මහනුවර ප්රදේශයේ ප්රධාන පෙළේ හෝටලයක පැවැති විවාහ උත්සවයකට සහභාගී වීමෙන් පසුව මිතුරන් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගිය අයෙක් ඊයේ සවස 6.30 පමණ සිට අතුරුදහන්ව සිටී.
කොළඹ ප්රදේශයේ පුද්ගලික ආයතනයක සේවයේ නියුක්ත මෙම පිරිස ඊයේ සවස 6.30 ට පමණ මහවැලි ගඟේ අනතුරුදායකම ස්ථානය වන ගන්නෝරුව වරාතැන්න සීමා මාලකයට නුදුරින් නෑමට ගොස් තිබේ. නාවික හමුදාවේ කිමිදුම් අංශයේ නිළධාරින් අද උදේ වරුවේ සිටම මහවැලි ගඟේ කිමිදෙමින් ඔහු සෙවීමේ කටයුතු වල නිරතව සිටියහ.



(සටහන සහ ඡායාරූප - මොහොමඩ් ආසික්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුරයි, මත් වතුරයි එක්වූ විට මරණ සිදුවීමට බොහෝ ඉඩ ඇත.