නීතීඥ සංගමයේ නිලවරණයේ තුන්කොන් සටනක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා නිලවරණය හෙට (15) පැවැත්වේ. සංගමයේ 24 වැනි සභාපතිවරයා ලෙස පත්වීම සඳහා නීතීඥ අනුර මැද්දේගොඩ නීතීඥ උදය රෝහාන් ද සිල්වා සහ ආර්. ආර්. එස්. තංගරාජා යන මහත්වරු තරඟ වදිති. 14 March 2017
විදෙස්ගතවීමට නාමල් කළ ඉල්ලීම සලකා බැලීම 16 දා එන්. ආර්. කන්සල්ටන්ස් සහ ගවර්ස් කෝපරේට් සර්විස් යන සමාගම් මගින් සැක සහිත ගනුදෙනු කර රුපියල් මිලියන 45ක මුදලක් විශුද්ධීකරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාට විදෙස් ගත වීමට අධිකරණයෙන් කළ ඉල්ලීම ගැන සලකා බැලීම ලබන 16 වැනි දා තෙක් කල් තැබිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා තීරණය කළේය. 14 March 2017
මුරුත්තෙට්ටුවේ හිමියන් පාඩමක් ඉගෙන ගත් බව සමන් රත්නප්‍රිය කියයි වර්ජනයක් කරන්නට ගොස් මුරුත්තෙට්ටුවේ හිමියෝ ඉතිහාසයේ හොඳම පාඩම 13, 14 දින දෙකේ දී ඉගෙන ගත්තේ යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්රීය මහතා පවසයි. 31000 කට අධික හෙද හෙදියන් අතරින් 5000 ක් වත් වර්ජනයට හවුල් කර ගැනිමට හිමියන්ට නොහැකි වූයේ යැයි ද ඒ මහතා කියයි. 14 March 2017
හෙදියෝ 22 වැනිදා වර්ජනයකට සැරසෙති ජනතාවගේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම සඳහා සහ හෙද කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් ලබා ගැනීමේ අරමුණින් ලබන 22 වැනි දා දිවයින පුරා සියලු රෝහල්වල හෙද හෙදියන්ගේ එක්දින වර්ජනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසයි. 14 March 2017
හිටපු කොටි කතක් වැල්ලවායෙන් අල්ලයි වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේදි එල්.ට්.ට්.ඊ සංවිධානයේ පුර්ණ කාලින සමාජිකාවක්ව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත් අඩංගුවට ගත්බව වැල්ලවාය පොලිසිය පවසයි. 14 March 2017
මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක් ශ්‍රී ලංකා ධජයක් සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගොස් තිබෙන අතර එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනකු ශ්‍රී ලාංකිකයන් බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලබා දෙන ලෙසට ආදාල ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දැන්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ පැවසුවාය. 14 March 2017
බැසිල්ට නඩේසන්ට මැයි 3 දා උසාවි එන්න නොතීසි දොම්පේ මල්වානේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා තිරු කුමාර් නඩේෂන් මහතාට එරෙහිව නීතීපතිවරයා ගොනු කර ඇති නඩුවට අදාළව මැයි 03 වැනි දා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා රාජපක්ෂ මහතාට හා නඩේෂන් මහතාට අද(14) නොතීසි නිකුත් කළේය. 14 March 2017
අවසන් වසර පරීක්ෂණය පෙනි පෙනී දිවියෙන් සමුගනී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු ගමන් කළ යතුරුපැදිය වේරහැර වැලිපාරේ දී සුඛෝපභෝගී රියක හැපීමෙන් එක් සිසුවකු මියගොස් අනෙක් සිසුවා බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 14 March 2017
දිලිප් වෙදආරච්චිගේ ඡායාරූපය නැතිවීම ප්‍රශ්නයක් වෙයි අම්බලන්තොට මහා විදුහලේ ඉඳිකරන ලද තාක්ෂණික ගොඩනැගිල්ලට අදාළ නාම පුවරුවක අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාගේ ඡායාරූපය ඇතුළත් කර නැත්තේ ඇයිදැයි නිවාස හා ඉඳිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම් දමිත් මහතා සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රශ්න කළේය. 14 March 2017
මාර්ග සංඥා පුවරු ගලවාගෙන ගොස් කොත්තු රොටි ගසති හම්බන්තොට දිස්ත්රිරක්කයේ මාර්ග රැසක මාර්ග සංඥා පුවරු ගලවාගෙන ගොස් කොත්තු රොටී ගැසීමට යොදාගෙන ඇති බව හම්බන්තොට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්රාාදේශීය ඉංජිනේරු ඩී.සී ලයනල් මහතා අම්බලන්තොට ප්‍රා දේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී (13) කීවේය. 14 March 2017
රජය වෙනුවෙන් ගයන්ත සමාව ගනී හෙළ විරුවන් 18 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සදහා මහනුවර පැවති උත්සවයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමි නාපාන පේමසිරි හිමියන්ට ආරක්ෂක අංශ වෙතින් සිදුවූ බව කියන අගෞරවය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සමාව ගන්නා බව ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. සිද්ධිය ගැන කනගාටුවට පත්වූ බවත් නොදැනුවත්කම නිසා මෙම අඩුපාඩුව සිදුව ඇති බවත් ඒ මහතා කීවේය 14 March 2017
හෙරොයින් එක්ක අඹුසැමි යුවලක් පොලිස් දැලේ වවුනියාව නගරයේ පාසල් හා රාජ්‍ය ආයතන ආසන්නයේ හෙරොයින් මත්කුඩු ජාවාරම් නිරතවූ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනකු හෙරෝයින් සමඟ අද (14) වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 14 March 2017
කොස් මල්ලී 16 දා දක්වා රිමාන්ඩ් අංගොඩ ලෙක්කා නමැති පාතාල නායකයාගේ ගෝලයකු වූ සුරංග කුමාර (රත්තරං) මුල්ලේරියාව කැළණීමුල්ල ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කිරීමට අධාර අනුබල දුන් බව කියන ශාන්ත කුමාර (කොස් මල්ලී) ලබන 16 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශි‍්‍ර රාගල මහතා අද (13) නියෝග කළේය. 13 March 2017
ශ්‍රී ලංකාවට කාල දිගුවක් දීමේ යෝජනාව සභාගත කරයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසරක කාලයක් ලබා දිය යුතු බවට වන නව යෝජනාවේ මූලික කෙටුම්පත අද(13) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත කළ බව ජිනීවා හි තානාපති ආරංචි කියයි. 13 March 2017
අභියාචනාධිකරණය සයිටම් වෙනුවෙන් දුන් තීන්දුවට එරෙහිව ඇපෑලක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම් ) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කළේය. 13 March 2017
25,000 ක අල්ලසකට වසර 10ක් හිරේ බේකරි හිමියකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු අනුරාධපුර කම්කරු කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට රුපියල් 40,000ක දඩයක්ද නියම කළේය. 13 March 2017
නැගෙනහිර වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියෙන් ඩොලර් ලක්ෂ 13 ක ඉතිරියක් නැගෙනහිර වෙරළ සංරක්ෂණය කිරීමට ආරම්භ කළ වෙරළ කලාප ප්‍රතිෂ්ඨාපනය සහ තිරසාර කළමනාකරණ ව්‍යාපෘතියේ වැඩ 95 % ක් පමණ අවසන් බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය. 13 March 2017
තාප්පයක් කඩා වැටී දැරියක් මරුට රත්නපුර බෝධිරාජාරාමයේ විහාරස්ථානයේ තාප්පයක් කඩාවැටීමෙන් තුවාල ලද දැරියක එම ස්ථානයේදීම මියගොස් ඇත. 13 March 2017
සැකකටයුතු ලෙස හැසිරුණු තැනැත්තා රිමාන්ඩ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රගහලේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරමින් සැකකටයුතු ලෙස හැසුරුණු හිටපු කොටි සාමාජිකාවකගේ සොහොයුරකු ලබන 17 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (13) නියෝග කළේය. 13 March 2017
නියෝජ්‍ය ඇමැතිගේ ලේකම් 83 හැවිරිදි මව මහමග දමා යයි නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ලේකම්වරයකු වන තම වැඩිමහල් පුතා නවම් පෝදා රාත්‍රියේ පන්නිපිටිය මොරකැටියේ දී තමාව මහ මග දමා ගිය බව කියමින් මවක් (83) කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 13 March 2017
සියලුම මගීන්ට ප්‍රවේශ පත් අනිවාර්ය කෙරේ ලබන 15 වැනි දා සිට බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථවල ගමන් කරන මගීන් ප්‍රවේශ පත්‍රයක් ළඟ තබා ගැනීම අනිවාර්ය කෙරේ. මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ද කොන්දොස්තරවරුන්ට අනිවාර්ය කෙරෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසයි. 13 March 2017
වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථක යයි සමන් කියයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඒකාබද්ධ විපක්ෂයට සහාය පළකිරීමේ අරමුණෙන් දියත් කළ මුළුමනින්ම අසංවිධානාත්මක එකක් යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන්ත රත්නප්‍රිය මහතා කොළඹ දී අද (13) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. 13 March 2017
සුමන්තිරන් ඝාතනය සැලසුම් කළ කොටි 5 දෙනා තවදුරටත් රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතනය කිරීමේ සැලසුමකට සම්බන්ධ වූ බව කියන හිටපු කොටි සාමාජිකයින් පස් දෙනා ලබන 22 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත් ඒ.ආනන්දරාජා මහතා අද(13) නියෝග කළේය. 13 March 2017
සියදිවි නසාගත් කැඩෙට් නිලධාරියාගේ සිරුර ගොඩගනී දියතලාව යුද හමුදා කඳවුරේ ශිෂ්‍ය භට පුහුණු කඳවුරේදී සියදිවි නසාගත් බව කියන තරුණයාගේ සිරුර අද (13) වැලිවේරිය පොදු සුසාන භූමියේ දී අද ගොඩගනු ලැබීය. 13 March 2017
සයිටම් විරෝධී බැනර් ඉවත් කරන්නැයි දෙමාපිය සංසදයෙන් පොලිස්පතිට ලිපියක් රාජ්‍ය ආයතන හා රෝහල් පරිශ්‍රවල ප්‍රදර්ශනය කෙරෙන සයිටම් විරෝධී බැනර් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලමින් මාලබේ සයිටම් ආයතනයේ දෙමාපිය සංසදය අද (13) පොලිස් මූලස්ථානයට ලිපියක් බාරදුන්නේය. 13 March 2017
රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු තිදෙනාට එරෙහි නඩුව කල්යයි පසුගිය ජනපතිවරණ සමයේ දී රූපවාහීනි සංස්ථාවේ සේවකයන් සිව් දෙනෙකුට බැන තර්ජනය කර පහර දුන්නැයි රූපවාහීනි සංස්ථාවේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල , ඇතුළු තිදෙනකුට එරෙහි නඩු සමථ කිරීමට හැකිද යන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) සලකා බැලීය. 13 March 2017
අවතැන් වූවන් විදුහලෙන් ඉවත් කරන්නැයි දෙමව්පියෝ ඉල්ලති අරණායක රහල බටහිර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදි කර ඇති අවතැන් කඳවුරු සහ එම අවතැන්ව සිටින ජනතාව ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පාසලෙ සිසුන්ගේ දෙමාපියෝ අද (13) අරණායක රහල මාර්ගය විද්‍යාලය අසලින් හරස් කොට උද්ඝෝෂණයක නිරත වූහ. 13 March 2017
තවත් රාජ්‍ය ආයතන පහක් එන සතියේ කෝප් කාරක සභාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා බණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු තවත් රාජ්‍ය ආයතන පහක් ලබන සතියේ දී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇත. 13 March 2017
පෞද්ගලික රෝහලේ එන්නතකින් පසුව බිරිය මියගියැයි සැමියාගෙන් පැමිණිල්ලක් ශල්‍යකර්මයක් සඳහා මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ 25 හැවිරිදි තිදරු මවක එන්තක් ලබා දීමෙන් පසු මිය ගිය බව කියමින් ඇගේ සැමියා පැමිණිලි කර ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. 13 March 2017
කල්පිටියේ සාම චෛත්‍යයට මුල්ගල තැබෙයි කල්පිටිය අර්ධද්වීපයේ ඉදිවෙන ප්‍රථම චෛත්‍යය උදෙසා දලුව ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී අද මුල් ගල් තැබීණ. ප්‍රදේශයේ ඉස්ලාම්, කතෝලික සහ හින්දු ආගමික සහජීවනය ප්රතිමූර්තිමත් කරමින් ඉදිවන නිසා මෙමචෛත්යය කල්පිටි අර්ධදීපයේ සාම චෛත්‍යය ලෙස නම් කර ඇත. 13 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026