(ඉන්දිකා රාමනායක)
කොල්ලූපිටිය 19 වැනි පටුමගේ සිව් මහල් පොලිස් භට නිවාස ගොඩනැගිල්ලක් ඉරි තැලී කඩා වැටීමේ අවදානම් මතුවීම හේතුවෙන් එහි සිටි 300 කට ආසන්න පොලිස් පිරිසකට වහාම ඉවත් වීමට දැනුම් දුන් බව පොලිස් මුලස්ථානය කියයි.
පොලිස් මුලස්ථානයේ රාජකාරි කරන පොලිස් සැරයන් සහ කොස්තාපල්වරු මෙම භට නිවස්නයේ නේවාසිකව සිටිති.
මෙම ගොඩනැගිල්ලට යාබද ඉඩමේ හෝටලයක් ඉදිකිරීමට අත්තිවාරම දැමීම සදහා කැණීම් සිදුකිරීම හේතුවෙන් මෙම පොලිස් ගොඩනැගිල්ල ඉරි තැලී ඇති බව පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.
පැරණි ගොඩනැගිල්ලක් වු මෙම පොලිස් භට නිවාසය වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉක්මනින්ම ඉදිකර දීමට පියවර ගන්නා බවද පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd