(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර නගර සභාවේ කළමනාකරණ සහකාරවරියකට පහරදුන් බව කියන ආදායම් පරීක්ෂකවරයකු අද(5) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.
පානදුර නගර සභාවෙන් අනුකූලතා සහතිකයක් ලබාගැනීමට ගිය පුද්ගලයකුගෙන් අදාළ ආදායම් පරීක්ෂකවරයා රුපියල් 50000ක මුදලක් ඉල්ලා ඔහුගෙන් රුපියල් 5000ක අත්තිකාරමක් ලබාගෙන ඇතැයි ද පොලිසිය පවසයි. එසේ මුදල් දුන් පුද්ගලයා එම සහතිකය ලබාගැනීමට අවශ්‍ය නියම මුදල සම්බන්ධයෙන් කළ විමසීමක දී පහර කෑ බව කියන කළමනාකරණ සහකාරවරිය ඊට අවශ්‍ය වන්නේ රුපියල් 3600ක් පමණක් බව කියා ඇතැයි ද ඊට උරණ වූ ආදායම් පරීක්ෂකවරයා ඇයට පහර දී ඇතැයි ද ඇය කළ පැමිණිල්ලේ සඳහන්වේ.
අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සැකකරු ඇප මත මුදා හරිනු ලැබ ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd