ශ්රීනාත් ප්රසන්න ජයසූරිය
දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ගිය බව කියන එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අද සවස ගාල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී මියගිය බව කොල්ලූපිටිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර නව නගරයේ පදිංචිව සිටි ශෂී මධුෂාන් රණවීර (24) සහ තිලක් ලක්ෂාන් රණවීර (12) නැමති සහෝදරයින් දෙදෙනෙකි.
ශෂී මධුෂාන් නැමති තරුණයා සිංගප්පූරුවේ රැකියාවක් කර අද කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණ ඇති අතර ඔහු කැ`දවාගෙන යෑමට මව, පියා, සහ මියගිය ලක්ෂාන් ඇතුළු පවුලේ අය වෑන් රථයකින් අනුරාධපුරයේ සිට පැමිණ ඇත.
අනුරාධපුරය බලායෑමට ප්රථම ඔවුන් ගෝල්ෆේස් පිට්ටනියට පැමිණ පසුව කොල්ලූපිටිය මුහුදු මාවතට පැමිණ ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුකයි. කොච්චර අාසාවකින්ද රට ඉඳලා ගෙදර එන්නේ. නමුත් අද මලගමක්... ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා.. මේ පතා ගෙන අපු හැටි සංසාරේ.. හරිම දුකයි, දෙමුපියන් කොහොම උහුලගන්නද මන්දා...
කෙසේ හෝ ඉතා අඩු වයසේ දරුවන් දෙදෙනෙකුගේ වියෝවක්.... ඇයි මෙතරම් අපරික්ෂාකාරී අපේ දරුවන්.? සෙල්ෆි ගහන්න ගියාම ද? වෙනත් හේතුවක් ද? නැවත මෙවන් අකල් මරණ නොවේවා!!! යහපත් ලොවකට පිවිසීමට වරම් ලැබේවා. !!!
රට ඉඳන් ලංකාවට අපුවහම ගෙදර නොයා ගෝල්ෆේස් යනවා කියන්නේ.... අනේ මන්දා හිතාගන්න බෑ...
මෙවැනි සෙල්ෆි පින්තුර ගන්න දුම්රිය මගට ගොස් ජීවිත නැති කරගත් පළමු අය මේ සොහොයුරන් දෙන්නා නොවේ. කිසිම වගකීමකින් තොරව සිය බාල සොහොයුරාද අකල් මරණයකට පත්කරමින් වැඩිමල් සොහොයුරා කල මේ අපරාධය ඔවුන්ගේ දෙමාපියන්ට කිසිදා අමතක නොවනු ඇත. මේවා අනිත් අයටත් පාඩමක් වෙනු ඇතැයි මම සිතනවා...
බීමත්ව ඇලේ දොලේ මහා මුහුදේ නාන්න යන එක ගැනයි, සෙල්ෆිවල තිබෙන මෙම අන්තරාදායක පැත්ත ගැනයි මම කලක සිටම දැනුවත් කිරීම් කළා....
මේ තරුණ පරපුරට පුදුම සෙල්ෆි අමාරුවක් තියෙන්නේ.. සෙල්ෆියක් ගහලා මුහුණු පොතට දැම්මම ඔක්කොම හරි කියන මානසිකත්වක් තමයි බොහෝ දෙනෙකුට තියෙන්නේ.. අපරාදේ තරුණ ජීවිත..! දෙමව්පියන් මේ ගින්න කොහොම දරාගනීද කියල හිතන්නත් බැහැ.... අනිකුත් අයටත් මෙය පාඩමක් වේවා.!
සෙල්ෆි ගැනීම ඇතැම්විට ඉතා භයානක විය හැකි බැවින් සුදුසු තැන නොතැන හඳුනාගෙන කළ යුතු වැඩක්..
මෙය ලංකාවට අලුත් දෙයක් නොවේ. අපේ සමාජය අද ඉතා පිරිහිලා මේ මොබයිල් මේනියාව හින්දා දෙමව්පියෝ දරුවන් ගැන දක්වන අවධානය අද මේ විනාශකාරී මොබයිල් මේනියාව හින්දා ඉතාම පිරිහීමකට පත්වෙලා. තාක්ෂණය අපට ඕනි. එත් මේ විනාශකාරී පුස් දේවල් සදහා නොවේ. අපේ රටේ සංවර්ධනය සහ අපේ මිනිස්සුන්ගේ සංවර්ධනය සඳහා. අපේ රටේ තියෙන්නේ ගල්යුගයේ දුම්රිය පද්ධතියක්. අද ලෝකේ දියුණුවෙලා. අපිට ඉතා ආරක්ෂාකාරී දුම්රිය පද්දතියක් ඕනි. දේශපාලකයෝ සහ සමහර විද්වත්තු පුරසාරම් කිව්වට මදි. අපේ මිනිස්සුන්ට කිසිම සංයමක් නෑ දුම්රියට නගින්නේ හරක් ගාලක් යනවා වගේ. අපේ ඇමැතිතුමාලා රටවල්වලට යනවා එත් දෙයියනේ මෙගොල්ලොන්ට පෙන්නේ නැද්ද ... වෙනරටවල්වල කොච්චර හොඳ ආරක්ෂාකාරී දුම්රිය පද්ධති තියෙනවාද කියලා. මෙවා තමයි දේශපාලකයෝ වැඩකරනවා කියන්නේ. බලන්න අද ලංකාවේ හැම රජයේ ආයතන සහ පුද්ගලික ආයතනවල සේවකයෝ වැඩකරන කාලෙන් වැඩිහරියක් කරන්නේ අයිපෝන් වලට කොට කොට ඉන්න එක. අපේ සංවර්ධනයේ කාර්යක්ෂමතාවය ගැන අපිට දැන් හිතගන්න පුළුවන්. අපේ මුළු සමාජයම සාරධර්ම සංහිඳියාව ආගමික සහජීවනය මේවා ඔක්කොම දැන් අපේ මිනිස්සු අතෑරලා දාලා. ස්වබාවික විපත් දැන් එකදිගට ඔලුව උස්සනවා අපේ අකාර්යක්ෂම වත්පිළිවෙත් හින්දා...
මේ සෙල්ෆී නම් පුදුමාකාර දෙයක්... දරුවනේ කැමරා ෆෝන් එකක් තිබ්බ පමණින් ඔහේ සෙල්ෆි ගන්න යන්න එපා.. මොලේ කල්පනා කරන්න අවට ගැන සැලකිලිමත් වෙන්න .. මියගිය දරුවන්ට නිවන් සුව..දෙමාපියන්ට මේ වියෝව දරාගන්නට සියලු ශක්තිය ලැබේවා..!!!
දිසානායක .. ඔබ සියයට 100 ක්ම නිවැරදියි...
Disanayaka .... දුම්රියට නගින්නේ හරක් ගාලක් යනවා වගේ. අපේ ඇමැතිතුමාලා රටවල්වලට යනවා එත් දෙයියනේ මෙගොල්ලොන්ට පේන්නේ නැද්ද ... වෙනරටවල්වල කොච්චර හොඳ ආරක්ෂාකාරී දුම්රිය පද්ධති තියෙනවාද කියලා...... ඔබ කිව්වා නේද? ඉතින් මේ අවාසනාවන්ත සිදුවීමෙයි, දුම්රිය සේවයයි අතර තිබෙන සම්බන්ධකම මොකද්ද ? මේ අයිය, මලෝ දෙන්න දුම්රිය මග මැද සිට සෙල්ෆි පින්තුර ගන්න එක රියදුරා දුර සිට දැක්කද? සැහෙන වේගයකින් ඉදිරියට ඇදෙන ටොන් සිය ගණනක් බර දුම්රියක් තත්පර කිහිපයකින් නවත්වා ගැනීමට පුළුවන් දුම්රිය රියදුරෙක් මේ ලෝකයේ කිසිම රටක නැත. ඔහුගේ එකම වගකීම වන්නේ එයාගේ දුම්රියේ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව බලාගැනීමයි, දුම්රිය පීලි මත ධාවනය කිරීමයි !!!
මේ සෙල්පි හරිම භයානකයි .....ඔබලාට නිවන් සුව ......
නන්දලාල් මහත්තයෝ වෙනත් රටවල සෙල්ෆි ගහන්න දුම්රිය මාර්ගයට මනුස්සයෙකුට තියා සතෙකුටවත් ඇතුළුවෙන්න බෑ. ඒක තමයි සම්බන්ධය. මේ විදිහට සෙල්ෆි ගහන්නේ මොන මෝඩයෝද මහත්තයෝ...? ඒක තමයි මම කියන්නේ දෙමව්පියෝ ළමයින්ව අතාරලා දලා කියලා...