ගම්පහ ව්‍යාපාරිකයා ඝාතනයට අවි ගෙනා දෙකක් අත්අඩංගුවට ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරිම සදහා වතුමුල්ල ප්‍රදේශයේ නිවෙසට ටී 56 ගිනි අවි දෙක රැගෙන ආ බව කියන සැකකරුවන් දෙදෙනකු හෙරොයින් සමග අද (25) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 25 April 2025
අනුරගෙන් මෝදිට දුරකථන ඇමතුමක් පුද්ගලයන් 26 දෙනකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අද (25) දහවල් දුරකථන ඇමතුමක් ලබා දෙමින් පැවසීය. 25 April 2025
දේශබන්දුගේ පැටිකිරිය හොයන වැඩේට තව පොලිස් පිරිසක් ඉල්ලයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතු සඳහා සහයවීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කරන ලෙස එම කමිටුව වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. 25 April 2025
දළදා වන්දනාවේ දින දීර්ඝ නොකරයි පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැසීය. 25 April 2025
ඩිපෝ ලොක්කන්ට රතු එළියක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීම සඳහා සියලුම ඩිපෝ කළමනාකරුවන්ට මාසයක කාලයක් ලබාදී ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. 25 April 2025
එජාපයේ ’’භූතයන්’’ දෙන්නෙක් ගෙන් රවීට කරදර එක්සත් ජාතික ජාතික පක්ෂයේ භූතයන් දෙදෙනකු තමාට කිසිම දේකට එන්න දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය. 25 April 2025
කෝටි තුනක බඩු ගුවන්තොටේ දමා ගිහින් ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා තිබියදී සොයාගත් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති. 25 April 2025
පහල්ගම් ප්‍රහාරය මෙහෙය වූ කෙරුමෙක් වෙඩි කයි පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම බාරගත් ලෂ්කර්-ඊ-තලීබා සංවිධානයේ අණදෙන නිලධාරී අල්තාෆ් ලල්ලී ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදී වෙඩි වැදී මියගොස් ඇතැයි ඉන්දීම මාධ්‍ය වාර්තා කරයි. 25 April 2025
දළදා රාජකාරියේ සිටි පොලිසියේ 2ක් මිය ගිහින් සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදී සිටි සැරයන්වරුන් දෙදෙනකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 25 April 2025
පාප් වහන්සේට අගමැතිනිය සංවේගය පළ කරයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ පිහිටි වතිකානු තානාපති කාර්යාලයට අද (25) පැමිණ බුවනෝස් අයර්ස් හි අගරදගුරු සහ ආර්ජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයා වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළාය. 25 April 2025
මහියංගන බස් අනතුරින් 28කට තුවාල තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය කියයි. 25 April 2025
මහනුවරට මහ වැසි මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති. 25 April 2025
ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා මිරිහාන විශේෂ විමර්ශන ඒකකයට අද (25) අවසර ලබා දුන්නේය. 25 April 2025
ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 25 April 2025
ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) තීරණය කර ඇත. 25 April 2025
දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක් ලබාදී ඇත. 25 April 2025
විජිත වතිකානයට ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) වතිකානය බලාපිටත්ව ගියේය. 25 April 2025
රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ලබන සඳුදා(28)අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොමිෂන් සභාව වෙත අද දැනුම් දුන්නේය. 25 April 2025
පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය. 25 April 2025
ඇමෙරිකාව එක්ක කළ තීරු බදු සාකච්ඡාව ගැන රජයෙන් ප්‍රකාශයක් ඇමරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා පැවසුවේ යැයි ශ්‍රී ලංකා රජය පවසයි. 25 April 2025
ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ වෙඩි හුවමාරු ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ එරට ‘අයි.එස්.’ අංශය සිටිනවා යැයි ඉන්දියාව චෝදනා කිරීමත් සමඟ කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ඉන්දීය හමුදා මුරපොළ කීපයකට පාකිස්තාන හමුදා වෙඩි තැබීය. 25 April 2025
දේශබන්දු අධිකරණයට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මාතර මහාධිකරණයෙන් නොතිසි ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන 09:05 ට අධිකරණයට පැමිණීයේය. 25 April 2025
මහනුවර වීඩියෝවක් ගැන පොලිසියෙන් විමර්ශන ’’අනේ යනවා ඕයි යන්න , බම්බුව, රෙද්ද අස්සෙ රිංගනවා ’’ යැයි මහා හඩින් මහනුවර දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතු වන්දනා කිරීම සඳහා රැස්ව සිටි සැදැහැවතුන් දහසක් දෙනා ඉදිරිපිටදී පොලිස් නිලධාරියකු විසින් යුද හමුදා පොලිසියේ නිලධාරියකුට බැන වදින වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 25 April 2025
ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය. 25 April 2025
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ඉන්දියාවෙන් පිටුවහල් කරයි මිද්දෙණිය පොලිස් වසමේ ඉකුත් පෙබරවාරි මස 18 දින සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිත්ව මිනිස් ඝාතයක් සිදු කිරිමට , යතුරු පැදිකරු ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන 31 හැවිරිදි සැකකරු ඉන්දියාවෙන් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළට අද(25) අලුයම එවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 25 April 2025
ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 April 2025
දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 25 April 2025
ඉන්දියාව - උණුසුම් වෙයි පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි 24 April 2025
ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 24 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026