(ඩයනා උදයංගනී)
පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප්රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ අය ඒවා සාර්ථක නොවීම නිසා දැන් හූනියම් කරන්නට යන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි..
තමන්ට හූනියම් කර ඇති බවට ජාතික පුවත්පත්වල පළ වී තිබූ ප්රවෘත්ති දුටු විට තමන්ට සිනා ගිය බව කී ජනාධිපතිවරයා හොරොව්පොතාන ප්රදේශයේ සිදුකර ඇති බව කියන මෙම හූනියම කරන්නට ඇත්තේ කවුරුන් ද යන්න රටම දන්නා බව ද කියයි.
එවැනි දේවලින් තමන් තවත් ශක්තිමත් වෙනවා මිස කිසි දිනෙක නොසැලෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ 38 වෙනි සංවත්සර උළෙලට හා එම පරිශ්රයේ ඉදිකළ නව පස්මහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (14) එක්වෙමිනි.
අනුරාධපුරය හොරොව්පතාන ප්රදේශයේ සොහොන් පිට්ටනියක තිබී සොයාගෙන ඇති තමන්ගේ නම් සහ රුව ඇති තඹ තහඩු ඇතුළු හූනියම් කළ බවට වන තොරතුරු දැකීමෙන් තමන් නොසැලෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවාරි 8 න් පස්සේ රටටම හූනියම් කරලා වගේ තමයි.. රටක ජනාධිපති වරයෙක් මේ වගේ සිල්ලර මාතෘකා සමබන්ධයෙන් අදහස් පල කිරීමත් විහිළුවක්..
මෙවැනි අය තවත් ඉන්නවා කියන එක තමා පුදුමේ.... !!!
දෙයියෝ දෙනකොට භුතයෝ ඔරවනවා සර් ...
ජනාධිපතිතුමනි, කාට කියලද මේ වැඩේ කෙරෙව්වේ?
ගරු ජනාධිපතිතුමනි, ඒක හූනියමක් නොවෙයි ! එය ඔබතුමාගේ ආරක්ෂාව සඳහා කරපු මන්ත්ර ගුරුකමක් කියල දැනට රට පුරාම රාවයක් පැතිර යනවා. ඔය තඹ කොලය අරන්ගිය කෙනාගේ සිහිය විකල් වෙලා දුවද්දී ඒක එතන වැටිලා තිබුනලු. ඔබටත්, අගමැතිතුමා ඇතුළු රජයටත්, තෙරුවන්ගේ ආරක්ෂාවත්, දළදා සමිඳු පිහිටත්, ශ්රී මහා බෝධීන් වහන්සේගේ රැකවරණයත් ලැබෙනවා. ඔබතුමාටත්, රජයටත් වින කිරීමට අර අඳින, තවමත් නිදැල්ලේ සිටින හොරු රංචු අල්ලා නීතිය ක්රියාත්මක කර දඬුවම් දීමට දැන් කාල වේලාව පැමිණ තිබෙන බවත් සිහියේ තබාගන්න !!
රටට වෙච්ච් ලොකුම හුනියම තමයි!
දක්වන ප්රතිචාර වලින්ම පෙනෙනවා සැලිලා ඉන්න බව. මෙවැනි දෙවල්ද මෙවැනි උත්සව සභාවකදි කතාකල යුත්තේ ... ?
රටටම හුනියම වැදිලා තියෙන්නේ... ජනාධිපතිතුමාට විතරක් නෙමෙයි. ඒ නිසා ජනාධිපතිතුමාත් බය නැහැ කියන එකේ වරදක් නැහැ...
මේ ආණ්ඩුව තමයි දැනට තියෙන ලොකුම හූනියම.. වෙන කියන්න දෙයක් නෑ...
මේවට කියන්නේ සිත නිවන කතා.. කියලයි...
ඒක දැකල තියෙන්නෙත් පත්තරෙන්.දැන් ඉතින් තව ටික කාලයකට ශේප් එකේ ඉන්න පුළුවන් මෙයට.
මේක තමන්ට තර්ජන තියෙනවා කියල ලකුණු දාගන්න කරගත්තු දෙයක්ද දන්නේ නැහැ.
මුළු රටටම වැදී තිබෙන ලොකුම හූනියම තමා චන්දෙන් පැරදිලා, ආයෙත් බලයට පැමිණ තව තවත්රට හූරා කෑමට දිව ඇදගෙන බලා සිටින ඒකාබද්ද විපක්ෂය සමග අත්වැල් බැඳගෙන සිටින විවිධ චෝදනා වලට මුහුණපා සිටින හොරු රංචු බව කවුරුත් දන්නා දෙයක්..... රජය තවමත් මන්දගාමීවී සිටීම කාගේත් කුතුහලයට පාත්රවී තිබෙනවා !!!!