තරිදු ජයවර්ධන
තරාතිරම හා දේශපාලන විශ්වාසයන් නොතකා තම ප්‍රියයන්ගේ වෙන්වීම සිහිපත් කිරීම සෑම පවුලක්ම සතු අයිතියක් බවත්, මිය ගිය තැනැත්තා එල්ටීටීඊ සාමාජිකයකු වූයේය යන්න හේතු පාදක කොට ගෙන කිසියම් පවුලක එම අයිතිය අහිමි කිරීම නොකළ යුතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා තිබේ.
ආයුධ සන්නද්ධ අරගලයේ අග භාගයේ දී ජීවිතය අහිමිවූවන් අනුස්මරණය කිරීමට මුලතිව්හි සංවිධානය කළ වැඩසටහනෙන් පසු ආරක්ෂක අංශවලින් එන බව කියන බලපෑම් සම්බන්ධයෙන් එලිල් රාජේන්ද්‍රන් පියතුමන් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාවට ජනාධිපතිවරයාට එලෙස ලිඛිතව දැනුම් දී ඇත.
රාජේන්ද්‍රන් පියතුමා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරමින් කියා ඇත්තේ මෙම අනුස්මරණෝත්සවය ගැන පොලිසිය විසින් විවිධ පොලිස් ස්ථානවලදී සහ නිවසේදී පුන පුනා ප්‍රශ්න කිරීම හිංසාවක් බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ප්‍රකාශිතව පිළිගනු ලබන යාම්ඊම්, භාෂණයේ හා සමාගමයේ ස්වකීය නිදහසට එමගින් බාධා පැමිණෙන බවත්, තම වියපත් දෙමාපියන්ගෙන් ද පොලිසිය ප්‍රශ්න කිරීම නිසා ඔවුන් ද සිත්තැවුලට පත්ව ඇති බවත් ඔහු කළ පැමිණිල්ලේ සදහන් වෙයි.
මේ ගැන අවධානය යොමු කර ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එහි සභාපතිනි දීපිකා උඩගම මහත්මියගේ අත්සනින් ලිපියක් යොමු කරමින් ජාතික ඒකාබද්ධතා හා සංහිදියා අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ස්මරණය කිරීමේ ක්‍රියාකාරකම්වල යෙදීමට අදාල පවුල්වලට ඇති අයිතිය සහ එවන් ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසයි.
තම ප්‍රියයන්ගේ විප්‍රයෝගය ගැන ශෝකවීම සහ ඔවුන් අනුස්මරණය කිරීම සදහා අවකාශය සහ හැකියාව සියලුම ප්‍රජාවන් සතු වීම වැදගත් බව කියන මානව හිමිකම් කොමිසම එවන් ක්‍රියාදාමයකට අවකාශය ලබාදීම මගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස තම අයිතිවාසිකම් භුක්ති විදීමට හැකිය යන විශ්වාසය අදාළ පවුල් තුළ ගොඩ නැගෙන බව ද පෙන්වා දෙයි. එය සංහිදියාව කරයා යන පොදු ගමනේ එක් අංගයක් වන බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ එහෙම වුනත් එංගලන්තේ එහෙම වෙන්නේ නැහැ.
ඔහොම යනකොට ප්‍රබාගේ ඇතුළු අනිත් කොටින්ගේ පිලිරුවවල් හැම තැනම හදල තියෙයි.
මේවට තමයි කියන්නේ "තැලෙන යකඩේ දැක්කහම උඩ පැන පැන තලනවා" කියලා...
පවුලේ අය කියලා ඕක කරන්නේ රට බෙදන්න ඕන කියන අයම තමයි.
ලෝකේ කොයි රටේද එහෙම ත්‍රස්තවාදියෝ සමරන්න කියලා දීලා තියෙන්නේ? ඔච්චර සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ගැන උදම් අනන කිසිම බටහිර රටකවත් මැරුණු ත්‍රස්තවාදීන්ව සමරන්න දෙන්නේ නෑ. කොටින්ම අවුරුදු 50කටත් වඩා ගිහිල්ලත් ජර්මනියේවත්, හිට්ලර්වවත් ඔවුන්ගේ අනුගාමිකයෝවත් සමරන්නේ නෑ, ඔවුන් යුද්දෙන් මලා කියලා.... ලංකාවේ තමයි ඔය මානව හිමිකම්, වරප්‍රසාද, වන්දි ඔක්කොම මැරුණු ත්‍රස්තයින්ට !!!
එහෙනම් මානව හිමිකම් අනුව හිට්ලර්, අල්කයිඩාවරුනුත් සැමරුවාට කමක් නැහැ.
මානව හිමිකම් ඇමෙරිකානු ජනාධිපතිතුමාට කියන්න අල්කයිඩාවත්, හිට්ලරුත් සමරන්න දෙන්න කියලත්...
ප්‍රියයන් නෙවෙයි කවුරු වුණත් ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදින්මයි. හිතලා බලන්න, බ්‍රිතාන්‍යය ඉඩ දෙනවද කිසි දවසක බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන ත්‍රස්තයින්ව සමරන්න ඒ පවුල් වලට? වෙන එකක් තියා ඒ පවුල් වල උදවියත් කරන්නේ ඒ අයව හෙලා දකින එකයි ප්‍රසිද්ධියේම - සමරන එක නෙවේ. සමරන්න අවොත් පවුල් පිටින් අල්ලලා දානවා හිරේ. මේ ඔය පරම සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියන බටහිර රටවල. අපේ රටේ ඒ වුණාට ත්‍රස්තයෝ සමරන්න දෙන්නලු, කවුද මේ මානව හිමිකම් කාරයෝ? විශ්ව විද්‍යාල සිසුන්ට ගහද්දි ඇස කන් පියන් සද්ද නැතුව ඉන්නද?
උතුරේ මානුෂික මෙහෙයුමේ අවසානයේ බයේ මැරුණු සියලු දෙනා කොටි මිස වෙන කව්රුන්ද? කොටි ත්‍රස්තවාදින්ව සමරන්න කිසිම මානව හිමි කමක් වත් නීතිමය හිමිකමක්වත් කිසිම ලංකාවේ පුරවෙසියෙකුට අයිතියක් නැහැ. මම හිතනවා මේක කොටි ත්‍රස්තවාදීන්ව සමරන්න හදන උපක්‍රමයක් මිස වෙන කිසිම දෙයක් නොවෙයි. අපි කව්රුත් හොඳින් දන්නවා කොටි ත්‍රස්තවාදීන්ට සමහර පල්ලි උදව් කරපු හැටි. මම මේ වෙලාවේ මතක් කරනවා කොටි ත්‍රස්තවාදීන් අහිංසක මිනිසුන් මරනකොට සහ ගෙවල් වලින් බලහත් කාරයෙන් ඉවත් කරන්න ක්‍රියා කරපු හැටි. එ්ක නිසා මම හිතනවා මොවුන්ගේ විනාශකාරී වැඩපිළිවෙළවල් වලට දෙමළ ජනයාවත් ආණ්ඩුවේ බලධාරින්වත් රවට්ටගන්න බැහැ කියලා...
අප්‍රේල් 5 වැනිදා තිබෙන විරු සැමරුම ගැනත් මේ විදියට සලකා බලන්න වේවි !!! ඒ අයවලුත් රට වනසපු ත්‍රස්තවාදීන් නේද ?
ඇමෙරිකාවේ ඔසාමා බින් ලාඩන් සමරන්න දෙනවාද? කියලා දීපිකා නෝනගෙන් අහල කියනවද?
මහවිරු දිනයේම, කොටි කොඩිත් එක්ක, මැරුණු ත්‍රස්තවාදීන්ගේ නම් එක්ක ..... කොටි නෙවෙයිලු...
ජනපතිතුමනි, කොටි සංවිධානයට සම්බන්ධ වී මියගිය සියළුදෙනා දේශද්‍රෝහීන් හා රාජ්‍යය විරෝධීන් ලෙස ප්‍රකාශයට පත්කරන්න. ඔවුන් සැමරීම දේශද්‍රෝහී, රාජ්‍ය විරෝධී කාරණයක් බව ප්‍රකාශයට පත්කරන්න. ඔවුන් සැමරීමට අවශ්‍යයයැයි කියන අය රටින් ඉවත් කරන්න.
එහෙනම් බින්ලාඩන් ව සහ මැරෙන අයි. එස්. අයි. එස්. වගේ අයවත් සමරන්න පුළුවන් ලංකාවේම...
ඒක ඇත්ත, මළවුන් සිහි කිරීම ඔවුන්ගේ ඥාතීන් ගේ අයිතිවාසිකමක්, හරිනම් මෙය ජාතික වැදගත්කමක් ඇති දෙයක් විය යුතුයි. දරුණු සිවිල් යුද්ධයක් අවසානයේ නියම සංහිඳියාවක් බලාපොරොත්තු වෙනවා නම් පරාජිතයා කියල පාගාගෙන ඉන්න හොඳ නැහැ. එහෙම වුනාම ඒ වේදනාව නිකම්ම කාලය ගතවුණා කියල යටපත් වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනෑ ඔවුන් සටන් කලේ නිකම් ආසාවකට නොවෙයි, මෙතරම් දිගු කාලයක් සටන් වැදුනෙත් මරණය දක්වාම සටන් කලෙත් ඒ නිසයි, අපි ඒක තේරුම් අරගෙන, තාවකාලිකව යටපත් වෙලා තියෙන ජාතික ගැටළුවට දේශපාලන විසඳුම් දෙන්න ඕනෑ. එහෙම දේශපාලන විසඳුම් නොලැබුණාම ආයෙත් අනාගතේ දවසක මේ යුද්ධය එනවා මයි. මේ ගැන විරෝධතා දක්වන අය තමන්ගේ හදවත මෙන්ම බුද්ධියත් එකවර භාවිතා කර මේ ගැන සිතිය යුතුයි.
අනුස්මරණය කිරීම මිනිස් අයිතියක් වුණත් මේ අය විප්ලවීය අරගයක් කල රටේ ත්‍රස්තවාදී කොට්ටාශයක්නේ. ලෝකේ කොතනද රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ ත්‍රස්තවාදීන්ව අනුස්මරණය කරන්න. පේනවනේ අද බලවත් කියන රටවලට අත්විඳින්නට ලැබෙන ඉරණම...
ඔව් ඉතින් ජේ. වී. පී. ය විරුවන් සිහිකරන්නේ මොකද? එ් කළෙත් ඒව්වාමනේ...
මේක පුද්ගලිකව සැමරුවට අපිට ප්‍රශ්නයක් නැහැ. ලොකු උත්සව තියලා ත්‍රස්තවාදීන්ව සමරන්න දෙන්න බැහැ.
වෙන්වූ ප්‍රියයන් සිහිකිරීමේ අයිතිය සැවොම අවිවාදයෙන් පිළිගන්නවා. නමුත් අයුතු ජනරාශි සමග කොටි ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ නොදිය යුතුයි. මෙය දේශපාලන න්‍යාය පත්‍රයක්...
මලවුන් සිහිකිරීම ඔවුන්ගේ අයිතිවාසිකමක් නමුත් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක මියගිය අය විරුවන් ලෙස සැමරීම නම් බරපතල වරදක්. මෙය පටු දේශපාලන වාසි ලබාගැනීමට ජනතාව පොළඹවන දමිළ නායකයන් අතළොස්සකගේ ක්‍රියාකලාපයක් බවද ප්‍රකාශ කළ යුතුමය.
කොටි පාලනයෙන් මිදිලා පලා යනකොට ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාව මරා දැම්මා. ඔවුන් අපගේ පුරවැසියෝ... ඒ පවුල් වලට ඒ අය සමරන්න බැරිද? පුද්ගලිකව..
පෞද්ගලිකව සැමරීමේ වරදක් නැහැ. එ්ත් එල්.ටී.ටී.ඊ. එකට නැවත පණ දීමේ අරමුණින් කරන සැමරිම්වලට ඉඩදිය නොහැකියි. එල්ලා මරපු පුද්ගලයෙකුගේ මිනිය වළලා, එහි පස්වලින් වැටියක් වගේ ඉස්සිමටවත් අවසර නැහැ. නීතිය එසේ තිබියදී අහිංසකයන් දහස් ගණන් මරපු ත්‍රස්තවාදීන්ව සමරන්න පුළුවන්ද?
ඔහොම වෙයි කියලා අපි හිතුවේ නැහැ. ඇත්තමට බලද්දී අපි පාලකයා කියා පත්කළේ කාවද ?