යුද්ධයේ අවසාන සමයේදී හමුදාවට බාර වූ පිරිසක් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ අවසාන සමයේදී හමුදාවට බාර වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් වී ඇති අතර ඔවුන් නිදහස් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට පොරොන්දු වී ඇත.
අතුරුදන්වූවන්ගේ ඥාතීන් කරන ලද විරෝධතාවට දින 112ක් පිරෙන අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පොරොන්දු වී තිබේ.
තම හිතමිත්‍රාදීන් සහ ඥාතීන් බලහත්කාරයෙන් අතුරුදන් කරවූ බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් මීට 112ක පෙර විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර පසුගිය මැයි 30 වැනි දිනට එම ව්‍යාපාරයට දින සියයක් පිරුණි.
දෙමළ ජන කොටස් බහුතරයක් ජීවත්වන උතුරු පළාතෙන් ආරම්භ විය.
කොළඹටද පැමිණි විරෝධතාකරුවෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාවක් දෙන්නැයි ද අවස්ථා කිහිපයකදී ඉල්ලූහ.
අවස්ථාවක් නොලැබුණු තැන උතුරත් දකුණත් යා කෙරෙන මහා මාර්ගයේ පිවිසුම අවහිර කරමින් ආණ්ඩුවේ අවධානය දිනාගැනීමට මෙම පිරිස කටයුතු කළහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහ විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් අට දෙනකු අතර අද (13) සාකච්ඡා පැවැත්විණි. මෙම සාකච්ඡාව විනාඩි 40කට ආසන්න කාලයක් පැවැති බව ද වාර්තා විය.
(ද හින්දු ඇසුරිනි 055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයන් දෙමල කොටි නම් කුමන කරුණක් සොයාගෙන හෝ නිදහස් කරන්න. දේසපාලනය කර ගසාගෙන මදි ලගපු වෙල් විදනේව පමණක් අමතක කර යුද්දය මෙහෙයවූ රණවිරුවන්ට කුමන කරුණක් සොයා ගෙන හෝ දඬුවම් කරන්න. අහෝ සිංහලයාට ,සිංහල ජාතියට ගිය කල
එතකොට විමර්ශන කරන්නේ නැද්ද ? මේ අතර කොටිත් ඇතිනේ පුද්ගල ඝාතන සම්බන්ධව අවශ්‍ය අය
කොටි නිදහස් කර එම හිර කුටිවලට හාමුදුරුවරු දාන්න හදන පුදුම ආණ්ඩුවක්නේ මේක...