
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාධ්‍යවේදී කීත් නොයර් මහතා වෑන් රථයකින්පැහැරගෙන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නව ගත්තේගම සහ ඇලයා පත්තුව පොලිස් වසමේ පදිංචි යුද හමුදා බුද්ධිය අංශයට අනුක්ත විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකු බව පොලිසිය කියයි. ඔවුන් වයස 42-46අතර පසුවන්නන්ය.
2008 වසරේ මැයි මස 22 වෙනිදින කිත් නොයර් මහතාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදීම සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් හැටියට කීත් නොයාර්ට පහර දුන් එක සාධාරණද කියලා අවන්කව හිතන්න. රට නිදහස් කරගන්න එකට මෙයාලා කලේ මොකක්ද හොයන්න...
නෙදකින් විතරක්. කොටින්වයි, බටහිරයි සතුටු කරන්න පුදුම විදියට මහන්සි වෙනවා
නියමයි, දැන් තියෙන්නේ අලගිය, වැලගිය තැන් ටික හොයාගන්න එක විතරයි.
අසරණ මනුස්සයාට පහරදීම යුක්තිය කොතරම් ප්‍රමාදද? වගකිය යුත්තේ පන්සල් ගිය දේශපාලකයෝ. බුදුන්, සඟුන් වැන්දේ මංකොල්ලකාර හොර හිත් ඇති...පන්සලේ පෝයට සිල් ගත්ත අයට දේශනා විතරයි කළේ. මේ රට වැටුණේ හොරු, කම්බ හොරු වර්ණනා කළ නිසා.
යුක්තිය ඉටු කිරීමට දින නියමයක් නැත. කවදා හෝ එය ඉටුවිය යුතුයි. එයට විරුද්ධ කතා කරන්නන් යුක්තිය ප්‍රතික්ෂේප කරන අයයි.
කීත් නොයාර්ට, පොහොද්දල ජයන්තට පහර දුන්නේ එක්නැලිගොඩ අතුරුදන් කෙරුවේ ලසන්තව ඝාතනය කෙරුවේ ඔවුන් රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන නිසා නොවෙයි රාජපක්ෂ කල්ලියේ හොර මැරකම් හා අපරාධ වහගන්න කියලා දැන දැන වැලලෙන සම හරක් බයියන්ට අබ සරණයි!