( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
එම කොට්ඨාස විසින් තමන් අත්අඩංගුවට ගත හොත් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුව ඇති බවට ප‍්‍රකාශ කරන්නැයිද ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
ඥානසාර හිමියන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පසුගිය දිනවලදී දිවයිනේ වාර්තා වූ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී ඇති බවත් ,ඒ සම්බන්ධයෙන් පොලීසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව දැනගන්නට ලැබුණු බව පෙත්සමේ සඳහන් වේ.
එම විමර්ශනයන්ට අවසන්ව නොතිබියදී තමන් අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකාර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කටයුතු කරන බවත් ,පෙත්සම්කාර ඥානසාර හිමියෝ සිය පෙත්සමින් පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් රටේ සිදුවෙන්නේ තනිකරම නාඩගම්. කතාව , තිර රචනය වගේම අධ්‍යක්ෂණය කරන්නෙත් බවලත් රටේ ලොකු ලොකු ඇත්තෝ. රඟපෑම විතරයි ඔය කුලියට කරන උදවිය කරන්නේ. ක්‍රමක්ක්‍රමයෙන් රට ආයෙමත් අගාධයකටයි තල්ලුවෙන්නේ. දේශපාලුවෝ කියන්නේ ' තනිකරම ගුණමකුවෝ ' කොටසක් කියන එක තවදුරටත් ඔප්පු වුණා.
අපේ හාමුදුරුවෝ ඔය තරම් නීතියට බය මොකද?
ලුම්බිණි රවුෆ් හකීම් නම් නීතියට බය නැහැ වගේ නේද.
නීතියෙන් ඉවතට රිංගමින් රටම විනාශකළ දේශපාලකයොයි, නීති නමන කළු කෝට් කරුවන් ටිකයි නැවත රට අගාධයට ගෙන යමින් සිටියි. අහිංසක ජනතාවට නම් අබ සරණම තමයි.
කොච්චර සද්දේ දැම්මත් බෙරය ඇතුලේ හිස්...
නීතිය හැමෝටම එක වෙන්න ඕනේ... අන්තවාදී ලෙස වැඩකරන දේශපාලකයෝ කොච්චර ඉන්නවද? මේ ලඟදී තේ ෆැක්ටරි එකකට ගිනි තිබ්බ කිවේ. ඒවා හදලා වීඩියෝ අන්තර් ජාලෙටත් දාලා ඉවරයි. මේවා දන්නේ නැති විදේශිකයෝ හිතන්නේ අපිත් ජාතිවාදී කලබල කරනවා කියලා...
මොනවා වුණත් අපි ගැන නිකමට හරි කතාකරන්න ඉන්නේ උන්වහන්සේ විතරයි...