(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරයේ මාර්ගවල සහ තදාසන්න ප්‍රදේශවල හෙට (12) සිට මංතීරු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි.
පොලිස් රථවාහන මුලස්ථානය සහ නාගරික රථවාහන මුලස්ථානය එක්ව මම මංතිරූ නීතිය කඩන රියදුරන් අත්අඩංගුවට ගැනීමටත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඇති බවද පි‍්‍රයන්ත ජයකොඩි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ අලුත් නීතියක්ද? කලින් එහෙම එකක් තිබිල නැද්ද? හරිම පුදුමයිනේ. ලංකාව ලෝකේ තියෙන මාර්ග නීති කඩන ප්‍රධාන රටක් දඬුවම් නැතිව... අපි රටවල් ගණනාවක ගිහින් තියෙනවා. වෙනත් රටවල් ඉතා ලොකු දඬුවම් පමුණුවනවා. මාර්ග නීති කඩන අයට. අපේ නීති යල් පැනපු නීති පද්ධතියක් තමයි තියෙන්නේ... කොච්චර නම් ජීවිත අවිනීත පුද්ගලික බස් රියදුරන් විසින් බිලිගන්නවාද? මේවා අලුත් දේවල් නෙවෙයි. අපේ ජාතිය සහ රට ඉතා පහතට යන දේවල්. අපිට අලුත් ලෝකයත් එක්ක කවදත් ඉදිරියට යන්න බෑ. අපේ යල් පැනපු කිසිම විනිවිද භාවයක් නැති මාර්ග නීති එක්ක. වෙන රටවල්වල දඩය එන්නේ ගෙදරට. සමහර රටවල් කෙලින්ම පඩියෙන් දඩය කපනවා. එ්ත් අපේ රටේ අවිනීත රියදුරන් මිනිස්සු මරාගෙන යමින් රජකරනවා.
කියනවා විතරයි. වැඩ නැහැ. කලත් ටික කාලයයි. ආපහු ඔක්කොම අමතකයි. අපිත් ඉතින් මේ රටේ ජිවත් වෙන මිනිස්සුනේ....
කටින් බතල කොළ හිටවනවා වාගෙයි...
මේවා ඔක්කොම ටික කාලයයි..., බලන්න පුළුවන් දෙශාපලකයන් යන හැටි ඊට පස්සේ...
වැඩිවෙන වාහන ගන්නට ඇතිවෙන්න මහාමාර්ග හදන්නේ නැතුව පාරේ නීති තදකළාට වැඩක් වෙයිද? බිමින් බැරිනම් උඩින්, යටින් හරි පාරවල් හදන්න වෙනවා. නැතිනම් හැමදාමත් ඔය තදබදේ ඔහොමම තමයි.
බොහොම හොඳයි.... තදින් ඉන්න දිගටම කිසිම සමාවක් දෙන්න එපා. පුළුවන් තරම් දඩ ගසන්න. දෙතුන් වතාවක් ගෙවන කොට හැදෙයි..
මෙම නීතිය නැවත ක්‍රියාත්මක කිරීම ගැන ශ්‍රී ලංකා පොලිසියට මගේ ස්තුතිය පුද කරනවා. මෙම නීතිය කඩන අයට රුපියල් 25000 දඩය ගහන්නම ඕන. ඒ වගේම වාහන පදවන ගමන් ටෙලිෆොන් පාවිච්චි කරන අයටත් රුපියල් 25000 දඩය අනිවාර්ය කරන්න ඕන....
ශ්‍රී ලංකා පොලීසියේ අලුත්ම රාජකාරිය වෙලා තියෙන්නේ ත්‍රි රොද රථ කරුවන්ටයි, බස්රථ ධාවකයන්ටයි විහිළු සපයන එක වගේ...
පොලිස්පතිතුමනි, කොළඹ සහ අනෙකුත් ජනාකීර්ණ නගර සිමා තුළ ධාවනය වන බස් සහ ටුක් ටුක් රථ සඳහා නිසි ධාවන උපදෙස් ලබා දීමට කාලය එලැඹ තිබේ. නගර සීමා තුළ බස් රථ එකිනෙක පසුපස ධාවනය කිරිම අනිවාර්ය කරන්න. ටුක් ටුක් රථ වලට ද එම ක්‍රියාවම කල යුතු වේ.