(ඉන්දිකා රාමනායක)
මුල්‍ය ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ කෙරෙන පරීක්ෂණ සදහා ප‍්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජාතික බුද්ධි අංශ ප‍්‍රධානි මේජර් ජනරාල් (විශ‍්‍රාමික) කපිල හෙන්දාවිතාරණ මහතා හෙට (14) පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පවත්වාගෙන යන කේබල් රූපවාහිනී ආයතනකින් සහ තවත් ආයතන කිහිපයකින් මිලියන ගණනක මුදලක් සිය ගිණුමට බැරකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මුල්‍ය අපරාධ කොට්ඨාසයේ ඒකකය 4 විසින් සිදුකරන පරීක්ෂණයක් අනුව මෙම ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිත ය.
හෙන්දාවිතාරණ මහතා ඉකුත් රජය සමයේ ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කර ඇති අතර ඒ මහතා ප‍්‍රකාශ ලබා ගැනීම සදහා මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවු ප‍්‍රථම අවස්ථාව මෙය වේ.
ඉකුත් රජය සමයේ වු පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදන් වීම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද හෙන්දාවිතාරණ මහතාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020 දී නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත එකම වැඩ බිමක්ව තිබු රට මුදු බිමක් පමණක් වී ඇත
2000 මුල ගණන්වල මිලේනියම් සිටි සිද්දියෙන් මුළු බුධි අංශයම පාවල දුන්න එකේ දෙවැනි අදියර දැන් ජයටම වෙනවා... ඔබට සතුටුයිද දැන්?
මුදල් විශුධ්ධිකරණය සම්බන්ධව රාජ්‍ය රහස් හෙළිකිරීමට විදේශ බලවේග සමග රජය ගන්න උත්සාහයක් බව හොරු සුරකීමේ ව්‍යාපාරය කියාවි.