(විනීතා එම් ගමගේ)

ග‍්‍රාමිය පෙදෙස්වලට සීමාවී තිබු වකුගඩු රෝගය නාගරික ප‍්‍රදේශවල සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙන ආකාරයක් දැකිය හැකියැයි මාළිගාවත්ත ජාතික රුධිර පෙරණ හා කාන්ද්‍රකරණ රෝහලේ අධ්‍යක්ෂ රත්නසිරි ඒ හේවගේ මහතා පවසයි.

මේ වන විට එම රෝහලට එන රෝගීන්ගෙන් 60% ක් පමණ කොළඹ හා ගම්පහ නගරාසන්න රෝගීන් යැයි හේවගේ මහතා කියයි.
වකුගඩු රෝගය වැළඳුණු මුල් අවස්ථාවේ එවැනි රෝගයක් ඇතැයි බාහිර ලක්ෂණ වලින් සොයා ගත නොහැකි වන අතර රෝග ලක්ෂණ පහල වනුයේ බරපතල තත්ත්වයට පත්වු පසුව යැයි ද අධ්‍යක්ෂවරයා කීය.

එබැවින් නාගරික ප‍්‍රදේශවල වෙසෙන වයස 30 ට වැඩි සියලූ දෙනා වාර්ෂිකව වකුගඩු පරික්ෂාවක් සඳහා රුධිර හෝ මුත‍්‍රා පරික්ෂාණයක් සිදුකර ගැනීමෙන් වකුගඩු රෝග මුල් අවදියේ වළක්වා ගැනීමට හැකි වනු ඇතැයි වෛද්‍ය හේවගේ කීය.
ඕනැම රජයේ රෝහලකින් මෙම පරික්ෂාවන් කර ගත හැකි බව ද හෙතෙම පැවසීය.