(උපාලි ආනන්ද)
අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට රියදුරු බලපත‍්‍ර නෙමැතිව වෑන් රථයක් පැදවූ බව කියන හිමිනමක් අද (9) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය කියයි.
වෑන් රථයේ සිටි අනෙත් පුද්ගලයාටද රියදුරු බලපත‍්‍රයක් නොමැති බවට පොලිස් පරික්ෂණවලදි හෙළි වී තිබේ.
වෑන් රථයේ අයිතිකරු කාන්තාවක බවද හෙළිවී ඇත.
අනුරාධපුරයේ පොසොන් වන්දනාවේ ගොස් ආපසු පැමිණෙන අතරතුරදී ඒ හිමියන් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
මෙරට භික්ෂූන් වහන්සේලාට වාහන පැදවීමට හෝ රියදුරු බලපත‍්‍ර ලබා ගැනිමට තවමත් නීතියෙන් අවකාශ සැලසී නැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න කණගාටුයි, වර්තමානයේ උතුම් චීවරයත්, එක්තරා පිරිසක වස්ත්‍රයක් වෙලා?
හොඳට බීලා එළවලා පදිකයන් යට කරලා උසාවියෙන් දඬුවම් ලබාපු අපරාධකරුවන් චීවරයට මුවා වී ජාතියේ මුර දේවතාවුන් වෙන්න හදන රටේ මේක සුළු දෙයක්....
මේකේ දැන්වීම් දාන එක නතර කරන්න බැරිද? කියවන්නත් අමාරුයිනේ...
එහෙනම් දැන් මේ හාමුදුරුවන්ටත් පුළුවන් බෞද්ධ සංවිධානයක් හදා ගන්න. ඉන් හිත වුවද සමනය කරගන්නට හැකි වේවි. කිසිදින කිසිවෙකු ඔය සිදුවීම ගැන වුවද කතා නොකරාවි.
මේ පුද්ගලයා හිමි නමක් වුණේ කොහොමද ? මේක වරදක්...
අපේ රටේ සිල්වත් භික්ෂූන්ටත් හොඳ මදි... මේ නිසා භික්ෂු විනයක් ඉක්මනටම රටටම මහනායක හාමුදුරුවරු හඳුන්වලා දෙන්න ශාසනය විනසකරන අය ඉවත් කරමු...
කහ සිවුරු හැඳගත් පුද්ගලයකු ටික කාලෙකට ඉස්සර බීමතින් වෑන් එකක් එළවලා ලොරියක හප්පලා බේරිලා ඉන්නවා නේද ? ප්‍රසිද්ධ කෙනෙක්ලු නේද ?
වලංගු බලපතක් ඇත්නම් නිතියෙන් ගැටළුවක් නැත.
මෙරට භික්ෂූන් වහන්සේලාට වාහන පැදවීමට හෝ රියදුරු බලපත‍්‍ර ලබා ගැනිමට නීතියෙන් අවකාශ සැලසිය යුතුය.
මෙහි අදහස් දක්වා ඇති සියල්ලන්ම කිසිම බුද්ධිමත් අදහසක් ප්‍රකාශ කර නැත.
අයියෝ හාමුදුරුවරු වාහනත් එළවනවාද?
ගමන අතරමගදී රියදුරු බරපතල ලෙස අසනීප වුණා නම් වෙනත් කෙනෙකුත් නැත්නම් රෝගියාට මැරෙන්න දීලා බලාගෙන ඉන්නවද බලපත්‍ර නොමැතිව හෝ වාහනය ගෙනියනවද හිතන්න වෙනවා නේද? මොකද වුනේ අපි දන්නේ නැහැනේ ...
මෙවැනි අයට හාමුදුරුවරු කියන්න එපා...
අපි පොඩි කාලේ අහල තියෙනවා ගිහි ගෙය කල කිරිලා වන වාසයට ගිය තාපසයෙක් ආපසු අඹුවක් අරගෙන ගිහි ජීවිතේ ට ම හැරුණු විදිය ගැන අපූරු කතාවක්, මේ විදියටම අනාගතේදීත් මේ රටේ සිදුවෙනවා ඒකාන්තයි. දැන් යන විදියට පෙනෙන්නේ එයයි, පන්සල් කිව්වාම අද අපිට මතක් වෙන්නේ දම්වැල් දාල ගැටගහල ඉන්න අලි ඇතුන්, සුපිරි රථවාහන, දේපළ ධනය නොවේද? මහා විශාල වශයෙන් වියදම් කරන පිංකම්, දැවැන්ත බුදු පිළිම විහාර මන්දිර නොවේද? ඇත්තටම පැවිදි ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ මේවාද? ගිහියෙක් පැවිදි වෙන්නේ, මෙතෙක් ගත කල බැඳීම් සහිත ගිහි ජීවිතේ අත ඇරලා, අඹු දරුවන්,දෙමාපියන් ආදීන් සමග සියළුම සම්බන්ධකම් අත ඇරලා. එත්, අද ඉන්න පැවිද්දන් ගත කරන අධි සුඛෝපභෝගී ජීවිතේ දැක්කම ගිහි අපිටත් හිතෙනවා පැවිදි වෙන්න,
අපි ඔන්න ඔහේ වාහන පදවන්න බලපතක් දෙමු පස්සේ කසාදයක් කරගන්නත් අවසර දෙන්න බැරියැ..
මම දන්නා තරමට සංඝයා වහන්සේලා විවේචනය කිරීම ගිහියන්ට හොඳ දෙයක් නෙමෙයි. තවද රියදුරු බලපත්‍ර සංඝයා වහන්සේලාට ලබාගැනීමට රජය අවසර ලබාදිය යුතුයි. ඒක කාලීන අවශ්‍යතාවයක් ලෙසයි මම නම් දකින්නේ...
" චරථ භික්ඛවේ චාරිකං" කියපු එක අකුරටම පිලිපැදලා වගේ...
උතුම් ලොව් තුරා නිවන් සැප බලාපොරොත්තුවෙන්, ගිහි ජීවිතයේ සියළු සම්පත් අතහැර පැවිදි වෙන උතුමන්ට සුක්කානම් කරකැවීම සඳහා බලපත් නිකුත් කිරීම හෝ වාහන පැදවීමට නීතියෙන් ඉඩ නොදිය යුතුය. එසේ ඉඩ දුන හොත්, දිනක මොවුන් සිව්රත්, පාත්‍රයත් පන්සලේ තබා, වටාපත වෙනුවට ලොරියක හෝ බසයක සුක්කානම අතට ගන්නවා ඇත. වෑන් රථයේ අයිතිකරු මොකද මේ හිමි නමට වාහනය දුන්නේ? ඒ පුද්ගලයාත් නීතිමය ගැටලුවකට මුහුණ පානවා නොවේද ?