උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්.කුරුකුල රාසා මහතා සිය තනතුරින් තාවකාලිකව ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි.
තමාට විරුද්ධව ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙන තුරු ඔහු සිය පළාත් අධ්‍යාපන ඇමැති ධූරයෙන් ඉවත්වන බව එහි සඳහන්වේ.
ඔහුට සහ පළාත් කෘෂිකර්ම ඇමැතිවරයාට එරෙහිව දූෂණ චෝදනා ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඔවුන් වැරදිකරුවන්නම් ඔවුන්ට ගැලවීමට ඉඩ නොතබන බවත් උතුරු පළාත් මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.