(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක )
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(13) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 08 අංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අද පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමදේකටම අවසානයේ මහජන මුදල් වියදම් වෙන එක විතරයි වෙන්නේ. වෙන කිසිදෙයක් වෙන එකක් නෑ 2020 වෙනකම් .
රණවිරුවෝ අත්අඩංගුවට ගන්නවෝ.
මුල්‍ය අපරාධ කොට්ඨාසයත් හරියට වැසිකිලියක් වගේ. කට්ටිය ඇතුලට යනවා එලියට එනවා.
ඇත්ත කතාව ලලිත්. මුල්‍ය අපරාධ කොට්ටාශේ ලඟින් යද්දී සද්දෙයි ගඳයි දෙකම දැනෙනවා.
ගල් කොරිය කරන්න අවසර පත් ඇතිනේ. අත්අඩංගුවට ගත හේතුවත් පල කරනවානම් හොදයි. නැතිනම් මේ පුවතින් වැඩක් නැහැනේ.
කොබා දන්නේ නැති නිසා අහන්නේ මහා බැංකුව රජයේ නෙවේද
හමුදාවට සලකපු හැටි හිතාගන්න පුළුවන් කපිතාන් කෙනෙක් රියදුරු හැටියට හිටිය කිව්වහම....
ඔන්න ඉතින් අරයයි, එයාගේ පවුලේ අයයි උගුර රතු වෙනකම් මොරදේවි මෙහෙම : "යහපාලන රජය අපේ සගයෝ අත් අඩංගුවට ගන්නවෝ " කියල !!! කොහොම වුණත්, විවිධ වැරදිවලට සම්බන්ධ යයි කියා අත් අඩංගුවට ගන්නා කවුරුවත් තවම වැරදි කරුවන්වී දඬුවම් නොලැබීම එයට ප්‍රධානම හේතුවයි.... ඔය ඩ්‍රයිවර් හෙට අනිද්දා ඇප ලබාගෙන පරණ ජොබ් එකටම යාවි, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ රජයට "කොකා" පෙන්නමින් !!! එච්චරයි වෙන්නේ...