
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් මොල්ලිකුලම මනවිල ප්‍රදේශයේදී වියළි මුව මස් කිලෝ 10 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි (කැප් තුවක්කු) 02 ක් සමග සැකපිට පුද්ගලයන් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි.
මුස්ලිම් ජාතිකයන් බව පැවසෙන මෙම සැකකරුවන් පිරිස මොල්ලිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් වනජීවී කාර්යාලය පවසයි.
කිසියම් පිරිසක් කාලයක සිට නීති විරෝධීව රක්ෂිතයට ඇතුළු වී දින ගණන් එහි නැවතී සතුන් දඩයම්කර එම මස් කැලෑව තුළදීම ගිනිමැල ගසා වියළා පසුව පිටතට රැගෙන එන බවට වනජීවී කාර්යාලයට තොරතුරු ලැබී තිබිණ. ඒ අනුව විමර්ශන කරමින් සිටි වනජීවී නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ හදිසි වැටලීමක් කරමින් සැකකරුවන් සමග අදාළ භාණ්ඩ තොගය මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
එහිදී අත් අඩංගුවට ගත් දඩමස් හා ගිනි අවි සමග සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විල්පත්තුව ජාතික උද්‍යානය භාරකරු චමත් ලක්ෂ්මන් පෙරේරා මහතාගේ උපදෙස් මත, විල්පත්තුව වනජීවී අඩවි ආරක්ෂක ඩී.එම්.ටී.ඩී. දිසානායක, මොල්ලිකුලම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව නියාමක වී.ජී.එම්.ටී. ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීම කළහ.

(සටහන සහ ඡායාරූප - කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැත්තේ කිසිම සතෙකුට නිදහසේ ඉන්න හම්බෙන එකක් නෑ.
කොහොමද මුස්ලිම් මිනිසුන් අදාළ වන්නේ මේකට...
කැලේ මැද්දේ ගෙවල් හදන්න දීල සත්තු පරිස්සම් කරන්න පුලුවන්ද? එකත් දීලා තියෙන්න සතුන්ට ආදරේ කරන සෙට් එකකට. කොහොමද ටිකිරි මොලේ?
මෙහෙම රටට විනාසයක් වෙන විදිහට වැඩ කරන්න එපා....
සතෙක් පෙන්නන්න බැරි සෙට් එකට නීති දාලා ඕවා නවත්තන්න බෑ. විල්පත්තුවේ එක සතෙක් නැති කරන කම් ඔය කට්ටියට නින්ද යන්නේ නෑ.. කොහොමත්...
ඔය සත්තු මරන්නේ හලාල් කරලා වෙන්න ඇති නේද? බලධාරීන්ගේ ඇස් ඇරේවා !!!
ඔය කවුරු කොහොම මෙතන බයිලා ගැහුවත්..... දඩ මස් කෑල්ලක් එක්ක හීන් අඩියකට සෙට් වෙන්න තිබුණා නම් එහෙම..., අපේ අයියලා ටික එපාම කියයි ? පිනට මස් ටික දුන්න කෙනා එතකොට කවුරු වුණත් කමක් නැහැ.
සොබාදහම නොදන්න මිනිසුන් ජිවත් වන රටවල් කාන්තාර බවට පත්වේ. තිරිසන් සතුන්ගෙන් පරිසරය විනාශ නොවේ. එ් මිනිසා විසින් පරිසරයත්, සොබාදහමත් විනාසකරයි...
මානව හිමිකම් එකෙන් කොටින්ට මැරුණ අය සමරන්න පුළුවන් කිව්වා වගේ මුස්ලිම් අයට මුවන් මරන්න පුළුවන් කියයිද මන්දා?
මේකටත් බොදුබල සංවිධානයට බනියිද දන්නෑ... කොහොමටත් ඔය විල්පත්තුවේ ඉන්න අයටයි, සත්තුන්ටයි දැන් සෙනසුරු ලබලා ඇත්තේ...
එතකොට මේවා හලාල්ද? නැත්නම් එන පැත්තකට හරවාගෙන මේක කරනවාද?
නරින්ට කුකුල්ලු බාර දුන්න වගේ තමයි විල්පත්තුව ..... බාර දීම. ඉක්මනටම විල් ටිකත් හිඳිලා ගියහම මේ ත්‍රස්තයින් ට සතුටු හිතෙයි. සංහිඳියා පරිසර වේදීන්ට හොඳට නින්දයයි බහුතර අපිට කැලයක් නැති වෙයි. එ්ක තමයි සංහිඳියාව කියන්නේ...
මේ ඉතින් එකක් විතරයි... තව මොනතරම් දේ සිදුවෙනවද? මේ මිනිස්සු පොදුවේ ගත්තම රටට, ගහට, කොළට, සතා සිව්පාවට ආදරේ මිනිස්සු නෙවෙයි. අවාසනාව ඉතින් අපේ රටේ පාලකයෝ මේවා නොදැක්ක ගාණට ඉන්න එකනේ...
සොබාදහම විතරක් නෙමේ, මනුස්සකමත් නැතිව ගිය රටේ, මුවෝ ටික විතරක් බේරුණොත්, ඒකත් ලොකු දෙයක් ?
මේක නම් ලෝකෙටම පිළිකාවක්... ගස්වැල් සතා සිව්පාවෝ මිනිස්සු යන සියල්ල ම විනාශ කරන්න හදන කොට්ඨාසයක්නේ...
මම නම කීයටවත් විශ්වාස කරන්නේ නෑ..මේක මුස්‌ලිම් මහත්වරු කළා කියලා. මේක වෙන කාගේ හරි වැඩක්... මෙහෙම හොඳ මිනිසුන් මුවන් මරයිද?
විල්පත්තුවේ තියෙන අනවසර ඉදිකිරීම් වලින් තරාතිරම නොබලා සියලුදෙනා ඉවත් කළා නම් ඉවරයිනේ...