(තිලකරත්න දිසානායක ,ටෝනි කරුණානායක)
කොළඹ කොටුවේ සිට අඹේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුම්රියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ සිරුරක හිස කොටසක් අද (12) ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත.
මෙම හිස කොටස දුම්රිය ස්ථානයට බාර දීමෙන් පසුව පොලීසිය දැනුම් දී ඇති අතර මෙහිදී කළ පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ මෙම හිස කොටස ඉරිදා (11) කොල්ලුපිටිය ප්‍රදේශයේදී ජායාරූප ගැනීමට යාමේ දී දුම්රියක ගැටුණු සොයුරන් දෙදෙනාගෙන් අවුරුදු 12 ක වයසේ දරුවාගේ බවයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර නව නගරයේ පදිංචි පවුලක දරු දෙදෙනෙකු බවද අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දුම්රිය සේවය මීට වඩා දියුණු සහ ආරක්ෂාකාරී විය යුතුයි... දියුණු රටවල භාවිතා කරන ක්‍රමවේද හදුන්වාදී ජනතාවට වඩා හොඳ සහ ආරක්ෂාකාරී සේවයක් සැලසීමෙන් රටේ එලදායිතාව වැඩි කළ හැකියි. එංගලන්තය ඇතුළු යුරෝපා රටවල දුම්රිය සේවය ආදර්ශයට අරගෙන අපේ රටේ ක්‍රම වේද හැදීම පහසුයි... මොකද? , අපේ රටේ තියෙන්නෙත් යුරෝපීයන් හදුන්වාදුන්න දුම්රිය සේවයක් නිසා.. (ඇත්තටම අපේ රටේ පාලකයන් මිනිසුන් ගැන හිතාගෙන ඉන්න මට්ටම හරිම පහත්, ඒක අපිට තේරෙන්නේ වෙන රටකට ගිහින් ආපුවම...)
දෙවියනේ, මේ කාගේ වුනත් අපේ රටේ දරුවෝ නේද මේ අපිට නැති වෙන්නේ? ඇයි බලධාරීන් මේ අනතුරු පිළිබඳව නිහඬව ඉන්නේ? මිනිස්සු බදු ගෙවන්න මේ වගේ එකක් දෙකක් වෙනකොට හරි ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්න නේද? දැනුවත් කිරීම, ආරක්ෂක පියවර ගැනීම වගේ දේවල් කරන්න බැරි ඇයි?
අවාසනාවන්ත සිද්ධියක්. අපි වුණත් පාසල් සමයේ දුම්රිය මාර්ගයේ ගමන් ගත්තා. හොඳ වෙලාවට ඒ අවධියේ ජංගම දුරකථන තිබුණේ නැහැ. මෙතන පුදුමය වන්නේ, අනතුරෙන් පසු කටයුතු කල අයට මියගිය අයගේ 'හිස' වැනි කොටසක් මගහැරී ගිය එකයි. ඇඟිල්ලක් වගේනම් අතපසුවෙන්න පුළුවන්. නමුත් හිස?
එක්කෝ කැමරා සහිත ජංගම දුරකථන ලංකාවේ තහනම් කළ යුතුයි. නැතිනම් දුම්රිය මාර්ගයේ යාම තහනම් කළ යුතුයි.
ජංගම දුරකථනය.. මෙතන 'දුරකථනය' කියන දේ තමයි ප්‍රධාන.. අපි ජංගම දුරකතනයක් ගන්නේ හෝ කොහේ හරි ගෙනියන්නේ එකෙන් කාට හෝ කතාකරන්න. නමුත් දැන් වෙලා තියෙන්නේ කෝල් ගන්න එක මුලික දේ නොවී එය වෙනින් දේවල්වලට යොමු කරගෙන ඉන්න එකයි. අපේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම නම් අන්තිමයි .. තිත්ත වුනත් ඇත්ත කියන්න ඕනේ ..එකටම හරියන්න අපේ විද්‍යුත් මාධ්‍ය කරන්නේ තවත් i phones ප්‍රොමෝෂන් කරනවා. ටෙලි නාට්‍ය අතරතුරේ ප්‍රශ්නයක් අහනවා.. නිවැරදි පිලිතුරන් දුන්න අයට දෙන්නේ ජංගම දුරකථන.. එහෙම නැත්නම් ත්‍රි වීලර්.. මිනිස්සු කිසිම ඉවක් බවක් නැතුව ඉබාගාතේ මේ දේවල් පිටිපස්සේ දුවනවා.. විද්‍යුත් මාධ්‍ය මිනිස්සුන්ව තවත් මොට්ට කරනවා . පොඩ්ඩක් බලන්න අද සාමාන්‍ය කොල්ලෙක් කෙල්ලෙක් දුරකථන වර්ග මාරු කරන තරම.. වෙළදපොලට අලුතෙන් වර්ගයක් ආව ගමන් කරන්නේ එක ගන්නවා.. මටනම් පිස්සු වගේ ජංගම දුරකථන මාරු කරන එක.. කොයි තරම් කරදරයක් ද .. ලියන්න තව ගොඩක් දේවල් තියෙනවා එත් ඉඩ මදි
කිසිම වගකීමකින් තොරව, පොලිසිය සහ හදිසි මරණ පරීක්ෂකවරයා මෙම අවාසනාවන්ත මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර තිබෙන බව පේනවා. හිසක් නැති සිරුරක් වෙනුවෙන් කොහොමද හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දුවක්දී මරණ සහතිකයක් නිකුත් කරේ? පරීක්ෂණ කටයුතු කල පොලිසියත් සිය රාජකාරි නියම අන්දමින් ඉටු කර නැත ! මේ පරීක්ෂණ ගැන ඉහලින් විදිමත් පරීක්ෂණ පවත්වා දඬුවම් දිය යුතු වෙනවා. කොල්ලුපිටියත්, ගම්පහත් අතර දුර කොපමණද? මෙහි "කොමෙන්ට්ස් " දාපු සමහර අය දුම්රිය සේවාවේ අඩුපාඩු කම් ගැන කතාකරනවා. මේ අනතුරට දුම්රිය සේවාව ගෑවිලාවත් නැති බව මට පේනවා. ඒවගේම දුම්රිය මාර්ගයේ ගමන් කිරීමත් සම්පුර්ණයෙන්ම තහනම් බව සමහරු නොදන්නා බව පේනවා. වයස අවුරුදු අටේදී පමණ සීග්‍රගාමී දුම්රියක් ඉදිරියෙන් මාරක පිම්මක් පැන ජීවිතය බේරාගත් නිසා මෙය පලකිරීමට උඩ සිටින දෙවියන් මට පිහිට වුණාද කියා මට දැන් සිතෙනවා.