විනීතා එම් ගමගේ
අනුරාධපුර වන්දනාවේ යන පිරිස්වලට විකීණීමට ගෙනයමින් සිටි නීති විරෝධී මත්පැන් පැකට් 400 ක් හා මත්පැන් පෙරීමේ උපකරණ සමඟ පුදගලයින් සිව් දෙනෙකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර දී අත් අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව ඇත.
නීති විරෝධී මත්පැන් පැකට් තිහක් සමඟ එක් පුද්ගලයකු මුලින්ම අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහු විසින් තැන තැන සැඟවූ තවත් මත්පැන් පැකට් තොගයක් ද සොයාගෙන ඇත.
ඔහුගේ හෙලි කිරීම්වලට අනුව මෙම මත්පැන් පෙරන ලද තවත් තිදෙනෙකු ද ඔවුන් විසින් මත්පැන් පෙරීමට ගන්නා ලද බැරල් පහක් දඟර තුනක් ඇතුළු ආම්පන්නද අත් අඩංගුවට ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොසොන් දවසේ දන්සැලක් දෙන්න යනවා වෙන්න ඇති !!!
මේක තමා ආත්මික සංයමයක් නැති, බාහිර ආමිස පුජා පස්සේ යන ආගමක් අදහන්නවුන්ගේ ක්රියා පටිපාටියයි.
ආණ්ඩුව දේශීය කර්මාන්තකරුවන්ට අත දෙනවා කියනවා නේද?
ඕකනේ ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමා කිව්වේ.... අරක්කු මිල අඩුකරන්න කියලා.