(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත වීමට ඉඩ නොතිබුණා යැයි රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (13) බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා මේ බව හෙළි කළේය.
“ජනතාවට බදු ගහන එක සහ අළුතින් සල්ලි මුද්‍රණය කරන එක පැත්තකට දාලා නියමිත දිනවල කල්පිරෙන අන්දමට භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මඟින් අපේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හැකියාව තියෙනවා නේද“ යැයි කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා ඇසු ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා මේ බව කීය.
කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණෙන ලෙස කොමිසමෙන් කළ දැනුම් දීමකට අනුව රජයේ විගණකාධිපති ගාමිණි විරේසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් මඟින්ම මුදල් සොයා ගැනීමට රජයට අවශ්‍යතාවයක් නැතැයි විජේසිංහ මහතා පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් හැර මුදල් සොයා ගැනීමට රජයට වෙනත් ක‍්‍රම රාශියක් ඇති බව කොමිසම හමුවේ හෙළි කළ විරේසිංහ මහතා රාජ්‍ය වියදම් අඩුකර ගැනීම මඟින් ඉල්ලන ණය මුදල් අඩුකර ගැනීමට රජයට හැකියාව ඇති බවද පෙන්වා දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.