(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මේ රටේ සුළු ජාතීන්ට වැඩිම වැඩ කොටසක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය සුළු ජාතීන් අමතක කරමින් කටයුතු කිරීම නිසා තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව ඒ මහතා කියයි.
අද (06) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කිය.
“අද එ.ජා.ප.යේ සිටින සමහර ප්‍රධාන අමාත්‍යවරුන් හා ඇතැම් ප්‍රධානීන් සුළු ජාතීන්ගේ අවශ්‍යතා ගැන හෝ සුළු ජාතීන් නියෝජනය කරන අමාත්‍යවරු ගැන උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ අත්දැකීම මට මගේ අමාත්‍යාංශය තුළම තිබෙනවා. එම නිසා මෙම ක්‍රියාව සුළු ජාතීන් එ.ජා.ප.යෙන් ඈත්වී සුළු ජාතීන්ගේ සහාය එ.ජා.ප.යෙන් දුරස්වන බවකුයි මට හැගී යන්නේ.“
“චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනි ලෙස පත්වීමෙන් පසු කඳුකර ජනතාව වෙනුවෙන් වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයක් නිර්මාණය කළා. ඉන් සුළු ජාතීන්ගේ සංවර්ධන කටයුතු රැසක් කිරීමට හැකි වුණා. අනතුරුව බලයට පත්වුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ පළමු ධුර කාලයේදී සුළු ජාතීන්ගේ දියුණුව සදහා වැඩිපුර මුදල් ලබා දුන්නා. නමුත් එතුමාගේ දෙවන කාලයේදී සුළු ජාතීන් ගැන වැඩි උනන්දුවක් තිබුණේ නෑ.සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න නොහැකි වුණා. ඒ හේතුව නිසා පසුගිය මැතිවරණයේදී එතුමා පරාජය වුණා.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සුළු ජාතිය තමයි සිංහල. සිංහලය ගැන බලන්න කවුරුත් නැහැ.
ඔය වචනේ දැන්වත් නවත්තගන්න. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක සුළු ජාතින් නැහැ. හැමෝම ශ්‍රී ලාංකිකයෝ. සුළුජාතීන්ට කියල අඩුවෙන් හෝ වැඩියෙන් බෙදිල්ලකුත් නැහැ. ඒකනිසා අපි සුළු ජාතින් කියල වැඩියෙන් ඉල්ලුවට ලැබෙන්නෙත් නැහැ. සුළු ජාතීන්ට කියල වෙනම පරිපාලනයක් ලැබෙන්නෙත් නැහැ.
මහින්ද මහත්තය සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා කියන එක විහිළුවක්. එතුමා මුළු රටේම ආරක්ෂාව තහවුරු කළා.
මේ දෙගොල්ලම කලේ සුළු ජාතිය හැමදාම වතුකරයටම හිරකරලා, රවටපු එකනේ ,සමහර දමිල නායකයනුත් මේවට වග කියන්න ඕන ,මමත් වතුකරයේ දේශපාලනය කල කෙනෙක් හැටියට හොද අවබෝධයක් තියනවා, අපේ ආර්ථිකයට, විශාල දායකත්වයක් සපයන දමිල ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැරි වීම ගැන අප කණගාටු වෙන්න ඕන .
ආපහු කරණමක් ලගයි වගේ ....
සුළු ජාතී විතරක් නෙවෙයි. මහ ජාතියත් ඈත්වෙමින් තියෙන්නේ