(නිමන්ති රණසිංහ)
ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් භාවිතා කර චැසි අංක වෙනස් කළැයි කියන සිද්ධියකට අදාළව කම්කරු සේවා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා හා තවත් අයකුට සංශෝධිත පැමිණිල්ලක් ලබන 19 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා බොරැල්ල පොලිසියට අද(14) නියෝග කළේය.
2009 වසරේ සිදු වු සිද්ධියට අදාළව කම්කරු සේවා රාජ්‍ය ඇමැති සහ කේ.ජි. පාලිත යන අය අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ දී මෙම නියෝගය කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් තව අපේ රට ගැන කුමන කතාද?