(පුෂ්පකුමාර ජයරත්න)
ඉදිරියේදී ත්‍රීරෝද රථ බලපත්‍ර අයදුම්කරන පුද්ගලයින්ට ත්‍රීරෝද රථ පැදවීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිරීති පිළිබඳ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව පමණක් ඉදිරියේදී රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියයි.
කුරුණෑගලදී අද(11) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ත්‍රී රෝද රථ රියැදුරු බලපත්‍ර ඇයැදුම්පත් 200ක් එකතු වීමෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී මේ සඳහා සත්දින වැඩමුළුවක් පවත්වන බවත් ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ රිය අනතුරු වල වැඩිම පංගුවකට වගකියන්නේ ත්‍රී රෝද රථත්, මෝටර් සයිකලුත් පමණක් නිසා මෙවැනි පුහුණුවක් කියන්නේ කාලීන අවශ්‍යතාවයක්.... නමුත් මෙය රජයට මුදල් ගරා ගැනීමේ උප්පරවැට්ටියක් නොවේවා !!!
මාර්ග සලකුණු පිළිබඳවත්.. රියදුරු බලපත්‍ර ගන්න සියලුදෙනා දැනුවත් කලයුතුයි. රියදුරු බලපත්‍ර ලබාදීමට පවත්වන ලිඛිත පරීක්ෂණයට මෙයට වැඩි ප්‍රශ්න ඇතුළත් කිරීමට අමතරව ප්‍රායෝගික පරීක්ෂණයේදී පරික්ෂා කරන්නත් ඕන... සමහර රියදුරු පාසල් වල කරන්නේ ප්‍රශ්න පත්‍ර පහ 5 අපේක්ෂකයාට දීල පාඩම් කරගන්න කියන එක... එවිට විභාගය සමත් වෙනවා මාර්ග නීති දන්නේ නැහැ ඒවගේම වර්තමානයේ කෝටිගණන් වටින වාහන ගෙනෙන සමහර පුද්ගලයන් කහඉර (සුදු ඉර) මතත් බස් නවතුමේත් පදික වේදිකාවේත් වාහන නවත්වනවා. ලොකුලොකු වාහන නිසා පොලිස් නිලධාරීන්ටත් මේවා පෙනෙන්නේ නැහැ. ඔවුන්ට පෙනෙන්නේ පොඩි පොඩි වාහන විතරයි. මාර්ග නීති පිළිබඳව එම නිලධාරිනුත් මෙයට වඩා දැනුවත් කලයුතුයි.