වත්කම් පෙන්වීම මගහැරි මන්ත්‍රී තිහකට අල්ලසෙන් අවවාද ලිපි වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවවාදාත්මක ලිපි යොමු කර ඇතැයි වාර්තාවේ. 20 July 2024
ලුණුගලගම රක්ෂිතයේ ගින්නක් ලුණුගලගම කන්ද රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නකින් අක්කර 30ක පමණ භූමි ප්‍රමාණයක් මුලුමනින්ම විනාශවී ගොස් අධිබලැති වෝල්ට් 33000ක විදුලි කණු දෙකක් ගින්නෙන් පිළිස්සී විනාශ වී ගොස් ලුණුගලගම ගම්මානය අවට ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිට ඇතැයි ලුණුගල පොලිසිය අද (20) පැවසීය . 20 July 2024
මුදල් කමිටු වාර්තාවට මන්ත්‍රී 16කගේ කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට භාරදී ඇත. 20 July 2024
අනුර ජපානෙට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගියේය. 20 July 2024
අසිරිමත් ඇසළ පොහොය අදයි ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙන සිදුවීම් රැසක් පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන්වේ. 20 July 2024
ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක් විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා සද්භාවයෙන් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය. 20 July 2024
ප්‍රා.මන්ත්‍රීගේ පුතා වනජීවී වතුර මෝටරයට විදලා මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලිසිය කියයි. 19 July 2024
ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අතර උණුසුම් තත්වයක ඇති විය. 19 July 2024
ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය. 19 July 2024
බසයක් පෙරළී 52ක් රෝහලේ යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් වන්දනාකරුවන් 52 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව මුතූර පොලිසිය පවසයි. 19 July 2024
බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. 19 July 2024
විසි දෙක ගැසට්ටුව පිටවේ විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. 19 July 2024
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක් ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි. 19 July 2024
අල්ලස් ගත්තැයි කියූ අයි.පීට - පී.සීට ඇප රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (19)නියෝග කළේය. 19 July 2024
මහනුවර දුම්රියේ නැරඹුම් මැදිරිය ගලවලා කොළඹ කොටුව සිට මහනුවර බලා හෙට (20) පෙරවරුවේ ධාවනය කරන නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය ඉවත් කිරීමට අතිරේක සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් බවත්කර ඇති බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. 19 July 2024
අ'පුරට භූ කම්පනයක් අනුරාධපුර නගරයේ, අභය පෙදෙසේ පිහිටි නගර සභා නිවාස කිහිපයකට අද (19) ගිගුරුම් සහිත ශබ්දයක් සමඟ භූ චලනයක් ඇති වූ බව ප්‍රදේශවාසින් පවසයි. 19 July 2024
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ සල්ලි අධ්‍යාපනයට-සෞඛ්‍යයට පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 July 2024
හල්දුම්මුල්ල පයිනස් වගාවක ගින්නක් හල්දුම්මුල්ල නගරයට ආසන්න පයිනස් වගාවක අද (19)දහවල් සිට පැතිර යමින් පවතින හදිසි ගින්නකින් මේ වනවිටත් අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි . 19 July 2024
කටාර් රාජ්‍යයෙන් කෝටි 12ක ඖෂධ ශ්‍රී ලංකාවේ කටාර් පුණ්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ රජයේ රෝහල්වලට හෘද සහ ස්වසන රෝගවලට අවශ්‍ය රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් පසුගියදා ප්රදානය කළේය. 19 July 2024
ලොව පුරා තාක්ෂණික බිද වැටීම් ලොව පුරා ගුවන් සේවා සහ බැංකු ඇතුලු ප්‍රධාන පෙළේ ක්ෂේත්රවලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ බිඳ වැටීම් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 19 July 2024
ට්‍රම්ප් මිණිපිරියත් මැතිවරණ වේදිකාවේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනයේදී, ට්‍රම්ප්ගේ මිනිපිරිය කායි මැඩිසන් ට්‍රම්ප් ද වේදිකාවට පැමිණි, ට්‍රම්ප් පිළිබඳ ගුණ කථනයක් පැවැත්වීය. 19 July 2024
ආයෝජන අරඹන්න විදෙස් ව්‍යවසායකයින්ට ආරාධනා යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 July 2024
ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් කරනවා ශ්‍රී ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගැනීමට සූදානම් යැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය 19 July 2024
‘අග්බෝ‘ගේ ඇසට කැටපොලයකින් විද්ද අයෙක් අත්අඩංගුවට තිරප්පනේ,උලගල්ල වන්නම්මඩුව අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටින ’අග්බෝ’ හස්තියාගේ ඇසට කැට පෝලයකින් විද හිංසා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලිසිය පවසයි. 19 July 2024
අල්ලස්ගත් සැරයන්ගේ වැඩ තහනම් කින්නියා ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ලබාගනිද්දී අතඅඩංගුවට ගත් වාන් ඇළ පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 19 July 2024
පේරාදෙණියට නව උප කුලපතිවරයෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. මධුජිත් මහතා පත් කර තිබේ. 19 July 2024
පාස්පෝට් කාර්යාලයේ උණුසුම් තත්වයක් විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමවේදය අද (19) සිට නැවත ආරම්භ කිරීමත් සමඟ බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය. 19 July 2024
සහල් මිල පහළට? කර්මාන්ත අංශයේ විදුලි ගාස්තු සියයට 25කින් පහළ දැමීමට සාපේක්ෂව සහල් මිල අඩු කිරීමට බලාපොරෙත්තු වන බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවසීය. 19 July 2024
හිගුරක්ගොඩ ගුවන්තොටුපලේ ඉදිකිරීම් අරඹයි ශ්‍රී ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ආරම්භ කළේ. 19 July 2024
රියදුරුට නින්ද ගිහින් රිය උඩුකුරුව පෙරැළෙයි කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට පොලිස් වසමට අයත් පුස්සැල්ල ප්‍රදේශයේ අද(19) මෝටර් රියක් මාර්ගය හරහා පෙරැළි අනතුරට ලක්විය. 19 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025