
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච් එම් ධර්මපාල )
රුපියල් කෝටි 6 කට අධික වෙළඳ වටිනාකමක් ඇති ලෑන්ඩ් රෝවර් සහ මිට්සු බිසී වර්ගයේ ජීප් රථ තුනක් කූට ලේඛන භාවිතා කරමින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා හිටපු නාගරික මන්ත්‍රී සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ලද තොරතුරකට අනුව පොලිස් අධිකාරි උදය කුමාර මහතා විසින් කරන ලද සැලසුමකට අනුව ඉකුත් දෙසැම්බර් 31ක් වෙනි දින සහ ජනවාරි එක් වෙනිදින එම ජීප් රථ අත්අඩංගුවට ගෙන පින් අත පොලිස් ස්ථානය වෙත භාරදී තිබිණි.
එම ගීත සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී කූඨ ලේඛන සකස් කර මෙම වාහන භාවිතා කර ඇති බවට අනාවරණය කරගෙන ඇත.
එම එක් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාවිතා කරන අර්ථයක්බවට ව්‍යාජ ලෙස හඟවමින් භාවිතා කර ඇති බවත් එම රථ ශ්‍රී ලංකා රේගුව මගින් ආනය කර නොමැති රථයක් බවටත් රේගු වාර්තා අනුව තහවුරු වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයි නේ! දැන් පොහොට්ටු කාරයෝ වාහන හදන්නත් පටන් අරගෙන වගෙයි . එක පැත්තක අයිස් ෆැක්ටරි... තව පැත්තක වාහන හදනවා. තව මොනව හදනවද කියා දන්නේ උඩ ඉන්න දේවියෝ විතරයි කියා මගේ සීයා කියනවා...
වැඩකට නැති අපතයන්ව වටකරගන්න ගියොත් නෑමොලයට කෙල වෙනවා ස්ථිරයි.
නාමල්ට ගොඩ ඒමක් කොහේද? බල්ලොත් එක්ක ලැග්ගාම ඔහොම තමයි ..නාමල් කොහොමහරි පොහොට්ටුව ගොඩදාන්න බලනවා කෙඳිරි ගගා. කුට්ටියා එහෙන්, අර ෆැක්ටරි ගැනත් කියැවෙනවා. මෙහෙන් වාහන හොරු. තව පපඩම් බයියෙක් මලවිකාර කියවනවා. අර චාමර මරු කියවනවා. සිකියුරිටි කාරයෝ අල්ලන් හමුදා පෙර ට්ටූ තියනවා ..ඉතිං කොහෙද ගොඩ යෑමක් ඇති කියලා දැන් හැමෝම කාර්ය මණ්ඩලය දැන් දෙබරෙට ගල් ගැහුවා වගේ වෙලා උන් දන්නේ නෑ කියන්නේ කරන්නේ මොනවාද කියලා...