බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට දෙවැනි වරටත් තේරී පත්වීමට ශ්‍රී ලාංකිකයකු වන රනිල් ජයවර්ධන මහතා සමත්ව ඇත.
බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ඔහු මීට පෙර 2015 දී පළමු වතාවට එරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.
බ්‍රිතාන්‍යයේ විද්‍යාවේදී උපාධිධරයකු වන රනිල් ජයවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ බැංකු කළමනාකාරවරයකු ලෙස ද සේවය කර ඇත. ඔහුගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර මව ඉන්දීය ජාතික කාන්තාවකි.
පසුගියදා පැවැති මැතිවරණයේ දී බ්‍රිතාන්‍යයේ කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ බලය හිමිවූයේ නැත.
බ්‍රිතාන්‍ය නව මන්ත්‍රීගේ මුල අඟුරුවාතොටින්
(2015 මැයි 08 වැනි දා)
(2015 මැයි 10 වැනි දා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ උපන්නෙකු වන අතර මව ඉන්දීය ජාතික කාන්තාවකි. ඔහු බ්‍රිතාන්‍යය ජාතිකයෙකි.
ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගේ ගතිගුණ එහෙම නැතුව ඇති මෙතුමාට නේද?
මොහු ශ්‍රී ලාංකිකයෙකු නොව බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. 1986 දී ලන්ඩන් වල උපත ලබා එහි අධ්‍යාපනය ලබා, රැකියාවක නිරත වී බ්‍රිතාන්‍ය ජාතික ඇලිසෝන් මහත්මිය සමග විවාහ වී ඇත. ඔහුගේ පියා ලංකාවේ ඉපදුණත් ඔහුත් 1976 සිට බ්‍රිතාන්‍ය ජාතිකයෙක්... මොහුගේ මව ඉන්දියාවේ උපත ලැබුවත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. රනිල් ජයවර්ධන ශ්‍රීලංකාවට විදේශ ජාතිකයෙක් පමණකි.
මෙතුමා ශ්‍රී ලාංකිකයෙකු වෙන්නේ කොහොමද? ද්විත්ව පුරවැසිභාවයකින්ද? මෙතුමාට හරියට සිංහලවත් බැරිව ඇති. ඇත්තටම දේශපාලනයේදී කකුලෙන් ඇදිලි කොහෙත් තියෙනවා. ශ්‍රී ලාංකිකයෙක් නම් මෙතුමාට බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට යන්න වෙන්නේ බලලා එන්න තමයි...
රනිල්ලා කොහේ හිටියත් බැබලෙනවා.. ඒක තමයි ඇත්ත.
මා දන්නා පරිදි මෙතුමා ලංකාවට තවම සංචාරකයෙක් ලෙසවත් පැමිණ නැහැලු. සිංහලවත් කතාකරන්න හරියට බැහැලු...