ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවෙන් පළාගිය පළමු දවස අදයි - ඩලස් ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තු සභාවෙන් පලාගිය පළමු දිනය ලෙස අද දිනය ඉතිහාසගත වන බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 10 March 2017
කල් ඉකුත් වූ කීරී සම්බා කිලෝ 7856 ක් අත්අඩංගුවට නව ඇසුරුම් මගින් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා පිටකොටුව පරණ යොන්වීදියේ ගබඩාවක ගබඩාකර තිබු කල් ඉකුත් වූ කීරී සම්බා කිලෝ 7856 ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි. 10 March 2017
කොන්ත්‍රාත් සේවකයන් බඳවා ගන්නයි කම්කරු ඇමැති කියයි කොන්ත්‍රාත් පදනමින් සේවය කරන සේවකයින් සියලූ දෙනා ඉදිරි වසර හතර ඇතුළත ටෙලිකොම් ආයතනයට බඳවා ගන්නැයි කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා ටෙලිකොම් පාලනාධිකාරියට යෝජනා කර ඇත. 10 March 2017
මල්වානේ ඉඩම ගැන බැසිල්ට-තිරුකුමාර්ට අධි චෝදනා මල්වානේ පිහිටි අක්කර 14ක ඉඩමේ ගෙයක් සැදීම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කැරිණි. 10 March 2017
වගකීම පැහැර හැරියාට පොලිස් පරීක්ෂක කොළඹට මාරු කරයි සමයං ඇතුළු පිරිස බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීමේ සිද්ධියේදී නිසි පරිදි ආරක්ෂාව නොදුන් බව කියමින් කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ උතුර කොට්ඨාසයට මාරු කරනු ලැබ ඇත. 10 March 2017
බැඳුම්කරයේ තවත් කාරණා 4 ක් ගැන හොයන්න‘යි බන්දුල කියයි බැඳුම්කර වෙන්දේසියට අදාළව කරනු ලබන පරීක්ෂණවලදී තවත් කරුණු හතරක් පිළිබඳව පරීක්ෂා කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් එහි කොමසාරිස්වරුන්ගෙන් ඊයේ (09) ඉල්ලා සිටියේය. 10 March 2017
විපක්ෂයට වැඩිපුර කාලය දුන්නැයි ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු පිටව යති පාර්ලිමේන්තුවේ කතා කිරීමට විපක්ෂයට වැඩිපුර කාලයක් ලබා දුන්නේයැයි කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටවී ගියහ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන් දෙනකුට කතා කිරීමට අවස්ථාව ලබා දීමට තමා පොරොන්දු වීයැයි ද ඒ සඳහා අවස්ථාව දිය යුතු යැයි ද කතානායක කරු ජයසූරිය මහතා කීවේය. 10 March 2017
කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු නවතා දමයි කොළඹ විශ්ව විද්‍යාලයට අයත් බොරැල්ල ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශාස්ත්‍ර පීඨයේ දෙවැනි, තෙවැනි හා සිවුවැනි වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු දින නියමයක් නොමැති නවතා දමා ඇතැයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියයි. 10 March 2017
අධිකරණ පරිශ්‍රයට ගංජා ගෙනැවිත් අසුවෙති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට ගංජා පාර්සලයක් හා හෙරොයින් පාර්සලයක් රැගෙන යාමට තැත්කළ බව කියන කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 March 2017
ශ්‍රී ලංකා ධිවරයින් නිදහස් කිරීම ඉන්දියාව පමා කරයි ඉන්දියානු අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයන් නිදහස් කිරීම මාර්තු 23 වැනිදා දක්වා කල්යනු ඇතැයි ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවය වාර්තා කරයි. 09 March 2017
කැඩෙට් නිලධාරියාගේ සිරුර වසර දෙකකට පසු ගොඩ ගනී දියතලාව යුද හමුදා කඳවුරේදී ගෙල වැළලාගෙන මිය ගියැයි යුද හමුදාවෙන් කී ආධුනික කැඩෙට් නිලධාරියාගේ සිරුර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා වසර දෙකකට පසු ලබන සඳුදා (13) යළි ගොඩ ගන්නා බව රහස් පොලිසිය කියයි. 09 March 2017
උපත් පාලන මගඩිය හෙළිකළ මාධ්‍යවේදී කාංචන පොලිසියට කැඳවයි දඹුල්ල මුලික රෝහලට දරු ප්‍රසුතිය සදහා පැමිණෙන මව් වරුන්ට ඹවුන්ගේ අවසරයෙන් තොරව උපත්පාලන ලූපයක් පළඳවන සිද්ධියක් ගැන අනාවරණය කළ ලංකාදිප දඹුල්ල මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතාගෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය අද(09) ප්‍රකාශයක් සටහන් කරගත්තේය. 09 March 2017
බාලවයස්කාර දැරියකට උපත් පාලන සැත්කමක් කිරීම ගැන වහාම පරීක්ෂණ කරනු අතවරයට ලක් වු බාලවයස්කාර දැරියකට හම්බන්තොට රෝහලේදී ස්ථීර උපත් පාලන සැත්කමක් සිදු කරන ලදැයි කියන සිද්ධියක් පිළිබඳ වහාම පරික්ෂණයක් පවත්වන ලෙස වැල්ලවාය මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු කේසර සමරදිවාකර මහතා ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට හා වෛද්‍ය සභාවට ඊයේ අද(9) නියම කළේය. 09 March 2017
කොළඹ නගරයේ විරෝධතා නැවැත්වීමට නව නීති ගෙනෙන්න යයි කොළඹ නගරයේ දිනපතා පැවැත්වෙන විරෝධතා හේතුවෙන් ජන ජීවිතයට එල්ලවන බලපෑම් නැවැත්වීම සඳහා වෙනම නීති ගෙන ඒමට රජය තීරණය කර ඇත. 09 March 2017
උපාධි පිරිනැමීමේ අවසරය සයිටම් වෙද විදුහලට දුන්න හැටි සොයයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබාදීම ගැන කරුණු වීමසීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය අද(09) කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණි. 09 March 2017
එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු යයි සිවාජිලංගම්ගෙන් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මතකරගත් යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් විසින් උතුරු පළාත් සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාව විවාදයට ගැනීම ලබන 14 වැනි දා තෙක් කල් තැබීමට පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා අද (09) තීරණය කළේය. 09 March 2017
නියඟය නිසා වී අස්වැන්නෙන් මෙ. ටොන් ලක්ෂ 5 ක් අහිමි වෙයි දිස්ත්‍රික්ක රැසකට බල පා ඇති නියං තත්ත්වය හේතුවෙන් මෙවර මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්නෙන් මෙටි්රක් ටොන් 5,45,717ක් අහිමි වන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 09 March 2017
‘ජනාධිපති කොමිසමට ලැබුණු පැමිණිලි 1180 ක් විමර්ශනය කිරීම අනවශ්‍යයි‘ - අගමැති හෙළිකරයි බරපතල වංචා හා දූෂන ජනාධිපති කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි 1599න් පැමිණිලි 1180ක් විමර්ශනය කළ යුතු නැතැයි එම කොමිෂන් සභාව තිරණය කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 March 2017
අල්ලස් ගත් සෞඛ්‍ය සේවා සහායක රිමාන්ඩ් නීතිඥවරයකුට අයත් ඉදිකිරීම් ස්ථානයක් පරීක්ෂා කිරීමේදී එහි මදුරු කීටයින් ඇති බව පවසා ඒ සම්බන්ධයෙන් නඩු පවරා නොසිටීමට රුපියල් 5000 ක අල්ලසක් ලබාගත් බව කියන සෞඛ්‍ය සේවා සහායකවරයකු ලබන 22 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (09) නියෝග කළේය. 09 March 2017
“නීති විරෝධි ගබ්සාවත් වන්ද්යාකරණයත් අහඹු දෙයක් නොවෙයි“ රට පුරා සිදුවන නීති විරෝධි ගබ්සාව සහ වන්ද්‍යාකරණ ව්‍යාපාරය අහඹු දෙයක් නොව සැලසුම් සහගත සහ උපායශීලී ලෙස කලක සිට කරන දෙයක් යැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති. 09 March 2017
නාවික හමුදාවේ පස් දෙනෙක් සීඅයිඩීයට කොටහේන ප්‍රදේශයේ දෙදෙනකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙකු ලබන 14 වැනිදා සිට 28 වැනිදා දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (09) නාවික හමුදාපතිවරයාට නියෝගයක් නිකුත් කළේය. 09 March 2017
මහ බැංකුවේ ප්රශ්නය ගැන වැදගත්ම හා අවංකම සාක්ෂිය දුන්නේ කාන්තාවක් - ජනාධිපති ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතිවූ ප්රශ්නය ගැන සෙවීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසන් සභාවට මෙතෙක් කැඳවූ සාක්ෂිවලින් වැදගත්, නිවැරදි හා අවංකම සාක්ෂිය දී තිබෙන්නේ එහි හිටපු අධිකාරීවරියක් බවත්, කාන්තාවන් කෙතරම් අවංකව තම රාජකාරිය කරන්නේද යන්න පිළිබඳ එයින් පැහැදිලි වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 09 March 2017
විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නිශ්චිත දින මින් ඉදිරියට පැවැත්වෙන ප්‍රධාන විභාගවල ප්‍රතිඵල නිකුත් කෙරෙන නිශ්චිත දින හඳුන්වාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 09 March 2017
ජනාධිපති කොමිසමෙන් බන්දුලට දැඩි අවවාද මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු පැවසීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ ක්‍රියාකලාපය දෝෂ දර්ශනයට ලක් කළ බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමසීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරුන් මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු නොපැවසීමට සැළකිලිමත් වන ලෙස බන්ධුල ගුණවර්ධන මහතාට අද (9) අවවාද කළේය. 09 March 2017
ලොරියේ තට්ටුව කඩාවැටී පාසල් සිසුන් 17 ක් රෝහලේ පාසල් ශිෂ්‍යාවන් 32දෙදෙනකු ගමන් කරමින් සිටි ලොරි රථයක තට්ටුව කඩා වැටීමෙන් පාසල් සිසුන් 17 දෙනකු තුවාල ලබා පොළොන්නරුව හා පුලස්තිගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 09 March 2017
ඩලස් වැඩබලන කණ්ඩායම් නායකයා කරන්න බෑ යයි නිමල් සිරිපාල කියයි එක්සත් ජනතා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ඒකාබද්ධ විපක්ෂයේ වැඩබලන කණ්ඩායම් නායක ලෙස පත්වීමට අවසර ලබා දිය නොහැකි බවට එජනිස කණ්ඩායම් නායක නිමල් සිරිපාල මහතා දැනුම් දුන් බව කථානායකවරයා අද(09) පාර්ලිමේන්තුවේදි පැවසීය. 09 March 2017
සී.සී.ටී.වී කැමරාව සවිකළ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා රැස්කරයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු එම රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු විමර්ශන වල උදෘත සටහන් නීතිපතිවරයාට යවන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 09 March 2017
ශ්‍රී ලංකාවේ නාවික භටයන් අත්අඩංගුවට ගන්නයි චෙන්නායිහි විරෝධතා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයෙකු වෙඩි තබා ඝාතනය කල බවට චෝදනා කරමින් ඉන්දියාවේ පුදුච්චරි ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වී සිටි පිරිසක් දුම්රිය මාර්ග අවහිරවන සේ විරෝධතාවයේ නිරත වූ ධීවරයින් 49 දෙනෙකු ඉන්දිය පොලීසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි. 09 March 2017
සයිටම් වෙඩි තැබීමේ සිද්ධියට උසාවියට බාරවෙන්න ආ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු දෙදෙනා බාර නොගනී සයිටම් ආයතනයේ විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධිය නිර්මාණය කළේ තමන් බව කියමින් අධිකරණයට භාරවීමට පැමිණි හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු දෙදෙනකු රිමාන්ඩ් භාරයට පත් කිරීමට තමන්ට අධිකරණමය බලයක් නැති බව සඳහන් කරමින් තුල්හිරිය මහේස්ත්‍රාත් යූ. සුහුදුරුගොඩ මහතා ඔවුන් දෙදෙනා අධිකරණය භාරයට ගැනීම ප්‍රතික්ෂේප කළේය. 09 March 2017
මොරගහකන්දෙන් වන්දි නොලැබුණු පිරිසක් මහපාරේ පදිංචි වෙති මොරගහකන්ද ජලාශයට ඉඩම් යටවූ පවුල්වල සාමාජිකයෝ පිරිසක් නාවුල ඇලගමුව ප්‍රදේශයේ මහා පාරේ පදිංචි වී සිටිති. එම ප්‍රදේශයේ නිවාස ද මාර්ග ද මේ වන විට ජලයෙන් යටව පවතී. 09 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026