තොරතුරු කොමිසමට ලක්ෂ 760 ක් මූල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා මාස කිහිපයක් තිස්සේ වැඩ ආරම්භ කිරීමට නොහැකි වූ තොරතුරු දැනගැනීමේ කොමිසම වෙනුවෙන් භාණ්ඩාගාරය ඊයේ (07) රුපියල් ලක්ෂ 760 ක් ලබා දුන් කළ බව එහි ආරංචි මාර්ග කියයි. 07 March 2017
සෙබළුන් අත්අඩංගුවට ගැනීමට පෙර හමුදාපතිවරුන්ට දන්වන්න‘යි රතන හිමියෝ කියති අපරාධ පරීක්ෂණ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරින් හෝ සෙබළු අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන් සැකකරුවන්දැයි සෙවීමට ත්‍රිවිධ හමුදාවේ ඒකාබද්ධ පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ. 07 March 2017
අතුරුදන්වූවන් සොයන්න උදව් ඉල්ලති රහස් කඳවුරුවල සිටින තම ඥාතීන් නිදහස් කිරීමට ජාති, ආගම් බේදයකින් තොරව රජයට බල කරන ලෙස යුද සමයේ අතුරුදන්වූ කිලිනොච්චියේ වැසියන්ගේ ඥාතීහු ඉල්ලා සිටිති. 07 March 2017
ජනාධිපති කොමිසමට දුන් තොරතුරු කෝප් කමිටුවට නොදුන්නේ ඇයිදැයි සොයයි බැඳුම්කර සිද්ධිය ගැන පැවැත්වෙන ජනාධිපති කොමිසමට සාක්ෂිකරුවන් ලබා දුන් ඇතැම් තොරතුරු කෝප් කමිටුවට නොදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කථානායකවරයා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 March 2017
පාලිත හිමියන්ගේ පෙත්සම සලකා බැලීම මැයි 18 දා මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන නිකුත් කරන ලද කෝප් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාව පාලිත හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 18 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තීන්දු කළේය. 07 March 2017
ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන්ට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ දැනුම විදෙස් ආයෝජන ඉහළ නංවා ගැනීම සහ අපනයන ප්‍රවර්ධනය ඉලක්ක කරගෙන ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය හා එක්ව ’’ආර්ථික රාජ්‍යතාන්ත්‍රික පාඨමාලාව’’ ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 07 March 2017
ශ්රීලනිපය සමඟ එක්වන්නැයි ඇමතිනි සුදර්ශනීගෙන් ආරාධනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට දේශපාලන පවුලක සාමාජිකාවක් වීම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බැවින් හැකියාව හා දක්ෂතා ඇත්නම් ශ්රීලනිපය සමඟ එක්වන්නැයි නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. 07 March 2017
ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබීම ගැන පරීක්ෂණයක් කරන්න’යයි ආරක්ෂක ලේකම්ට කියයි ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී වෙඩි ප්‍රහාර එල්ල වූ බවට පවතින චෝදනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට අද (7) ලිපියකින් දැනුම් දී ඇත. 07 March 2017
රටම දැවැන්ත මුල්‍ය අර්බුදයක බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියයි 2015 වසරේදී රජයට විශාල මුදල් අවශ්‍යතාවයක් තිබු නිසා මසකට කිහිප වරක් භාන්ඩාගාර බැඳුම්කර නිකුතු කිරීමට සිදු වු බවත් ඒ වන විට මහා භාණ්ඩාගාරයත්, ශ්‍රී ලංකා මහා බැංකුවත් දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ අධිකාරී බුද්ධික සරත්චන්ද්‍ර මහතා අද (07) බැඳුම්කර කොමිසමට පැවසීය. 07 March 2017
පාර්ලිමේන්තුවේ කේක් කැපීම ගැන රීති ප්‍රශ්නයක් විමල් විරවංස මහතාගේ උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු සංකිර්ණය තුළ කේක් කැපීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද (7) රිති ප්‍රකාශයක් මුලාසනයට ඉදිරිපත් කළේය. 07 March 2017
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අත්හිටුවයි ඉල්ලීම් හයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩවර්ජනය ලබන 10 වැනිදා තෙක් අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි. 07 March 2017
ශෂී වෙල්ගම ඇප මත මුදාහරී ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයට රුපියල් කෝටි 12 කට අධික මුදලක් වංචාකර සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධියකට අදාළව සිව් මසක් රිමාන්ඞ් භාරයේ සිටි එම මණ්ඩලයේ හිටපු සභාපති ශෂී ඩිලූම් වෙල්ගම මහතා රුපියල් ලක්ෂ 02ක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙරාම් ට්‍රොස්කි මහතා අද (07) නියෝග කළේය. 07 March 2017
A-380 ගුවන් යානා ගොඩබැස්වීමට කටුනායක පහසුකම් ප්‍රධාන ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු පමා වී නම් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල අසාදුලේඛනගත වීමට ඉඩ තිබු බව සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ හේතුවෙන් ධාවන පථය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනම් කළ බවද අමාත්‍යවරයා කියයි. 07 March 2017
ඉන්දීය ධීවරයන් 24 ක් අත්අඩංගුවට උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බව කියන ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා 4 ක් යාපනය හා තලෙයිමන්නාරම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් දුමින්ද වළාකුළුගේ මහතා පවසයි. 07 March 2017
ශ්‍රීලනිප මැයි රැළිය මහනුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය මහනුවර දී පැවැත්වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. රැලිය මහනුවර නගරයේ දී පැවැත්වීමටත්, පෙළපාලිය ගැටඹේ සිට ආරම්භ කිරීමටත් මධ්‍යම කාරක සභාවේ දීර්ඝ සාකච්ඡාවකින් පසු තිරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති හා මැයි දින කමිටුවේ සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය. 07 March 2017
ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබුවැයි නාවික හමුදාවට චෝදනා ඉන්දියා මුහුදු සීමාවෙන් මසුන් මරමින් සිටි ඉන්දියා ධීවරයන් පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වෙඩි තබා ඇතැයි දකුණු ඉන්දියාවේ ධීවරයෝ චෝදනා කරති. නාවික හමුදාවේ වෙඩි තැබීමෙන් එක් ධීවරයකු මිය ගිය බව ද ඔවුහු කියති. 07 March 2017
හිටපු ජනපතිගේ ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව නඩු 4 ක් විභාගයට ගනී වසර පහක් තම වත්කම් හෙළි නොකළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානී නෙවිල් වන්නිආරච්චිට එරෙහි නඩු හතරක් අද විභාගයට ගත් අධිකරණය පැමිණිල්ලේ හා විත්තියේ ලිඛිත දේශන ගොනු කරන ලෙස නියෝග කළේය. 07 March 2017
මීගොඩ පොලිසියට කඩාවැදුණු මැරයෝ අත්අඩංගුවට තමන්ට මරණ තර්ජන සිදු කළැයි පැමිණිල්ලක් කිරීමට මීගොඩ පොලිසියට ගිය අයකුට සුඛෝපභෝගී රථයකින් පැමිණි තිදෙනකු විසින් පොලිස් ස්ථානයේදීම පෙරළාගෙන පහරදී ඇති බවත් එය බේරීමට ගිය පොලිස් නිලධාරියකුටද පහර දී පළා යාමට තැත් කළ තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 07 March 2017
බිංගිරිය පොලිසිය ළඟ කළහ කළැයි නව දෙනෙක් සැකපිට බිංගිරිය පොලිසිය ඉදිරිපිට කළහාකාරී ලෙස හැසිරෙමින් පොලිසියට ගල් මුල්වලින් පහර දුන්නේයැයි සැකපිට පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 March 2017
දැරණියගල දෙදෙනකු කපා කොටා මරා දාලා දැරනියගල මාගල වයස අවුරුදු 7ක දැරියක සහ අවුරුදු 45ක පුද්ගලයකු කපා කොටා ඝාතනය කර කාන්තාවකට බරපතල තුවාල සිදු කළ බව කියන සැකකරුවකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 07 March 2017
සී.සී.ටී.වී. දර්ශන නැරඹීමට විත්තියට අවසර පසුගිය ජනපතිවරණයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් කහවත්තේ පැවති රැලියකදී පුද්ගල ඝාතනයක් කිරීමේ සිද්ධියේ සීසීටීවී කැමරා දර්ශන නැරඹීමට විත්තියට අවසර ලබාදීමට රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා නියම කළේය. 06 March 2017
පෑලියගොඩ පොලිසියේ පස් දෙනා යළි රිමාන්ඩ් විමර්ශනයක් සදහා අත්අඩංගුවට ගත් සැකකරුවකු අත්අඩංගුවේ සිටියදී මියයෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් පෑලියගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනා ලබන 13 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (06) නියෝග කළාය. 06 March 2017
යුක්රේන කපිතාන්ගේ පෙත්සම 17 සලකා බලයි ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත නැවක යාත්‍රා කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු ගොනු කර ඇති පෙත්සම මේ මස 17 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කළේය. 06 March 2017
සිල්රෙදි නඩුවේ අධිචෝදනා පත්‍රය සංශෝදනය කරයි විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදන වලට පටහැනි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60 ක මුදලක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බේදා දුන් බවට හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනුෂ පැල්පිට මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් පොදු දේපළ පණත යටතේ පවරා තිබු නඩුවේ අධිචෝදනා පත්‍රය සංශෝධනය කොට ඔවුන්ට එරෙහිව දණ්ඩ නීතී සංග්‍රහය යටතේ චෝදනා ගොනු කළේය. 06 March 2017
චීන සංචාරයක් නිසා වෘත්තීය සමිති සන්ධානයේ මත ගැටුම් චීන සංචාරයකට වෘත්තීය සමිති නායකයන් තෝරා ගැනීමේ ගැටළුවක් මුල් කර ගනිමින් ජාතික වෘත්තීය සමිති සන්ධානයේ සමිති අතර බරපතල මත ගැටුමක් හටගෙන ඇතැයි වෘත්තීය සමිති නායකයෙක් ලංකාදීපයට පැවසීය. 06 March 2017
වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති ඵෛතිහාසික මැදිරිගිරිය වටදාගෙය සහිත පුරා විද්‍යා භූමියේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති අතර එහි පස් සහ අවශේෂ කොටස් පුරා විද්‍යා සහ කොන්ත්‍රාත්කරුගේ අනු දැනුම මත අලෙවි කරන බව ප්රදේශවාසිහු පවසති. 06 March 2017
මා ඔයේ වැලි ගොඩ දැමීම වසර තුනකට තහනම් කරන්න යයි මා ඔය ගඟේ වැලි ගොඩ දැමීම වසර තුනකට තහනම් කළ යුතුයැයි ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. 06 March 2017
කතක් ගිනිතැබුවාට ශ්‍රී ලාංකිකයෙක් කුවේටයේදී අත්අඩංගුවට කුවේටයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක ගිනි තබා ඝාතනය කළැයි තවත් ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව කුවේට් තානාපති ආරංචි මාර්ග කියයි. 06 March 2017
තාත්තා වෙනුවට පුතා අත්අඩංගුවට ගැනීම ගැන පරීක්ෂණයක් පොලිස් විමර්ශනයකට අදාළ සැකකරුවකු වෙනුවට ඔහුගේ පුතා බොරැල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ලංකාදීපයට පැවසීය. 06 March 2017
අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගය නිසා බිලියන 10 ක ලංසුවට අනුමැතිය දෙන්න වුණා‘යි හිටපු අධිකාරිනිය කියයි බැදුම්කර නිකුතුවට ඉදිරිපත් වු රුපියල් බිලියන 10 ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කළ නියෝගය හේතුවෙන් එම ලංසුවට අනුමැතිය දීමට සිදුවුණ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ හිටපු අධිකාරී දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය හෙළි කළාය. 06 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026