පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි. 26 April 2025
ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක් ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර කෙටි හමුවක් පැවැත්විණි. 26 April 2025
’’මේ දේශපාලනයෙන් අපිට ලැබෙන ඇටි කෙහෙලක් නෑ’’ ’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය. 26 April 2025
උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය දෙන්න: නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 26 April 2025
සුවසැරියටත් ඇමති බංගලාවක් සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ලංකාදීපයට පැවසීය. 26 April 2025
ජීඑස්පී කතාබහට යුරෝපා සංගමයේ කණ්ඩායමක් සඳුදා දිවයිනට යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන 28 වැනිදා සඳුදා මෙරටට පැමිණීමට නියමිතය 26 April 2025
පොහොර සහනාධාරය පරක්කු වූ හේතුව ජනපති කියයි යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සකස් කර දීමට අසමත් වීම නිසා බව ජනාධිපති අනුර දිසානායක මහතා අනුරාධපුරයේ දී පැවසීය. 26 April 2025
විජිත ලක්වැසියන්ගේ ගෞරවය පාප් වහන්සේට පිරිනමයි ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය. 26 April 2025
සුව ඇමති හදිසි රෝහල් නිරීක්ෂණයක වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 April 2025
චීන ව්‍යායාම වැඩසටහනක් නිදහස් චතුරස්රයේ ශ්‍රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි. 26 April 2025
ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බව පාකිස්තාන රජය ඉල්ලා සිටී. 26 April 2025
සාමකාමීව විසඳා ගන්න ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය උපරිම සංයමයකින් විසඳා ගන්නා ගන්නා මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත. 26 April 2025
ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත. 26 April 2025
පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව තෙන්නකෝන් මහතාගෙන් කරුණු විමසීමට නියමිතය. 26 April 2025
ඡන්දෙට ගමේ යන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. 26 April 2025
විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත. 26 April 2025
’’මම ලක්ෂ පනහක් රජයට ඉතිරි කරනවා’’ තමා පමණක් ඇමතිවරයා විදියට මාසයකට ලක්ෂ පනහක් රජයට ඉතිරි කර දෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 26 April 2025
පාප් වහන්සේගේ අවසන් කටයුතු අද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වතිකානයේ ශාන්ත පීතර චතුරස්රයේ දී අද පස්වරු 1.30ට පමණ සිදුකිරීමට නියමිතය. 26 April 2025
හීනටියන වෙඩි තැබීමක් කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි තරුණයකුට අද අලුයම 05.35 තම නිවෙසට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු ටී. 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව කටුනායක පොලීසිය පවසයි. 26 April 2025
දළදා වැන්ද අයට එන්න හෙටත් දුම්රියක් සිරි දළදා වන්දනාවට සහභාගි වී ජනතාවට ආපසු එන්නට පමණක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් හෙට (27) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 26 April 2025
කෝප් එකෙන් දූෂිතයන්ට නඩු රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 26 April 2025
පළාත් කීපයකට අදත් වැසි අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 April 2025
සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබූ සීවලී රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට අද (25) පස්වරුවේ පූජා කළාය. 25 April 2025
මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක් ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගමනක් අද (25) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පා ගමන සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ සිට කොළඹ විහාරමහාදේවී උද්‍යානය දක්වා ගමන් කළේය. 25 April 2025
ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිවයිනේ සෙසු ප්රදේශවට පස්වරු 1.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් කාල-ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) පස්වරුවේ නිවේදනය කළේය. 25 April 2025
මාතරින් දේශබන්දුට දුන් නියෝගය “මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල තත්වයක් බැවින් අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරන්නැයි දන්වමින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හා ඔහුගේ රියදුරු මුදා හැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළේය. 25 April 2025
අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ. 25 April 2025
ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 25 April 2025
පාප් වහන්සේට ගෞරව දක්වන්න සජබෙන් දෙන්නෙක් වතිකානයට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි මහත්වරුන් වතිකානයට ගොස් තිබේ. 25 April 2025
දේශබන්දු කමිටුවේ සහායට නීතිපතියෙනුත් දෙදෙනෙක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි සඳහන් චෝදනා විමර්ශන කිරීමට පත් කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන සඳහා සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු නම් කරනු ලැබ සිටිති. 25 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026