ගොවීන්ට බලපෑ ප්‍රධාන ප්‍රශ්න තුනකට කඩිනමින් රජයේ අවධානය යොමුවිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියා සිටි .මේ ගැටළු ඉදිරිපත් කිරීම සදහා මාධ්‍ය දැනුවත් කිරීම 10 දින දඹුල්ලේදී එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ ගොවි නායකයන් කීපදෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි .
මේ මාධ්‍ය හමුවට බඩ ඉරිඟු ගස්, ගොයම් ගස් මෙන්ම රට හාල් හා හිස් උර රැගෙනවිත් තිබීම විශේෂත්වයකි.
නාමල් කරුණාරත්න මහතා පළමු කරුණ ලෙස කිවේ පසුගියදා ඇතිවූ හදිසි ආපදා තත්වය තුල අනෙකුත් විනාශයන් ගැන රජයේ අවධානය යොමු කළද සිදුව ඇති වගා විනාශයන් ගැන අමතක කර ඇති බවය. වහාම එම වගා විනාශයන් වලට වන්දි ලබාදිය යුතු බවය.
දෙවැනි කරුණ වුයේ දැනට රට පුරා වී වගාව ආරම්භ වී ගොයමට පළාත් අනුව වැපිරීමේ සිට පැල ගොයමට දින 45 පවා ගතවී ඇතත් මෙතෙක් සහනාධාර පොහොර මුදල් ලැබී නැති බවය. දින 5ක් කාලයක් තුල එම මුදල් ගොවීන්ට නොගෙව්වොත් අම්පාර නගරයෙන් විරෝධතා ආරම්භ කරන බවය.
තෙවැනි දැනුම් දීම වුයේ ආනයනික සහල් ප්ලාස්ටික් නොවන බව දැනුම්දීමත් ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් ගෙන්වා ඇති මේ සහල් වසර දෙකක කාලයක් කල් තබාගැනීමට හැකි බවට එම ඇසුරුම් පෙන්වමින් ප්‍රකාශ කිරීමත් සහල් ඇටයක කල් ඉකුත්වීම මාස තුනක් බවත් ය .වසර දෙකක කාලයක් කල් තබාගන්නට වස මුසු කර බව දැනුම්දීමය .
සිව් වැන්න වුයේ වී වගාව අඩුකර ඇමතිවරයා ගේ ඉල්ලීම පරිදි වගාකළ බඩඉරිඟු සඳහා මිලක් නැති බැවින් අද වනවිට ගොවින් බඩඉරිඟු කරල් ගස් පිටින් කිලෝව රුපියල් අටකට අලවි කරන බවය. නාමල් මහතා එම ගස් පෙන්වමින් කිවේ රජය මේ ගොවි ප්‍රශ්නවලට වහා විසදුම් දෙන ලෙසය.


(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපදාවකදි සහනාධාර දිය යුතුයි. නමුත් මෙයාලා ඉල්ලන්නේ සහනාධාර විතරද? නාමල් මහතා දන්නැති වුනාට මාස 3කට වඩා කල් තියාගන්න පුළුවන් සහල් තියනවා. බංගලි හාල් තියනවා වතුරෙ සති ගාණක් තිබ්බත් අවුල් වෙන්නැති. තවටිකක් ඒගැන ඉගෙන ගෙන එන්න...
මෙවැනි සහනාධාර මතම යැපෙන, ගොවීන් අනුනට අතපා ජීවත් වන තත්ත්වයට පත් කරවන සමහර දේශපාලකයෝ තමයි වස විස බෙදා හැරලා ඒකෙන් ජනතාව කුපිත කරවලා ජීවත් වෙන්නේ. හාල් ඇටවල විස තියෙනවා නම් මෙයාලා හදන හාල් වල ආසනික් නෑ කියලා ඔප්පු කරලා පෙන්වන්න.
පොහොර සහනාධාරය තුළින් නිෂ්පාදනය වැඩි කිරීම වටිනවා. එවිට හාල් ආනයනය කළ යුතු වන්නේ නැහැ. ගොවීන්ගේ වරදින් නෙවෙයි ඔවුන් අද සහනාධාර මත යැපෙන්නේ. රුපියල් 80ක් වන නාඩු සහල් ගොවීන්ගෙන් මිලදී ගන්නේ රුපියල් 35ට. රජය සහනාධාර කපා හරින්නේ නම්, මෝල් හිමියන්ගෙන් ගොවියන් අරාක්ෂා කල යුතුයි. රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට නුවණැති තීන්දු ගැනීමට රජය අපොහොසත් වීම ගැන කණගාටු වන්නෙමි..