ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී සිටින අභාග්‍යසම්පන්ත තත්ත්වය සම්බන්ධයෙන් සිත්තැවුලට පත්ව සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් හැකියාවක් ඇත්නම් ඉන්දියාවට එරෙහිව අද (8 වැනිදා) පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලෙස තමන්ගේ හිටපු නායකයා වන කුමාර් සංගක්කාරගෙන් ඉල්ලීමක් කර තිබේ.
මැතිව්ස් මෙම ඉල්ලීම කර ඇත්තේ නිල නොවන ආකාරයෙන් මෙන්ම ඉතාමත් සුහද ලෙසිනි. ඔහුගේ ස්වරයේ රැඳී ඇත්තේද කවට කමට කරන ලද ඉල්ලීමක ස්වභාවයකි.
“මම හැම තිස්සෙම එයාගෙන් එහෙම අහන්න පෙළඹෙනවා. මේ දැන් දවස් දෙකකට ඉස්සරවෙලාත් මම එයාගෙන් ඇහැව්වා අනේ ඇවිත් මේ තරගයටවත් ක්‍රීඩා කරලා යනවාද කියලා....එයා හොඳින්ම ලකුණු අතර ඉන්නවා. අවංකවම කියනවා නම් එයා ක්‍රිකට් ගහන්න ගත්ත දවසේ ඉඳන්ම ලකුණු අතර තමයි ඉන්නේ” යයි ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිව්ස් හෙළිදරව් කළේය.
සම්පූර්ණ වාර්තාව සඳහා http://tinyurl.com/ybkywofo වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වුවමනාවෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කවුරුවත් නැති නිසා ඔය වගේ ඉල්ලීමක් කරන්නම වෙනවා. විහිළුවට කළා කිව්වට ඇත්තටම කරන්නත් කාලය හරි... ඉස්සර අලුත් උදවියට තැනක් නොදී ඉන්නවා කියලා හිතුවට, අලුත් පිරිස හිතාගෙන ඉන්නේ කණ්ඩායමට ආව ගමන් අවුරුදු 10 ක් සෙල්ලම් කල පුද්ගලයකුගේ තත්වයට එනවා කියලා. ඊට පස්සේ අපේ දේශපාලකයෝ වගේ සල්ලි පස්සේ තමයි යන්නේ... තමන්ගේ දක්ෂතාවය වැඩි කරගන්න හරි රට වෙනුවෙන් සෙල්ලම් කරන්න හරි උනන්දුවක් තියෙන්න ඕනේ...
පරිණත එක අයෙක් හිටියා නම් හොඳයි. එ්ත් අපිට කණ්ඩායම නැතිවෙන්නේ මොකද කියන එක ප්රශ්නයක්...
සංගක්කාරලා වගේ දක්ෂයින්වත් ඉවත් කළ අය ඉන්න රටේ අයට පරාජයම තමයි අත් වෙන්නේ...
ක්රීඩකයෝ නිකන් දාං ඉත්තෝ වගේ හැසිරුවාම එයාලගේ මොරාල් එක අඩුවෙනවා. දේශපාලකයන්ට ඕනේ විදිහට ක්‍රිකට් කණ්ඩායම් තේරුවාම අවසානයේ වෙන්නේ ඉතා දුර්වල තත්ත්වයේ කණ්ඩායමක් බිහිවීමයි. එ්කයි දැන් ලංකාවට වෙලා තියෙන්නේ....