( තිළිණි ද සිල්වා )
තමිල්නාඩුවේ සරණාගත කඳවුරක සිටින හය හැවිරිදි ලාංකික දැරියකට ලිංගික බලහත්කාරකම් සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාවකට එම කඳවුරේ සිටි තවත් ලාංකිකයකුට ඉන්දියාවේ අධිකරණයක් වසර තුනක සිර දඬුවම් පමුණුවා ඇතැයි චෙන්නායි හි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
එම දඬුවමට අමතරව ඉන්දීය රුපියල් දහසක දඩයක් ගෙවන ලෙස ද අධිකරණය නියම කර තිබේ.
මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ අසූ පස් හැවිරිදි පුද්ගලයකුටය. මොහු තමිල්නාඩුවේ පුදුපට්ටි ප්‍රදේශයේ පිහිටි සරණාගත කඳවුරක දීර්ඝ කාලයක සිට පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පුද්ගලයෝ ලංකාවේ හැම තැනම ඉන්නවා. දරුවන්ව කවදාවත් තනියෙන් අවෙලාවල් වල නෑදෑ ගෙවල්වල මිතුරන්ගේ ගෙවල්වල විශේෂයෙන්ම පිරිත්, මගුල් වැනි සැරසිලි කටයුතු සිදුවන තැන්වල තනි කරලා එන්න එපා. මේ අවස්ථා වලින් ප්රයෝජනය ගන්න පුරුදුවුන මන්ද මානසිකයෝ බහුලව අපේ සමාජයේ ඉන්නවා.