(ඩබ්ලිව්.හියුබට් ප්රනාන්දු)
කටානේ පොසොන් පෙරහරකදී අලියකුගේ පහර දීමට ලක්වූ හිමිනමක් අපවත් වූ බව කොච්චිකඩේ පොලිසිය පවසයි.
කටාන ශ්රී වර්ධනාරාම විහාරයේ වැඩ විසූ කරඹේ රාහුල හිමියෝ (26) අලි ප්රහාරයෙන් අපවත් වී ඇති අතර පෙරහර සමග උන්වහන්සේ ගමන් කරමින් සිටිය දී එසේ ප්රහාරයට ලක්ව ඇතැයි කියති.
අලියාගේ දකුණු පසින් ඉදිරියට යමින් සිටි හිමි නමට අලියා විසින් හොඬවැලෙන් ඇද පහර දෙනු ලැබ ඇතැයි සිද්ධිය දුටුවෝ පවසති.
පෙරහරේ ගිය හිමිනම අලි ප්රහාරයෙන් අපවත් වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ට විතරක් ඇහෙන විසිල් එකක් පාවිච්චි කරලා තියෙනවා පෙරහැර විරෝධී කෙනෙක්...
මෙවැනි දෑ නිසයි පරිසරවේදීන් කියන්නේ කැලෑ සත්තුන්ට අයිති කැළේට වෙලා නිදහසේ ඉන්න දෙන්න කියලා... පර්චස් 10,15 පොඩි ඉඩක දම්වැල් දාලා උන් හිරකරගෙන ඉන්නවා මදිවට මේ සත්තු ව්කෘති චර්යා පෙන්වන එක මහා පුදුමයක් නොවෙයි. ඉතින් මේ සිදුවීමෙන් වත් ආදී යුගයේ පරණ චාරිත්ර අතෑරලා දමනවා නම් මෙවන් ඛේදවාචක අනාගතේදී ඇති නොවේවි. මෙම භික්ෂූන් වහන්සේට නිවන්සැප අත්වේවා!!!
අලියා කියන්නෙ සතෙක්.. ඌ අයිති කැලයට.. ඒකයි නිවහන.. ඒ සතුන්ට පාඩුවෙ ඉන්න නොදී බුදු හාමුදුරුවෝවත් නොකීව, උන්වහන්සේවත් අනුමත නොකරන දේවල් වලට සත්තු අරන් මෙහෙම කරන අපි මේ වගේ විපත් බලාපොරොත්තු වෙන්නත් ඕන.. මිනිස්සුමයි මේ මිනිස් ජීවිත නැති වෙන ඒවට වග කියන්න ඕනේ... ඔබ වහන්සේට නිවන් සුව!
උන්වහන්සේට නිවන් සැප ලැබේවා! සම්ප්රදායන්ට ගරු කිරීම හොඳය. එහෙත් සතුන්ට වධදෙමින්, පාරේ යන අයට වධ දෙමින් කරන ආමිස පුජාවන්ට වඩා ප්රතිපත්ති පුජා වලට පෙළ ගැසෙමු. උන් වහන්සේට නිවන් සැප ලැබේවා!
අලියා වනයක ජීවත් විය යුතු සතෙකු මිස මෙසේ හිංසනයට ලක්විය යුතු නැත. ඇතුන් පන්සල්වල ගාල් කීරීම සහ බර වැඩ ගැනීම පැවතෙන්නේ ඉතා අතීතයේ අපට දියුණු මනසක් නොතිබුණු කාලයක සිටයි. නමුත් දැන් අපි මනස දියුණු විසිඑක් වන ශතවර්ෂයේ මිනිසුන් ලෙස සීතිය යුතුයි.
රටේ මෙච්චර ප්රශ්න තියෙද්දී ඕනෑවට වඩා ආමිෂ පුජා පැවැත්වීමට යාමේ ප්රතිඵලයකි, මේ පෙන්නුම් කරන්නේ....
මේ අලියා ගැන මට නම් සැකයි...
ඔය අලියා මද කිපීච්ච එකෙක් වෙන්න ඇති . එහෙම උන් පෙරහෙර වල ගෙනියන්නේ නැහැ.