චතුරංග සඳරැස්ගම
අනුරාධපුර - නව නුවර පාරේ හයේ කණුව ප්‍රදේශයේ දී අද අලුයම කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වු අනතුරකින් පොසොන් රාජකාරියේ යෙදී ආපසු යමින් සිටි අනුරාධපුර මුලස්ථාන පොලීසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 79842 බුද්ධික අරවින්ද බංඩාර (29) නම් පොලිස් කොස්තාපල්වරයෙකි.
පොලිස් කොස්තාපල්වරයා ගමන් ගත් යතුරු පැදියේ ගැටුණු බව කියන කැබ් රථය අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් බවත්, එය භාවිත කර ඇත්තේ එම අමාත්‍යංශය භාර ඇමැතිවරියගේ ලේකම්වරයකු බවත් පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අරන් දෙන්න සැප වාහන.... අශ්වයෝ පිටින් යනවා වගේනෙ...
සතෙකුගේ තරම් වත් මිනිස් ජීවිතයට තැකීමක් නොදෙන රටකනේ අපි ජීවත් වෙන්නේ. අසංවර රියදුරන් බහුතරයක් ඉන්න රටක මෙවැනි අනතුරු සිදුවීම් දැන් නොවැළැක්විය හැකි සාමාන්‍ය සිද්ධි බවට පත්වෙලා . ඒවා සාධාරණීකරණයත් වෙලා.
පාන්දරම යන ගමන් අර රාළහාමිගේ ජීවිතේ අරන් ගිහිල්ලනේ... අයියෝ පව් ...
අමාත්‍යාංශ වලට දෙන වාහනවලින් බොහොමයක් භාවිත කරන්නේ,.. ඡන්දෙට දර දිය ඇදපු පිරිසයි... මේ ගොල්ලන්ට මොකටද මෙතරම් සැප වාහන ඉන්දියාවේ දේශපාලකයෝත් ඉන්දියන් වහන භාවිත කරනවා නම්, මෙගොල්ලටත් දෙන්න ඉන්දියන් වාහන....
අමාත්‍යංශ වාහනවල රාජ්‍ය ලාංඡනය සහ අමාත්‍යාංශය කාටත් බලාගත හැකි ආකාරයට පෙන්වන්න.
අවංකව රාජකාරි කල නිලධාරියෙක් වූ බුද්ධික පුතාට නිවන් සුව!
අපේ මැති අමැතිවරු උත්සාහ කරනවා රටේ රියදුරන්ගේ (බස්/ත්‍රි රෝද රථ) විනය හදන්න. ඊට කළින් ඒ අයගේ රියදුරන්ගේ විනය හදාගත්තොත් හොදයි නේද?
බලාගෙන යනකොට පාර්ලිමීන්තුවේ අය වාහන ගන්න සල්ලි ඉල්ලන එකේ වරද්දකුත් නැහැ වගේ. මෙහෙම නිතරම අනතුරු වෙනකොට වාහන පාවිච්චි කරන්න බැරි වෙනවනේ. ලංකාවේ වාහන පැදවීමත් සමාජ තත්ත්වය එක්ක බැඳිලා තියෙන්නේ. ඇමතිලා ඕනෑම වරදකින් බේරිලා ඉන්න පුළුවන් හින්ද තමන්ගේ රියදුරන්ට උවමනා පරිදි හැසිරෙන්න ඉඩ දෙනවා/අනාරක්ෂිත ධාවනයකට පොළඹවනවා. බස්/ ත්‍රි රෝද රථ ත්‍රස්තවාදී පිළිවෙතක ඉන්නේ. ඉවසීමක් නැහැ කාටවත්. කට ඇරියොත් ඉවසීමෙන් සැනසීම ලැබේ කියල තම කියන්නේ. නොසැලකිල්ල, ඉවසීමක් නැතිකම, මහන්තත්වය වගේ දේවල් හින්ද අහිංසකයෝ තම වන්දි ගෙවන්නේ.
අනේ මේ දරුවට වයස 29ක් පේන්නේ නෑනේ... නිවන් සුව ලැබේවා...!
මම අනුරාධපුරේදී දැක්කා මේ කොස්තාපල්වරයා පාරේ රාජකාරි කරනවා. හරි පව් අප්පා. !!!