සයිටම් රජයට පවරාගන්නයි නිදහස් උපාධිධාරීහු කියති මාළබේ ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පුද්ගලික හිමිකාරීත්වය අහෝසි කර එය රාජ්‍ය හා පෞද්ගලික හවුල් පාලනයක් ඇති ආයතනයක් බවට පත් කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය පවසයි. 06 March 2017
සහෝදරත්වය යළි ඇතිකරගන්නයි අස්ගිරි මහනාහිමි උතුරේ වැසියන්ගෙන් ඉල්ලති උතුරු ප්‍රදේශයේ ජීවත් වූ සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් යුද්දයට පෙර සිටි අයුරින් එකම සහෝදරයින් ලෙසින් නැවත ජීවත් විය යුතු බව අස්ගිරි පාර්සවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ වව්නියාව පොලිස් සංකීර්ණයේ ඉදිකරන ලද චෛත්යෙයහි කොත නිරාවරණය කිරීමේ උත්සවයට අද (06) සහභාගී වෙමින් පැවසුහ. 06 March 2017
වතු වගාව විනාශයි - වතු කම්කරු සංගමයේ ලේකම් බ්‍රිතාන්‍යන් සාර්ථකව පවත්වාගෙන ආ මෙරට වතු වගාව පෝෂණය කිරීමට තරම් සවියක් ඇති පාලනයක් මෙරට බිහිව නැති බවත් මේ වනවිට මෙරට වතුකර්මාන්තය මුළුමනින්ම පරිහානියකට ලක්ව තිබෙන බවත් සමස්ථ ලංකා වතු කම්කරු සංගමය පවසයි. 06 March 2017
තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 134 ක් තැපැල් දෙපාර්ත මේන්තුවේ විධායක ශ්‍රේණියේ හා මාණ්ඩලික ශ්‍රේණීයේ නිලධාරි තනතුරු 232 න් 134 ක්ම පුරප්පාඩු යැයි ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය කියයි. 06 March 2017
ආරක්ෂක අංශ පිළිබඳ එක්සත් ජාතීන්ගෙන් විවේචනාත්මක වාර්තාවක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ පොලිසිය තවමත් බලහත්කාරකම් සහ වධ බන්ධන කරන බවට වාර්තාවන බවත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි. 06 March 2017
සියදිවි හානිකර ගැනීම වැළැක්වීම සඳහා කෘත්‍රිම බුද්ධිය සියදිවි හානිකර ගැනීම වැළැක්වීම සඳහා කෘත්‍රිම බුද්ධියක් හදුන්වා දීමට ෆේස්බුක් සමාගම සූදානම් වේ. 06 March 2017
විමල් වීරවංශ 20 වැනිදා දක්වා රිමාන්ඩ් රජයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා මාර්තු 20 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (6) නියෝග කළාය. 06 March 2017
කොටි මිසයිල බලගණයේ පාපොච්චාරණ නීත්යනුකුලයි පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුවේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බලගණයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලබාදී ඇති පාපොච්චාරණ නීත්‍යානුකුල බව ගම්පහ පළාත් බද මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ප්‍රකාශ කළාය. 06 March 2017
මින්නේරිය - ගිරිතලේ කළුවර ගස් කැපීමේ ජාවාරමක් මින්නේරිය ගිරිතලේ, සුදුකන්ද, මාඔය, නිකවැව කලාපයන්හි කළුවර ගස් කපා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ප්‍රදේශවාසීහු කියති. 06 March 2017
විමල් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටිති රජයේ වාහන 40ක් අවභාවිත කළැයි විමල් වීරවංශව මහතාට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ මහතා වෙනුවෙන් කිසිම නීතීඥයකු පෙනී නොසිටියේය. 06 March 2017
පිල්ලයාන් 33 වැනි වරටත් යළි රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් 33 වැනි වරටත් අද(6) යළි රිමාන්ඩ් කෙරිණි. 06 March 2017
‘බුද්ධිමතුන් බිහිකිරීමට දහම් පාසලත් අවශ්‍යයි‘ - විජයදාස රාජපක්ෂ ජාතියට වටිනා මෙහෙවරක් කළ නොහැකි උගතුන් බිහිවූවාට කිසිදු පලක් නැතැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 06 March 2017
පාකිස්තානයෙන් කුළියට ගත් ගුවන් යානය ආපසු බාරදෙයි පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් කල් බදු ක්‍රමය යටතේ කුලියට ගනු ලැබූ ඒ 330 ගුවන් යානාව නැවත මෙරටට බාර දී ඇත. 05 March 2017
පොලිස් පරීක්ෂකගේ සිරුර භට නිවාසයෙන් සොයා ගනී මරදාන පොලිසියේ භට නිවාසයේ කාමරයක තිබී පොලිස් නිලධාරියකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. 05 March 2017
ශ්‍රී ලංකා - ඇමරිකානු ගිවිසුම දීර්ඝ නොකරන්නැයි රජයට බලකරයි ඇමෙරිකාව සමග අස්සන් කර තිබූ ආරක්ෂක ගිවිසුම අලුත් නොකරන්නැයි රජයට බල කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 05 March 2017
මහාධිකරණ විනිසුරු කන්නන්ගේ පත්කිරීම ගැන ජනපතිට කියයි පුද්ගලික නීතිඥවරයකු ලෙස සේවය කළ ආර්.කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට තම සංගමයේ ලිපි ශීර්ෂයක නිර්දේශයක් යවා ඇත්තේ සංගමයේ විධායක සභාවේ අනුදැනුමකින් තොරව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම්දීමට නීතිඥ සංගමය අධිකරණ සේවා සංගමයට පොරොන්දුවී ඇතැයි වාර්තාවේ. 05 March 2017
විශ්ව විද්‍යාලවල ආචාර්යවරු සංකේත වැඩ වර්ජනයක සියලූ විශ්ව විද්‍යාලවල ආචාර්යවරු මෙම මස 8 සහ 9 දිනවල දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. 05 March 2017
‘සයිටම් සිසුන්ට පුහුණුව දෙන රෝහල රජයට පවරා ගන්නවා‘ - සෞඛ්‍ය ඇමති සයිටම් ආයතයේ සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (05) මහනුවරදි පැවැසිය. 05 March 2017
මානසික රෝගී තරුණිය අපයෝජනය කළාට තිදෙනකු රිමාන්ඩ් මානසික රෝගී තරුණියක අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ත්‍රීකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් සුභාෂිනි චිත්‍රවේල් මෙනෙවිය අද නියෝග කළාය 05 March 2017
ශ්‍රී ලාංකිකයකුට කටාර්හි වසර තුනක සිරදඞුවම් මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතා කිරීමේ චෝදනාවට වරදකරුවූ ශ්‍රී ලාංකිකයෙකුට කටාර් රාජ්‍යයේ අපරාධ අධිකරණය විසින් වසර තුනක සිරදඞුවමක් නියම කර ඇතැයි තානාපති ආරංචි කියයි. 05 March 2017
විනිසුරුවරුන්ගේ - නීතීඥවරුන්ගේ සංගම් එකඟතාවකට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන වාර්ෂික නිළවරණයේ තේරීම් බාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) එකඟතාවයකට පත්ව ඇත. ලබන 15 වැනිදා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වාර්ෂික නිළවරණය පැවැත්වෙන බවත් එහි තේරීම් බාර නිලධාරීන් ලෙස දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා පැවසීය. 05 March 2017
‘වන්දි දෙනවා කියලා කිව්වා විතරයි‘ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ ගල්කොරියක ඉකුත් 26 වැනිදා සිදු වු හදිසි අනතුරින් මියගිය දෙදරු පියාට රුපියල් ලක්ෂ 15 ක වන්දි මුදලක් ලබා දෙන බව එම චින සමාගම මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබු නමුත් මෙතෙක් කිසිදු මුදලක් නොලැබුණු බව ඔහුගේ බිරිය කියයි. 05 March 2017
ඒකාබද්ධ විපක්ෂයේ ආයුකාලය අගෝස්තුවෙන් අවසන් - රාජිත ලබන අගෝස්තු මාසය වන විට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි. 05 March 2017
දුම්රිය එන්ජිත් 10ක්, බලවේග කට්ටල 6ක් ගෙන්වයි ඉන්දියාවේ නිෂ්පාදිත දුම්රිය එන්ජින් 10ක් හා බලවේග කට්ටල හයක් මෙරටට ගෙන්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. දුම්රිය මගී ජනතාවට ගමනාගමන පහසුකම් වැඩි කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල ආනයනය කෙරෙන අතර ඉන්දියානු සහන ණය ව්‍යාපෘතිය යටතේ දුම්රිය එන්ජින් 10 සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 42 ක සහ බලවේග කට්ටල 6 සඳහා ඩොලර් මිලියන 58 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ප්රදානය කර ඇත. 05 March 2017
කල්පිටියේ වැලිපර අභය භූමියේ කොරල්පර විනාශයි දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් වසඟයට පත් කළ කල්පිටිය වැලි පර අභය භුමියේ දැවැන්තම කොරල් පර දෙකම මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හා සාගර උෂ්ණත්වය ඉහළ යාම නිසා විනාශ වී ඇති බව වයඹ විශ්ව විද්‍යාලයේ පශු සම්පත් ධිවර හා පෝෂණ පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය කියන්නීය. 05 March 2017
මුදල් වෙනුවෙන් ඕනෑම පාවාදීමකට සූදානම් පිරිසක් සිටින බව හිටපු ජනපතිනිය කියයි “මනුස්සකම යටවී මහා භයානක සමාජ තත්ත්වයක් රටේ ඇති වෙලා. මුදලට මෙන්ම තවත් මුදල් ලබා ගන්නට ඕනෑම දෙයක් පාවාදෙන්න ලෑස්ති පිරිසක් අපේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම දේශපාලනඥයෝ තමන්ගේ අම්මා පවා බන්දේසියක තියලා විකුණන්න ලෑස්ති වෙලා සිටින යුගයක් ඇතිවෙලා“ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය. 05 March 2017
නව ව්‍යවස්ථාව ගැන එජාප - ශ්‍රීලනිප තවමත් මත දෙකක ව්‍යවස්ථා සංශෝධනයකට මිස නව ව්‍යවස්ථාවක් සම්පාදනයට තමා කැප නොවන බව ජනාධිපතිවරයා ශ්‍රීලනිප විධායක සභාවට හා මධ්‍යම කාරක සභාවට සහතික වී යැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 04 March 2017
මහරගම රෙදි කඩයක ගින්නක් මහරගම නගරයේ පිහිටි රෙදිපිළි වෙළෙඳහලක අද (4) සවස ඇති වූ ගින්නක් නිවීමට දෙහිවල ගල්කිස්ස සහ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන හමුදාව දැඩි ප්රයත්නයක් දැරීමට සිදුවිය. 04 March 2017
හෙරොයින් දියකර ගෙනෙයි හෙරොයින් දියකර රබර් කාපට් එකක ඔබ්බවා ඒවායින් කිලෝ පහක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පාකිස්තාන ජාතික තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ මත් ද්‍රව්‍ය නාශක ඒකකය කියයි. 04 March 2017
රණවිරුවන්ට එරෙහිව නඩු අහන්න විදෙස් විනිසුරුවරුන් ගෙන්වන්නේ නෑ - ජනපති අපගේ රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පසුගියදා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි. මාතෘ භූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ විරෝදාර රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ගෞරවයත් වෙනුවෙන් තම ධූර කාලයේ වගකීමෙන් යුතුව පෙනී සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය 04 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026