IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වැස්සෙන් පොළොන්නරුවේ වී වගාවට හානි

(නිමල් ජයරත්න )

පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීමෙන් සහ වර්ෂාවට අරලගංවිල 503 කලාපය ඇතුළු යාය 06, යාය 05, යන ප්‍රදේශවල නෙළීමට ආසන්නයේ තිබු කුඹුරු අක්කර දෙදහකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී  විනාශ වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව මහවැලි බි කලාපයේ 503 ප්‍රදේශයේ ගොවීහු සඳහන් කරති.

තව සතියකින් නෙලීමට ආසන්නයේ පැවැති කුඹුරු මෙලෙස ජලයෙන් යට වී තිබෙන අතර, පසුගිය දෙසැම්බර් මාසයේ ගංවතුරට යට වීමෙන් පසු, නැවත වරක් දෙවැනි වරට වගා කරන ලද කුඹුරු බිම්ද ජලයෙන් යට වී දැඩි ලෙස හානි සිදු වී ඇති බව ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙති.

මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීම හේතුවෙන් තම කුඹුරු බිම් මෙලෙස විනාශ වී තිබෙන අතර මෙවර අක්කර දෙක හමාරකින් වී කිලෝ දෙදහක්වත් ලබාගැනීමට නොහැකි මට්ටමක් පවතින බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමන්ට යම් සහනදායී වැඩපිළිවෙළක් සිදුකරන ලෙස මහවැලි බි කලාපයේ පන්සියතුන ප්‍රදේශයේ ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.



අදහස් (1)

වැස්සෙන් පොළොන්නරුවේ වී වගාවට හානි

Kumara Sunday, 02 March 2025 04:36 PM

මේ මහත්තුරු වී ටික දුන්නේ ඩඩ්ලිටනේ... ආණ්ඩුවට බැන බැන. දැන් අපේ බදු මුදලින් මේ අයට වන්දි දෙමු..

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site