කෘෂි පීඨ සිසුන් 15 දෙනාත් මාර්තු 16 දක්වා රිමාන්ඩ් සිසුන් අට දෙනකු නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය දුන් බව කියන සිද්ධියේ සැකකාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨ සිසුන් 15 දෙනා මෙම මස 16 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික ගිහාන් අත්තනායක මහතා අද (02) නියෝග කළේය. 02 March 2017
අනුර සේනානායක මාර්තු 16 දක්වා රිමාන්ඩ් ර්ගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්තු 16 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (2) නියෝග කළේය. 02 March 2017
රන්ජන්ගේ පැමිණිල්ල ගැන පොලිසිය සාක්කි සොයයි මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා තමන්ට මරණ තර්ජන කළැයි සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිසියට කළ පැමිනිල්ල ගැන අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය සාක්කි සටහන් කර ගැනීමට පියවර ගෙන ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. 02 March 2017
වකුගඩු ජාවාරම්කරුට රුපියල් ලක්ෂයක් දඩ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බාරයේ සිටින සැකකරුවෙකු වන මොහොමඩ් ඉස්දියාන්ට වසරක සිරදඬුවම් වසර පහකට අත්හිටවු බවත් ඔහුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (2) නියෝග කළේය. 02 March 2017
උතුරේ රාජ්‍ය සේවකයෝ ආරක්ෂාව ඉල්ලති උතුරේ ආයුධ සන්නද්ධ කල්ලි තමන්ට සේවය කිරීමට නොහැකි මානසිකත්වයක් සකස් කර ඇතැයි කියමින් රජයේ සේවකයින් පිරිසක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. 02 March 2017
යුද අපරාධ විමර්ශනයට බල කරන්නයි ද්‍රවිඩ පක්ෂ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි දෙමළ බෙදුම්වාදීන් සමඟ වසර 36කට ආසන්න කාලයක් පැවැති සිවිල් යුද්ධයේ දී සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්‍රවිඩ පක්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී. 02 March 2017
‘මිලියන 1500 ක අහිතකර එන්නත් ගෙන්නලා‘ රුපියල් මිලියන 1500ක් වැය කරමින් පිළිකා රෝගීන්ට අහිතකර එන්නත් තොගයක් මෙරටට ගෙන්වීමෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධයක් සිදු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. ටෙන්ඩර් පටිපාටිය උල්ලංගණය කරමින් මෙම එන්නත් ගෙන්වා ඇතැයි ද ඒකාබද්ධ විපක්ෂය කියයි. 02 March 2017
ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරූ ඉන්දීය ධීවරයන් 13 ක් අත්අඩංගුවට ඩෙල්ෆ් දූපතට දකුණින් සහ වෙත්තලකේනි ප්‍රදේශයට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 02 March 2017
ගල්කිස්ස උසාවියේ ගිනි අවි තිබුණාට 24 ක් සැකපිට අත්අඩංගුවට ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි දෙකක් හමු වීමෙන් පසු ගල්කිස්ස ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 24 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 02 March 2017
සමීරට වෙඩි තැබීමේ ප්රශ්නය දඩමීමා කරගෙන දරුවන් අපහසුතාවට ඇද දමන්න එපා සයිටම් හිටපු ප්‍රධාන විධායක සමීර සේනාරත්නගේ ප්රශ්නය දඩමීමා කරගෙන සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන දරුවන් අපහසුතාවට පත් නොකරන ලෙස මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 01 March 2017
මීතොටමුල්ල කුණු කන්දට එරෙහි පෙත්සමට ඒකල ජනතාවගෙන් සහයෝගය මීතොටමුල්ල ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට හා දිවි පැවැත්මට තර්ජනය වන අන්දමින් කුණු කන්දක් පවත්වාගෙන යාමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදි වීම සඳහා ඒකල ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසකට අද ශ්‍රේෂඨාධිකරණය අවසර දුන්නේය. 01 March 2017
‘ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 2ක් කිසිවකු වංචාකාරී ලෙසින් ගත් බව පෑන් ඒෂියා බැංකුවෙන් කිව්වා‘ තමා සහ සිඩ්නි ජයසිංහ මහතා එක්ව ලංකාවේ යකඩ කර්මාන්ත ශාලාවක් කරගෙන ගිය බවත් එහි සේවකයින් 400ක් අතර උදය ගම්මන්පිල මහතා ද සිටි බවත් ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් ඔස්ටේ්රලියානු ජාතික බ්‍රැඩ් සැඩික් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ කියා සිටියේය. 01 March 2017
විදේශ ඇමති බ්‍රිතාන්‍යයේ උප රාජ්‍ය ලේකම් හමුවෙයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උප රාජ්‍ය ලේකම් හා ආසියා ශාන්තිකර කලාපය පිළිබඳ අමාත්‍ය ආලෝක් ශර්මා මහතා අතර හමුවක් සිදුව තිබේ. 01 March 2017
පාතාල මැර ක්‍රියා මඬින්න රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් දිනෙන් දින ඉහළ යන පාතාල මැර කල්ලිවල ක්‍රියා මැඩ පැවැත්වීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 01 March 2017
පී. බී. අල්විස් පෙරේරා නමින් මාවතක් පී. බී අල්විස් පෙරේරා කවියාගේ ජන්ම ශත සංවත්සරය නිමිති කරගනිමින් කොළඹ, කොල්ලුපිටිය, මුහන්දිරම් පාර පී. බී අල්විස් පෙරේරා පාර ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ. 01 March 2017
බන්ධනාගාර බසයේදී වෙඩි වැදී මියගිය නිලධාරීන් දෙදෙනාටම උසස්වීම් සමඟ වන්දි කළුතර බන්ධනාගාර සිද්ධියෙන් වෙඩි වැදීමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඊළඟ නිලයට උසස් කිරිමටත් වන්දි පිරිනැමීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 01 March 2017
ශ්‍රීලනිප විධායක සභාවට මහින්දටත් ආරාධනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට (2) පැවැත්වෙන සමස්ත ලංකා කාරක සභාවට සහ විධායක සභාවට සහභාගීවීමට හිටපු ජනාධිපතිතුමාට මෙන්ම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් ගෞරවනීය ලෙස ආරාධනා කර ඇති බැවින් ඒවාට සහභාගී වී තිඛෙන ගැටළු සාකච්ඡා කර විසඳාගන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ›ලනිප තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 01 March 2017
කොමිසමේ නිලධාරීහු මහ බැංකුවේ බැඳුම්කර කටයුතු නිරීක්ෂණය කරති ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට අද (01) පෙරවරුවේ ගිය බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීහු පැය හතරක පමණ කාලයක් පුරා එහි කටයුතු සිදුවන අයුරු නිරීක්ෂණය කළහ. 01 March 2017
සයිටම් ප්‍රශ්නයට වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් යෝජනා කිසිසේත් සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා නොදමන අතර එම ගැටළුවට විසඳුම්යෝජනා ඇතුළත් වාර්තාවක් වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන්විසින්ලබන සතියේදී තමාට බාරදෙන බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. 01 March 2017
මුහුදේ නෑමට ගිය සිසුන්ගෙන් අයෙක් අතුරුදහන් දර්ගානගරයේ සිසුන් තිදෙනකු බෙන්තොට මුහුදේ දිය නෑමටගොස් ගසාගෙන යද්දී ප්‍රදේශවාසීන් විසින් ඉන් දෙදෙනකු බේරාගෙන ඇතත් එක් සිසුවකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි. 01 March 2017
ගල්කිස්ස අධිකරණ ශාලාවේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් ගල්කිස්ස අධිකරණ ශාලාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සොයාගත් බව පොලිසිය කියයි. 01 March 2017
අසේලට, සීකුගේට යුද හමුදාවේ උසස්වීම් පසුගිය ක්‍රිකට් තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ සීක්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්නට යුද හමුදාවෙන් උසස්වීම් ලබාදී ඇත. 01 March 2017
ශ්‍රි ලංකාවේ සහායට බ්‍රිතාන්‍යය ඉදිරිපත් වෙයි මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබාදිය යුතු බව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ආසියානු හා පැසිපික් කලාපීය අමාත්‍ය අලොක් ෂර්මා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා සිටී. 01 March 2017
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අදහස තවමත් තියෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අදහස රජය කිසිසේත්අතහැර දමා නැතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවක දී ඇමැති රාජිත සේනාරත්න සඳහන් කළේය. 01 March 2017
තෙල්බාලාගේ සිරුර කටුනායකට එවයි ඉන්දියාවට පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියා වාප්පු බාලන් (59) නමැති පාතාලයට සම්බන්ධ බව කියන පුද්ගලයාගේ මළ සිරුර කටුනායක ගුවන්තොටුපළට එවා ඇති බව ගුවන්තොටුපළ ආරංචි කියයි. 01 March 2017
දෙමළ ප්රගතිශීලී සන්ධානයක් දෙමළ ප්රගතිශීලී සන්ධානය ලියා පදිංචි කිරීමට අදාල ලියකියවිලි අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දෙන ලදී. 28 February 2017
බන්ධනාගාර බස්රථවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව බන්ධනාගාරවල සිට පාතාල ප්‍රබලයන් ඇතුළු විශේෂ ගනයේ සැකකරුවන් අධිකරණයට රැගෙන යෑමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දීම කෙරෙහි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. 28 February 2017
බෞද්ධයන්ට වන හිරිහැර නවත්වන්න‘යි තායිලන්ත තානාපතිට සංදේශයක් ලොව විශාලතම බෞද්ධ විහාරයක් වන තායිලන්තයේ ධම්මකාය විහාරස්ථානයට හා එරට ගිහි පැවිදි බෞද්ධයින්ට එරෙහිව සිදුවන හිරිහැර වළැක්වීමට කටයුතු කරන ලෙස එරට රජයෙන් ඉල්ලමින් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත හිමි ඇතුළු එහි සාමාජිකයෝ පිරිසක් කොළඹ විජේරාම මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් සංදේශයක් භාර දුන්හ. 28 February 2017
ගුරුසිංහ ක්‍රිකට් කළමනාකරු තනතුරට එයි 1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අංක 3 පිතිකරුවා වූ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු ලෙසින් වැඩ බාරගැනීමට නියමිතය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඕස්ටේ්රලියාවේ පදිංචිව සිටින අසංක ගුරුසිංහ මහතා සියලු අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගම රැඳී සිටීමට නියමිතය. 28 February 2017
යුද්ධයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි පැවති යුද්ධයෙන් වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට සත්‍ය දැන ගැනීමේ යාන්ත්‍රණය මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් , ඒ යටතේ සත්‍ය දැන ගැනීමේ කොමිසමට අදාළ නීති කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ පැවසීය. 28 February 2017
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026