ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු ඇඟවෙයි රික්ටර් පරිමානයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නිරිතදිග ජපානය කැලැඹිණි. 14 January 2025
ඇමෙරිකාව සමඟ ගැටෙන්න සූදානම් නෑ ඇමෙරිකාව සමඟ හෝ ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හෝ ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින බවත්, ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ් පවසා ඇත. 14 January 2025
ලොස් ඇන්ජලීස් ගොඩ නගන්න බිලියන ගණනක් වැයවේවි සතියකට වැඩි කාලයක් තිස්සේ ළැව් ගිනිවලින් බැටකන ලොස් ඇන්ජලීස් නුවර, යළි ගොඩනැගීමට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 14 January 2025
තැනින් තැනට ගිගුරුම් සහිත වැසි උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 January 2025
වැඩ බලන අමාත්‍යවරු 5ක් පත් කරයි චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 5ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. 14 January 2025
අයිස් සමග අයෙක් මාට්ටු අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් පුද්ගලයකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 14 January 2025
මධ්‍යම අධිවේගයේ කෝටි 234ක් වතුරේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ ව්‍යාපෘති හතර කොටස සඳහා රුපියල් කෝටි 234 ක පමණ මුදලක් වැය කිරීමෙන් පසුව ඉදිකිරීම අතහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 14 January 2025
ආචාර්ය හුටපටය: සභාලේඛන ලොක්කා හෙට සීඅයිඩියට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (15) පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජයලත් පෙරේරා මහතාට දැනුම්දී ඇත. 14 January 2025
මැතිසබේ ලොක්කෙක් ඇමැති කාමරයක පදිංචි වෙලා පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව වාර්තාවේ. 13 January 2025
අයිස් කිලෝ 4ක් සමඟ අයෙක් අත්අඩංගුවට අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් පුද්ගලයෙකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි 13 January 2025
ජනපති චීනය බලා පිටත්ව යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව් දින නිල සංචාරයක් සදහා චීනය බලා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (13) දින රාත්‍රී පිටත්ව ගියේය . 13 January 2025
තල් ලොක්කාගේ ‘ගින්න’ අතේ පත්තු වෙයි තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ අැති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු රැසක් යාපනයට ගෙන ගොස් පුළුස්සා දැමීමේ සූදානමක් වාර්තාවීමෙන් පසු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිලධාරින් කණ්ඩායමක් වහාම එහි පැමිණ එම උත්සාහය වළක්වා ඇත. 13 January 2025
’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල සහය ’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසිමේ වැඩසටහනක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැත්විණි. 13 January 2025
ලොස් ඇන්ජලිස් ළැව් ගින්නේ අලුත්ම තත්වය ලොස් ඇන්ජලිස් ළැව් ගිනිවලින් මියගිය ගණන 24 දක්වා ඉහළ යද්දී සුපිරි ධනවතුන් ටින්සල් ටවුන්හි සුපිරි ධනවතුන් ඔවුන්ගේ මිලියන ගණනක් වටිනා නිවාස සහ සුපිරි දේපළ ආරක්ෂා කර ගැනීමට පැයට ඩොලර් 2000 ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6 කට ආසන්න මුදලක්) පමණ ගෙවා පුද්ගලික ගිනි නිවන භටයන්ගේ සේවය ලබාගෙන ළැව් ගිනි සිය දේපළ වලට ව්‍යාප්තවීම අඩපණ කිරීම සඳහා රෝස පැහැති ද්‍රාවණයක් ඉසීම බොහෝ දෙනාගේ කෝපයට හේතුවී ඇත. 13 January 2025
දමිළ ජනයා ‘අස්වැන්න නෙලීමේ උත්සවය' සැමරීමට සූදානම් වෙති තෛපොංගල් උත්සවය හෙට (14) පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට හින්දු බැතිමතුන් බොහෝමයක් පිටකොටුවට අද(13) පෙරවරුවේ පැමිණ සිටියහ. 13 January 2025
වත්තේගම මාළු ව්‍යාපාරිකයාගේ ඝාතනයට 3ක් සැකපිට මහත් ආන්දෝලනයකට තුඩුදුන් වත්තේගම මාළු අලෙවි ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අද (13) අත්අඩංගුවට ගෙන තිබේ. 13 January 2025
ජලාශ 36ක් වාන්මට්ටමට පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රාජාංගනය, යෝධවැව, කවුඩුල්ල, නාච්චිදූව, වීරවිල, යෝධවැව, මහකණදරාව, ඇතුලු ප්‍රධාන ජලාශ 36 ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 13 January 2025
ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් විෂයෙහි ඉටු කරන්නට නියමිත සාම්ප්‍රදායික සිරිත් සම්මත සතර මහා මංගල්‍යයන් අතුරෙන් වසරේ ප්‍රථම මංගල්‍යය වන අලුත් සහල් මංගල්‍යය දුරුතු පොහෝ දින අද(13) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණි. 13 January 2025
දකුණු පළාත් ආණ්ඩුකාරත් වැඩේට බහී ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ සටහනට සමගාමීව ගාල්ලේ කිලෝ මීටර් 76 දික වෙළෙ පිරිසිදු කිරීම ආරම්භ කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද ප්රමුණ රජයේ නිලධාරිහු එම කටයුතුත්තට සහභාගී වූහ. 13 January 2025
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131වන සභාපති පදවි ප්රාප්ති උත්සවය පසුගියදා (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. 13 January 2025
කසිප්පු අල්ලන්න ඔරුවෙන් ගිය පොලිසියේ 4ක් වැවට වැටෙයි නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබද විමර්ශනය කිරීම සදහා ධීවරයකුට අයත් ඔරුවකින් අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය අම්පාර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු හතර දෙනෙක් ඔරුව පෙරැළී වතුරට වැටීමෙන් ස්ථානාධිපතිවරයා සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් හා උණ්ඩ 10 ක් අඩංගු මැගසිනයක් වැවට වැටී ඇති බව අම්පාර පොලිසිය පවසයි. 13 January 2025
දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංගල් සුබපැතුම් පණිවිඩයෙන් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි. 13 January 2025
ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගන්න යයි ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කීපවතාවක්ම ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය. 13 January 2025
කුම්බමේලා සමරන්න ඉන්දියාව සුදානම් ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ආගමික උත්සවය අභ්‍යවකාශයට පවා පෙනෙන බව මාධ්‍ය වාර්තා පවසයි. 13 January 2025
‘එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංයක්‘ එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් කියාපාන්නක් බවත් මූලික අවදියේ සිට අස්වනු නෙලීම දක්වා වූ කෘෂිකාර්මික කටයුතුවලට හිරු දෙවියන්ගෙන් ඇතුළු සොබාදහමින් ලද ශක්තිය වෙනුවෙන් පෙරලා සොබාදහමට කෘතගුණ දැක්වීම මේ මංගල්‍යයේ මූලික අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නීය. 13 January 2025
අසාදු ලේඛන ඖෂධ චෝදනාව ගැන පරීක්ෂණයක් කරනවා අසාදු ලේඛණගත සමාගමකින් ඖෂධ ආනයනය කිරීමට සූදානම් වන්නේ යැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (13) පැවසීය. 13 January 2025
ජනපති අද චීනයට සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. 13 January 2025
රන් මාල කැඩු හිටපු පී සී ඇතුලු තුනක් මාට්ටු මහ මග ගමන් ගන්නා ජනතාවගේ ගෙල බැද තිබූ රත්රන් මාල කැඩීමේ නිරතව සිටි හිටපු කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනකු කොල්ල කා විකුණා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගයක් සමගින් අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 13 January 2025
ලොස් ඇන්ජලීස් ළැවි ගිනි 24 ක් බිලි ගනී ලොස් ඇන්ජලීස් ළැව් ගිනි තව දුරටත් දරුණු වෙමින් පවතින බවත්, මේවනවිට ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. ළැව් ගිනිවලට හසුවී අතුරුදන් වූවන් ගණන 13 කි. 13 January 2025
දුමින්ද සිල්වා යළි බන්ධනාගාර රෝහලට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඩුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බබන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 13 January 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026