
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් මොල්ලිකුලම මනවිල ප්‍රදේශයේදී වියළි මුව මස් කිලෝ 10 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි (කැප් තුවක්කු) 02 ක් සමග සැකපිට පුද්ගලයන් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි.
මුස්ලිම් ජාතිකයන් බව පැවසෙන මෙම සැකකරුවන් පිරිස මොල්ලිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් වනජීවී කාර්යාලය පවසයි.
කිසියම් පිරිසක් කාලයක සිට නීති විරෝධීව රක්ෂිතයට ඇතුළු වී දින ගණන් එහි නැවතී සතුන් දඩයම්කර එම මස් කැලෑව තුළදීම ගිනිමැල ගසා වියළා පසුව පිටතට රැගෙන එන බවට වනජීවී කාර්යාලයට තොරතුරු ලැබී තිබිණ. ඒ අනුව විමර්ශන කරමින් සිටි වනජීවී නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ හදිසි වැටලීමක් කරමින් සැකකරුවන් සමග අදාළ භාණ්ඩ තොගය මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
එහිදී අත් අඩංගුවට ගත් දඩමස් හා ගිනි අවි සමග සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විල්පත්තුව ජාතික උද්‍යානය භාරකරු චමත් ලක්ෂ්මන් පෙරේරා මහතාගේ උපදෙස් මත, විල්පත්තුව වනජීවී අඩවි ආරක්ෂක ඩී.එම්.ටී.ඩී. දිසානායක, මොල්ලිකුලම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව නියාමක වී.ජී.එම්.ටී. ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීම කළහ.

(සටහන සහ ඡායාරූප - කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.