක් නර්තනාචාරිණියට ඉන්දියාවේ දී සම්මානයක් ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හි පැවති 6 වැනි සිගිඩී තරුණ හා විශිෂ්ටයන්ගේ සම්මාන උළෙලේදී මෙරට ප්‍රවීණ කථක් නර්තනාචාරිණියක වන ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් වෙරෝනිකා දසනායක මහත්මිය නර්තනය වෙනුවෙන් සිගිඩී තරුණ හා විශිෂ්ට සම්මානය හිමිකර ගැනීමට සමත් වූවාය. 13 January 2025
වන අලි පහරින් අයෙක් මරුට වන අලියෙකු පහර දීම නිසා මින්නේරිය රජඇල මහසෙන් මාවත පදිංචි පුද්ගලයකු ඊයේ (12) රාත්‍රී මරුමුවට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි. 13 January 2025
ගම්පොළින් පැහැරගත් සිසුවිය අම්පාරෙන් අල්ලයි ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී පැහැරගත් 18 හැවිරිදි පාසල් සිසුවිය අම්පාර ප්‍රදේශයේ බස නැවතුමක සිටියදී පැහැරගත් සැකකරු ද සමග පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි. 13 January 2025
යතුරුපැදි කොටස් කර විකිණිමේ ජාවාරමක් යතුරු පැදි සොරකම් කර ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවු ස්ථානයක් වටලා කැබලි කර තිබු යතුරු පැදියක් සමග සැකකරුවෙකු පුත්තලම මූලස්ථාන පොලිසිය අඩංගුවට ගෙන තිබුණි. 13 January 2025
ආනයනකරුවෙකු නොමැති කහ කුඩු පිටකොටුවෙන් හමුවෙයි ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන කහ කුඩු කිලෝ එකේ පැකට් 55 ක් අලෙවි කිරීමට සුදානම් කර තිබියදී පිටකොටුව වෙළඳ සැලකින් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 13 January 2025
තහනම් දුම්වැටි සමඟ ගුවන්තොටේදී කතක් ඇතුළු තිදෙනකු මාට්ටු රුපියල් හතලිස් පන් ලක්ෂ අසූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අද(13 ) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ . 13 January 2025
මුදල් බලෙන් ලබාගත් පොලිසියේ දෙන්නෙකුගේ වැඩ තහනම් බලපත්‍ර සහිතව සතුන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් නවතා සත්ත්ව හිංසාව යටතේ නඩු පවතින බවට බියගන්වා රුපියල් එකොළොස් දහසක මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් සැරයන් දෙදෙනෙක් සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 13 January 2025
පළාත් කිහිපයකට අදත් වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත්පොළොන්නරුව,මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 January 2025
කැලණි පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන දුරුතු මහා පූජෝත්සවයේ අවසන් රන්දෝලි මහා පෙරහර අද රාත්‍රී වීදි සංචාරය කළේය. 12 January 2025
හෝමාගම මුහුණු පොත සාදයක් වටලයි හෝමාගම මාගම්මන සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම මත ලබාගෙන මුහුණු පොත හරහා සංවිධානය කර මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ තරුණයන් හය දෙනකු අද අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 12 January 2025
තෛපොංගල් උත්සවයට හින්දු රැඳවියන්ට අමුත්තන් පෙන්වයි ‘තෛපොංගල්’ උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් අනිද්දා (14) හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 12 January 2025
ඉන්ධන බද්ද වෙනස් නොවේ ඉන්ධන සඳහා මෙතෙක් අය කළ බදු සංශෝධනය නොකර පැවැති මට්ටමේම පවත්වාගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 12 January 2025
බෝ නොවන රෝග වලින් වැලකෙන්න ප්‍රසංග තියලා පසුගිය රජයේ Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදු කර ඇති නමුත්, ප්‍රසංග පවත්වා නොමැති බව විගණන විමසුමකදී හෙළි වී යැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. 12 January 2025
මැතිසැබේ හිංසන හොයන්න පිටින් කමිටුවක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අධිකරණ ක්ෂේත්රයේ පිරිසකගෙන් සමන්විත බාහිර විමර්ශන කණ්ඩායමකට පැවරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත. 12 January 2025
බසයෙන් පැන්න සැකකරු වසර 15කට පසු අල්ලයි මැගසින් බන්ධනාගාරයේ සිට කැස්බෑව අධිකරණය වෙත රැගෙන එමින් සිටියදී බස් රථයේ තට්ටුවේ යකඩ තහඩුවක් ගලවා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් කිලෝමීටර් 6 පමණ දුරක් යකඩ රාමුවේ එල්ලී පැමිණ කැස්බෑව අධිකරණය ආසන්නයේදී බස් රථය යටින් මහ මඟට පැන පලා ගිය රිමාන්ඩ් සිරකරු වසර 15කට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 12 January 2025
මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත සහ විනිවිදභාවයෙන් යුතු ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ නව ටෙන්ඩරයක් කැඳවන ලෙස මෙරට විශාලතම ඉදිකිරීම් සමාගම් පහක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා ඇත. 12 January 2025
බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කොට්ඨාසය සී.අයි.ඩි යටතට බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා 2015 යහපාලන රජය සමයේ පිහිටුවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විසුරුවා හරින ලද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන එමින් නැවත වතාවක් පණ දීමට නියමිතය. 12 January 2025
අපුරේ මහ වැව් 9ක් වාන් දමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු ජයන්ත ඩි සිල්වා මහතා පවසයි. 12 January 2025
දුම්රිය මහා අනතුරක් අනූ නවයෙන් බේරෙයි උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනිමින් සිදු වීමට ගිය විශාල දුම්රිය අනතුරක් රාජකාරියේ නිරතව සිටි දුම්රිය සංචාරක මුරකරුවකු වහා ක්‍රියාත්මක වී වළකා ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 12 January 2025
ජිමී කාටර්ට සමු දෙන්න හිටපු ජනපතිවරු පහක් එති ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජිමී කාර්ටගේ අවමංගල්‍ය උත්සවයට දැනට ජීවතුන් අතර සිටින ඇමෙරිකානු ජනාධිපතිවරුන් පස් දෙනාම සහභාගී වීම සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතා බහට ලක්විය. 12 January 2025
දහ අට හැවිරිදි පාසල් දැරියක වෑන් රියකින් පැහැරගෙන රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුවර දවුලගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 12 January 2025
පොලොන්නරුවේ මුහුණු පොත සාදයක් වටලයි පොළොන්නරුව බැඳි වැව ප්‍රදේශයේ පුද්ගලික සංචාරක හෝටලයක 11 වැනිදා රාත්‍රියේ පැවති ෆේස්බුක් සාදයක නීති විරෝධීව රැගෙන විත් තිබූ දේශීය සහ විදේශීය මත්පැන් බෝතල් 45, කොකේන් මිලිග්‍රෑම් 550, ගංජා මිලි ග්‍රෑම් 11250 සමග සැකකරුවෝ දහයක් පොළොන්නරුව සුරාබදු නිලධාරීන් සහ අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ලැබූහ. 12 January 2025
එක්ව වැඩ කර ජය ගමු පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළාත් පාලන නියෝජිත පිරිසක් හමුවේ පැවසීය. 12 January 2025
හොරෙන් ලයිසන් හැදූ තිදෙනෙක් මාට්ටු රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි කිරීම සහතික, සහ තවත් වටිනා සහතික පත් සකස් කර දෙන බවට පවසා මුදල් ලබාගෙන කූට ලෙස සකස් කරන ලද බලපත්‍ර සහ සහතික පත් තොගයක් ඇතුළු තවත් උපකර රැසක් සමඟ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි. 12 January 2025
රිය අනතුරින් හමුදා නිලධාරීන් තිදෙනකු රෝහලේ කොළඹ වරාය නගරයේ ගුවන් පාලම ආසන්නයේදී යුද හමුදාපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් මර්ගයේ මැද සවිකර තිබූ විදුලි පහන් කණුවක ගැටී රියැදුරු ඇතුළු හමුදා නිලධාරීන් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වරාය පොලිසිය පවසයි. 12 January 2025
ඇමෙරිකාවේ ගින්නෙන් මේ වන විට ඩොලර් බිලියන 150ක පාඩුවක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද අද(12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 12 January 2025
රට වටේ රන්මාල කැඩූ ගේම්කාරයෙක්ට වැඩවරදී මෝදර, මීගමුව, කිරිබත්ගොඩ, පුත්තලම, මුන්දලම, කුලියාපිටිය, වෙන්නපුව, පෑලියගොඩ සහ ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක රන්මාල කොල්ලකෑ සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය පවසයි. 12 January 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026