මැදපෙරදිග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන්වලට කිසිදු බලපෑමක් නැතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියයි. එමෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් පැවසුවේ දෝහා කටාර් වෙත ගමන් ගන්නා සියලු ගුවන් වාර සුපුරුදු පරිදි කෙරෙන බවයි.
“මෙම සිදුවීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් වාරවලට බලපෑමක් නැහැ.මැද පෙරදිග තත්ත්වය ගැන අප සොයාබලනවා.“ යයිද එම ප්‍රකාශකයා පැවසීය.
සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් කටාර් රාජ්‍යය සමග පවතින සියලු සබඳතා සඳුදා (05) සිට අතහැර දැමුවේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම්වලට කටාර් රාජ්‍යය සහයෝගය සපයන බවට චෝදනා කරමිනි. ඉන් පැය කිහිපියකට පසු එමිරේට්ස් , එටිහැඩ්, එයාර් අරාබියා, ෆ්ලයි ඩුබායි සහ ගල්ෆ් එයාර් යන ගුවන් සේවා කටාර් වෙත කෙරෙන සියළු ගුවන් ගමන් අත්හිටවනු ලැබිණ.
මේ සමගම කටාර් ගුවන් සමාගම නිවේදනය කරනු ලැබුවේ තම ගුවන් සේවය විසින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන රටවල් වෙත ක්‍රියාත්මක සියලු ගුවන් ගමන් ද අත්හිටුවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා ලෝකෙ තෙල්වල මිල පොඩ්ඩක් ඉහළ ගිය ගමන් වැඩේ අල්ලලා දානවා.
දෝහා කටාරය ඉතා බුධිමත් නායකයින්ගෙන් සමන්විත ඉතා හොඳ රටකි.
දෝහා කටාර් රජය දැන් සංවර්ධනය වෙමින් පවතී. කිසිවෙකුටවත් එය නවතා දැමිය නොහැක. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සූදානම් වන මෙවැනි අවස්ථාවක... මෙවැනි සම්බාධක පනවා රට අගාධයකට පත් කිරීම සුදුසු තත්වයක් නොවේ. සියලු රටවල් එක්ව මෙය විසඳාගැනීමට සහය දැක්විය යුතුය.