(ඉන්දිකා රාමනයක)
නුගේගොඩ සහ විජේරාම ප‍්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් ස්ථාන හතරට ගිනි තැබීමේ සිද්ධින් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන සිටින ප‍්‍රධාන සැකකරු 2014 වසරේ සිට බොදු බලසේනා සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන කි‍්‍රයාකාරි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා අද(11) පැවසීය.
32 හැවිරිදි මෙම සැකකරු මෙම වෙළෙඳසල් වලට ගිනි තැබීමේ සිද්ධියට සෘජු ලෙස සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්රකාශකවරයා සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
‘‘ගත වු මාසයක පමණ කාලයක සිට මුස්ලිම් දෙවස්ථාන දෙකකට හා මුස්ලිම් ජාතිකයින්ට අයත් ව්‍යාපාරික ස්ථාන දෙකකට ගිනි තැබීම් සිදුව තිබුණා. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු එම ප‍්‍රදේශ බාර පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලැබුවා. නුගේගොඩ විජේරාම ප‍්‍රදේශයේ වෙළෙදසැල් හතරකට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු මහරගම දී අත්අඩංගුවට ගත්තා. ඔවුන් රැඳවුම් භාරයේ රදවාගෙන ප‍්‍රශ්න කරමින් පසුවෙනවා. ඔහු මෙම සිද්ධින් 4 ට සෘජු ලෙසට සම්බන්ධයි. මොහු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව බොරැල්ල ප‍්‍රදේශයේ පැවැත් වු උද්ඝෝෂණයට ප‍්‍රමුඛව දාකයත්වය ලබා දී කටයුතු කළ පුද්ගලයෙක් බවටත් තොරතුරු හෙළී වී තිබෙනවා‘
‘පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂනය යටතේ මෙම පරීක්ෂණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ සිදුවෙනවා. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල වාර්තා වී ඇති සෙසු සිද්ධීවලට අයත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ කටයුතු සිදුකරනවා. ජාතීන් සහ ආගම් අතර විරසකට ඇති කිරීමට කි‍්‍රයාකරන කී‍්‍රයාකාරීන් පිළිබදව පොලිසිය ඉතාමත් අවදානයෙන් පසු වෙනවා. එවැනි කණ්ඩායම් වලට එරෙහිව තදින් කි‍්‍රයාත්මක කරනවා. දිවයින පුරා මේ අයුරින් පහර දීමේ සිද්ධීන් 16 වාර්තා වී තිබෙනවා. එම සිද්ධීන් සම්බන්ධයෙන් මහරගම සැකකරුට අමතරව ති‍්‍රකුණාමලය සහ දන්තුරේ ප‍්‍රදේශවල තවත් පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා‘ යැයි ද පොලිස් මාධ්‍ය ප්රකාශකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි.... විල්පත්තුව විනාශ කළ අයව අත්අඩංගුවට ගන්නවා නම් හොඳයි. නැගෙනහිර පුරාවස්තු විනාශ කරන අය අත්අඩංගුවට ගන්නවා නම් හොඳයි...
ආණ්ඩුව වැඩ කරන්නෙත් "රෑ දනියෙල් දවල් මිගෙල්' ක්‍රමවේදයක්. සුළු ජාතී බහුතරයකගේ සහයෙනුත් පත්වුණු මේ ආණ්ඩුව සියළු දෙනාටම සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන්න ඕනේ.... නැතිනම් මේ නිසාම, වැඩිකල් යන්න කලින් යුරෝපා සංගමයෙන් ලැබුණු සහයත් නැතිවෙන්න බැරි නැහැ. තවදුරටත් මුස්ලිම්වරුන් සහ පාලකයින් කෙරෙහි විශ්වාස නොකර විකල්පයකට වහාම යා යුතුයි.
මෙයාගේ ලොක්කාවත් අල්ලා ගත්තා නම් තමයි වැඩේ සම්පුර්ණ...
ඕන කෙනෙකුට ඕන රැස්වීමට යන්න පුළුවන්... හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ බොදුබල සේනා සාමාජිකයෙක් කියන එක...
මට නම් හිතෙන්නේ මේක හාමුදුරුවෝ අමාරුවේ දාන්න කරන සැලැස්මක් .....
මේ වගේම,.. බොදු සිද්ධස්ථාන විනාශ කරන, කැලෑ කපා වාර්ගික ජනපද විනාශ කරන්නවුන් අත්අඩංගුවට ගැනීමට බැරි මන්ද.? මේ රටේ සේරම නීති බල පවත් වන්නේ සිංහලයන්ට පමණද? ප්රභාකරන්ට තුවක්කුවෙන් කරන්න බැරිවූ දෙය අනාගතයේදී කතිරයෙන් කර ගැනීමට ඉඩ සලස්වනවාද? නීතිය යනු රටක සියලුම පුරවැසියන්ට එකසේ බල පැවැත්විය යුත්තකි. එහෙත් එය හරියට තදින්ම බල පැවැත්වෙන්නේ සිංහලයන්ට පමණි.
සිංහලයව සහ බුදුදහම බේරගන්න කෙනෙක් නැතිකම තමයි කණගාටු... සුළු ජාතින් බේරගන්න ලංකාවේ අයත් ඉන්නවා, පිටරට අයත් ඉන්නවා, රජයේ නොවන ආයතනත් තියෙනවා..
කෙනෙක් වැරද්දක් කරලා නම් පොලිසියේ මූලික රාජකාරිය වෙන්නේ ඔහු අත්අඩංගුවට ගෙන උසාවි ඉදිරිපත් කිරීම, එහෙම නැතුව ඔහුගේ සම්බන්ධකම් හෙළි කිරීම නොවෙයි. ඒවා උසාවියටවත් වැදගත් නැහැ. ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ එවැනි සම්බන්ධකමක් හෙළි වුවහොත් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඒවා රහස්‍ය ලෙස තබා ගැනීමයි.