දේශපාලන පසුබිමක් ඇති පවුලකින් පැවතෙන 29 හැවිරිදි රනිල් ජයවර්ධන වැඩි ඡන්ද 29,916 කින් ලන්ඩනයේ ඊසානදිග හැම්ප්ෂයර් අසුන ජයග්‍රහණය කැර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ඔහුගේ පියා නලින් ජයවර්ධන හොරණ අඟුරුවාතොට උපන්නේය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේය.
නලින් ජයවර්ධනගේ පියා හෙන්රි ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවී දේශපාලනයෙහි නිරත විය. හෙන්රි ජයවර්ධන වයස අවුරුදු 26 දී අඟුරුවාතොට ගම් සභාවේ සභාපති තනතුරට පත්වී වසර 20 කට වඩා කටයුතු කළේය. ඔහුගේ සෙවනේ හැදුන වැඩුන නලින් ජයවර්ධනද දේශපාලනය කෙරෙහි නිරායාශයෙන්ම ඇල්මක් ඇතිකර ගත්තේය. කුඩා කල සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට ඔහුද සම්බන්ධවී කටයුතු කර ඇත.
හෙන්රි ජයවර්ධන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කාලයේ බණ්ඩාරගම ආසනයට නාමයෝජනා ඉල්ලා සිටි නමුත් නොලැබිණි. එම අවස්ථාව පළපුරුද්දක් නැති හර්බට් වික්‍රමසිංහට ලැබිණි. වසර 20ක දේශපාලන පලපුරුද්දක් තිබූ තම පියාට පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමේ අවස්තාව ලබා නොදීම නිසා තරුණ නලින් ජයවර්ධනට ලංකාවේ දේශපාලනය එපා විය.
පසු කලෙක එජාප රජයක් පවතී කාලයේ ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවටත් ගුවන් හමුදාවටත් බැඳීමට ගත් උත්සාහයද සුදුසුකම් තිබියදීත්,දේශපාලන හේතු මත අසාර්ථක වී ඇත.
ඔහු එංගලන්තයට එන්නේ ඉන් පසුවය.
ලන්ඩන් නුවරදී ගණකාධිකරණය හැදෑරු ඔහු පසුව එස්මින්ස්ටෙර් විශ්ව විද්‍යාලයෙන් බී ඒ උපාධියක් දිනා ගත්තේය.
ඔහු දේශපාලන කටයුතු වලට සම්බන්ධ විය. ලොයිඩ්ස් බැංකුවේ ජේෂ්ඨ කළමනාකරු ලෙස රැකියාව කළේය.
දැනට ඔහු ජේෂ්ඨ මහේස්ත්‍රාත්වරයකු ලෙස සේවය කරයි.
හැම්ප්ෂයර් නගර සභාවට ඔහු කොන්සර්වෙටිවේ පක්ෂයෙන් තරඟ කළේය.
රනිල් ජයවර්ධන ඔහුගේ වැඩිමහල් පුතාය. නලීන් ජයවර්ධනට තුෂානි ජයවර්ධන නමින් දියණිය ද රවීන්ද්‍ර ජයවර්ධන නමින් බාල පුතෙක් ද සිටිති.
බිරිඳ ඉන්දිරා ජයවර්ධනයි. ඇය පාසල් පාලිකාවකි. තුෂානි දියණිය දැනට රැකියාවක නිරතව සිටී. පොඩි පුතා රවීන්ද්‍ර ලන්ඩන් නුවර ආර්ථික හා දේශපාලන විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබයි.
ගෙදර නිතර දෙවේලේ දේශපාලනය කතාබස් කළ නිසා ලොකු පුතා රනිල් ජයවර්ධන වයස 11 සිටම දේශපාලනය පිලිබඳ උනන්දුවක් ඇතිකර ගත්තේය.
රනිල් ජයවර්ධන, 1986 දී ඊසාන දිග හැම්ප්ෂයර් පළාතේම උපත ලබා ගමේ පාසැලින් මුලික අධ්‍යාපනය ද, ලන්ඩනයේ ආර්ථික හා දේශපාලන විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධිය ලැබුවෙකි. වෘත්තීයෙන් බැංකුකරුවෙකි. තම පාසැල් සමයේ පෙම්වතිය වූ ඉංග්‍රීසි ජාතික ඇලිසන් හා විවාහ වී සිටී. ඔවුනට ඩේසි ජයවර්ධන නම් සති කිහිපයක් වයසැති දියණියක් ඇත.
පාසල් සමයේ සිටම කොන්සර්වෙටිව් පක්ෂ ක්‍රියාකාරිකයෙකු ලෙස නමක් දිනා සිටි ඔහු 2008 සිට බ්‍රේසින්ස්ටෝක් සහ ඩේන් නගර සහාවේ උප නගරාධිපතිවරයා ලෙස ප්‍රදේශයේ සහ ප්‍රජාවේ දියුණුව වෙනුවෙන් ලොකු සේවයක් කළේය.
මාර්ගරට් තැචර් අගමැතිව සිටි අවධියේ රනිල් ජයවර්ධනට නගර සභාව සඳහා කොන්සර්වේටිව් පක්ෂයෙන් තරග කිරීමේ අවස්තාව ලැබිණි.
පසුගිය වසර 8 දීම ඔහු නාගරික මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කර ඇත.
පවුලේ සියලුදෙනාම නිරන්තරයෙන් ශ්‍රී ලංකාව ගැන ලොකු ඇල්මක් ඇති බව නලින් ජයවර්ධන කියයි.
එංගලන්තයේ ඉන්නා එල් ටී ටී ඊ හිතවාදීන් ගෙනයන වැරදි ප්‍රචාරය පිළිබඳව සියලු තොරතුරු තම පුත් රනිල්ට කියාදීමට කටයුතු කර ඇති බවද නලින් ජයවර්ධන කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙසට ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සුබවාදීව කරුණු ඉදිරිපත්කිරීමට නව මන්ත්‍රී කටයුතු කිරීමේ ඕනෑකම තම පුතාට ඇතැයි නලීන් කියයි.
තම දෙටු පුතනුවන් ලැබූ මේ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව පවුලේ සැම බෙහෙවින් සතුටුවන වන බව පවසන නලින් ජයවර්ධන මේ අවස්ථාව දැක බලාගැනීමට තම පියා වන හෙන්රි ජයවර්ධනයන් ජීවත්ව සිටියානම් ඔහුද ඊටත් වඩා සතුටට පත්වනු නොඅනුමාන බවද පවසයි.
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වාසී ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමියන් අඟුරුවාතොට වැඩසිටි කාලයේ ඉතා ළඟින් ඇසුරු කළ බවද දැනුත් උන්වහන්සේ සමඟ නිතර කතා බස් කරන බවද නලින් ජයවර්ධන පවසයි.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ හිටපු සභාපති අභාවප්‍රාප්ත පරාක්‍රම රණසිංහගේ බිරිඳ වන මානෙල් රණසිංහ ඔහුගේ ඥාති සොහොයුරියකි.
නිහතමානි ගුණ ගරුක මිත්‍රශීලී තරුණ චරිතයක් වන රනිල් ජයවර්ධනට බ්‍රිතාන්‍ය දේශපාලනයේ දිගු ගමනක් යාහැකිබව බොහෝදෙනා කියති.





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුබ පැතුම්.සුබ අනාගතයක් වේවා.(හේ)
මගේ සුභ පැතුම්!. මේ හාදය වැඩි කතා නැතිව, වැඩ පමණක් කරන කෙනෙක් බව පෙනෙන හැඩයි. මන්ද වෙබ් එකේ යූ ටියුබ් එකේ හෝ මූනු පොතේ හෝ එකම තැනකවත් ‘කයිවාරු’ කියන බවක් නොපෙනේ. තම පියාණන් ගේ ලාංකික සහ එංගලන්ත අත්දැකීම් වලින් ලැබී ඇති අවවාදයක් වෙන්නැති. මෙයාගේ මෑණියන් එංගලන්ත කාන්තාවක්.එකල තම පියාණන්ට සිරිමාවන් ගෙන් සහ හමුදාවට තෝරන්නන්ගෙන් මේ රටේදී වෙච්චි අසාධාරනකම් නොවුනානම්, බාගෙදා මේ රටේ ‘දැන් අගමැති’ වෙන්න තිබ්බෙ, මේ රනිල්! (බ)
අපි ලාංකිකයෝ ලෙස ඔබ ගැන ආඩම්බර වෙනවා සුබ පතනවා (ම)
උණුසුම් සුබ පැතුම්.(හේ)
මගේ උණුසුම් සුබපැතුම්.(හේ)
උණුසුම් සුබපැතුම්.(හේ)
අපේ රටට අභිමානයක් ඔබ.(හේ)
ඔබගේ පියතුමා උදාර ශ්‍රී ලාංකිකයෙක් වගේම නියම සිංහල බුද්ධිමතෙක් ඒ වගේම ඔබත් වාසනාවන්ත පුතෙක් . හරිම ආඩම්බරෛය් ..බුදු සරණ පතමි ඔබ සියලු දෙනාටම.(හේ)
මගෙන් උණුසුම් සුබ පැතුම්.(හේ)
ලාංකිකයෙක් හැටියට මට ගොඩක් ආඩම්බරයි ඔබ ගැන සුබ පැතුම්.(බ)
ලංකාවේ නම රැකපන් පුතේ. ඔබ අපිට ආඩම්බර දරුවෙක්. (බ)
නිහතමානී අවංක ආඩම්බරයක් ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණේ පිහිට ලැබේව .......... (ම)
අපේ සුබ පැතුම් ඔබට (බ)
ඔබට අපේ සුබ පැතුම්.(හේ)
වරකාගොඩ ගම්සභාවද (නදී)
අපේ රට වෙනුවෙන් හඩක් නගන්නට ඔබට හැකිවේවා.(හේ)
ඔබ අපිට අභිමානායක්.(හේ)
දක්ෂතාවය ගැන ගොඩක් සතුටුයි.අපේ කෙනෙක් එංගලන්ත පාර්ලිමේන්තුවට තේරීපත් වුන එක ගැනත්.(හේ)
ඔබ ශ්‍රී ලංකාවට ගෞරවයක් . නව ගමනක් යන ඔබට අපගේ ප්රණාමය .(හේ)
වාසනාවන්,සුබපැතුම්,අපේ රටේ එදත්,අදත් සියලුදේම දේශපලිනකරණය වුනුනිසා අපේ රටට අහිමි උණු සම්පත් තව කොපමණ ඇද්ද.දැන්වත් මේවා ආදර්ශයට අරගෙන බලයට,මුදලට,යටනොවී රටේ යහපතට නායකයොත් නිලධාරිනුත්,මහජනයාත් වැඩකලොත් ශ්‍රී ලංකාව දියුණුවේ ඉහලටම තබන්න පුළුවන්.(හේ)
හිතන්නවත් බැරි දෙයක්නේ මේ සිද්ධ වෙලා තියෙන්නේ.(හේ)
දේශපාලන ගමන් මගේ දිගු ගමනක් යෑමට ඔබට ආශිර්වාද කරනවා (ම)
ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබට සුභ පතමි.(හේ)
ආදරණීය රනිල්, මගේ සුබ පැතුම් පිළිගන්න!! ඔබ අපට ආඩම්බරයකි!! (බ)
රන් සඳක් සේ දිලෙයි එය මේ අපේ තුන් සිංහලේ (බ)
ඇත්තටම ගොඩක් සතුටුයි අපේ රටේ කෙනෙකුට මේ වගේ දෙයක් ලැබීම.(නදී)
අපේ රටට ඔබ ආඩම්බරයක්. ඔබට දළදා සමිදුගේ සරණ ලැබේවා! (නදී)