ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද(8) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි පවසයි.
වසරකටත් වැඩි කාලයක් ඔහු රෝගී තත්ත්වයෙන් පසු වූ අතර අවසන් කාලයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
මිය යන විට ඔහු 47 වැනි වියේ පසුවිය.
සුදු මල් පොකුරක් අතින් දරා, වෙරළ කොනක, සඳරේණු වෑහෙනා, මා හඬවලා, කැලෑ මලේ කොහේ ගියාදෝ, මා එදා කියූ දේ, මහද ප්‍රේමාදරේ, ඔබ හා ගෙවූ අතීතේ, ඔබ පෑ පෙම් සිනා, සීගිරියේ කුරුටු ගීත ලස්සනයි, සමුගන්න සමුදෙන්න නම් ආදී ගීත ගණනාවක් ගායනා කර ඇති ප්‍රින්ස් උදය ප්‍රියන්ත අවසන් කාලයේ දැඩි අසනීප තත්ත්වයේ පසුවූ අතර ඔහුගේ සොයුරියගේ රැකවරණ මැද ජීවත් විය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පවුලේ ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි රජයේ රෝහලකට නොයන්නේ? මෙච්චර කල් උපයපු සල්ලි කෝ? රක්ෂණයක්වත් නැද්ද? යනාදී එකී නොකී ප්‍රශ්න අහපු කට්ටියත් දැන් ඉතින් දුක් වෙයි. බලන්න පුළුවන් අවමංගල්‍ය උත්සවයට ඉන්න කට්ටිය. ඔබට නිවන් සුව !!!
මතු උපදින කිසිදු ආත්මයක මෙවන් දුකක් නොවේවා.... වෙරළ කොනක හිඳ ඔබ එන තුරා බලා හිදිමි !!!
අනේ පව්.. ඔබට නිවන් සුව ප්‍රින්ස් අයියේ... අපිට ඔබ නැති පාඩුව තදින්ම දැනෙයි...
මෙතුමාගේ ඉතාමත් ජනප්‍රිය සඳ කුමාරියක් දීගෙක යන දා... යන ගීතයට මහත් අපහාස වන ස්වරුපයෙන් එක්තරා පුද්ගලයෙක් කතා කළා. නමුත් මම නම් ඒ ගීතයට හරිම ආසයි.
ප්‍රින්ස් ඔබට නිවන්සුව!!!. මමත් මගේ තරුණ අවධියේදි ඔබගේ ගීතවලට ප්රියකලා. සසර වසනාතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.!!!
ඔබට නිවන් සුව ලැබේවා !!!
ගායන ලොවේ කුමාරයාණෙනි ඔබට මොක් සුව ......!
ආදරණීය ප්‍රින්ස් ඔබට නිවන්සුව ලැබේවා !
මිනිස්සු අඩු වයසින් මැරෙන්නේ වස විස නිසා...
ඔබට නිවන් සුව! හරිම කණගාටුයි
මතකය අතරේ අප තනි කෙරුවේ නැවත නොයෙන්නට ගිය ගමනේ ඔබට නිවන් සුව
කණගාටුයි. ඔබට නිවන් සුව ලැබේවා !
ඔබට නිවන්සුව ලැබේවා!!!!!!
නිවන් සැප ලැබේවා....!!!
මතකයට එක් කල සොදුරු ගීත සේම ඔබද සරල සුන්දර මිනිසෙකි. මමද ඔබට සසර සරණ තුරාවට මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියා පතමි
මම ඔබගේ ගීතවලට හරිම ආසයි. ඔබට නිවන් සුව! හරිම කණගාටුයි...
ආදරණීය සහෘදයාණෙනි .... ඔබේ හඬ සදා අමරණීයයි..... ඔබට නිවන් සුව !!!